දකුණු සුඩානයේ 70%ක තෙල් නළ පද්ධතිය වසර 50කින් කොළඹ හරහා චීනයට රැගෙන යාමේ යටි අරමුණින් චීනය කොළඹ ගාලූ මුවදොර මුහුදු නගරයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතා වව්නියාව කුරුමන්කාඩුවේ පක්‍ෂ කාර්යාලයක් විවෘත කරමින් කීවේය.
මුහුදු නගරයක් කියන්නේ ලොව බලවත්ම රටවලටත් මෙන්ම ප‍්‍රාන්ත රටවලටත් අනතුරු දායක දෙයක් චීනය මෙම ප‍්‍රදේශවලට ඇවිත් තම පාදය ඉතා ගැඹුරට තියලා මෙච්චර ඉඩ ප‍්‍රමාණයක් අරන් යුවාන් කෝටි ගණනක් මුදල් ආයෝජනය කර එමඟින් නගරයක් ස්ථාපිත කරන්නේ ඇයි? ඇමරිකාව සහ ඉන්දියාව මේක සුළු කොට සලකන්නේ නැහැ මේක හොඳ දෙයක් කියලා යුරෝපීය රටවල් හිතුවෙ නැහැ. ඒ අය දීර්ඝව කලපනා කළා. ආයුධයක් නැතිව ලේ වැගිරීමක් නැතිව ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පරාජය කිරීමේ න්‍යාය පත‍්‍රයක් ඒ රටවලට තිබුණා ඒ සඳහා අප භාවිතා කළා නොවේද? මේ පිළිබඳව වත්මන් රජය ගැඹුරින් සිතිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයේදී අපිට උදවුකළ රටවල් දැන් අපිට හොඳ නැතිවෙලා (නි)
චීනය කියන්නෙත් දුප්පත් රටවල් හුරාගෙන කන බලවතෙක් තමයි. එයාලා ලංකාවත් හුරාගෙන කන්න තමා හදන්නේ.අපේ රටේ අදායමෙන් ලොකු පංගුවක් දැනටම එයාලා අරගන්නවා. (නි)
චීනය අපිට හිතවත් බෞද්ධ රටක්. නළ වලින් තෙල් අරගෙන ගියාට අපිට කරදරයක් නැහැනෙ. දැන් ඉරානය ඇවිල්ලා උමා ඔය ව්‍යාපෘතිය කරන්න ගිහින් වෙලා තියෙන දේ පේනවා නේද? ඉහළ ප්‍රදේශ වල ජල උල්පත් හිඳිලා ගිහින්. ඒවා ගැන කවුරුත් කතා නැහැ. (නි)
සෙනෙවි , කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරුන කෙනෙක් නම් හිටියා. හැබැයි එයා දැන් ඇමතිතුමෙක් නෙමෙයි. එයාට ඉතින් කාටහරි කිවිසුමක් ගියත් ඒක බටහිර කුමන්ත්‍රණයක් තමයි. (නි)
එකපාරක් වරද්දාගත්තා ඉන්දියාවට පිටුපා ඇමරිකාව බදාගන්න ගිහින්. මුළු ජාතියම අවුරුදු 35 විතර වන්දි ගෙවුවා ජීවිත දේපළ වලින් පවා. දැන් උත්සාහ කරනවා ඉන්දියාවේ කරෙන් ඇමරිකාව අල්ලන්න.බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඡන්දයට පෙර 95% පෝර්ට් සිටි එකට කැමති නැහැ. දැන් කැමතියි. අදහස් බැලුවහම ඒක පේනවා. මොකද්ද මේකට හේතුව? (නි)
සෙනෙවි, ඔය අහවල් ඇමතිතුමාගේ කටින් පිටවුණ දෙඩවිලි විශ්වාස කරන උදවිය තවමත් ලංකාවේ ඉන්නවානේ හැබෑටම! (නි)
ඉතින් අප්‍රිකානු තෙල් ඇමෙරිකාවට සහ යුරෝපයට විතරද ගන්න පුළුවන්? චීනය ගත්තට අපිට මොකෝ.අනික අපේ රට හරහා තෙල් නළ යනවා නම් ඒකෙන් අපිටත් ගන්න පුළුවන්නේ. (නි)
චීනය කියන්නේ වර්තමානයේ ලෝකයේ රටවල් අතරින් වැඩිම වෙළඳ ශේෂයක් හිමි රටයි.වෙළඳ ශේෂය වැඩිවෙන්න වැඩිවෙන්න රටක ආර්ථිකයට වෙන හානිය ආර්ථික විද්‍යාව දන්නා අය දන්නවා. ඉතින් එහෙම රටවල් තම රටවල අතිරික්තය වෙනත් රටවල ආයෝජනය කරනවා. එමඟින් වැඩි ලාබයක් බලාපොරොත්තු නොවන අතර වෙළඳ ශේෂයේ අතිරික්තය මඟින් වන ආර්ථික හානිය අවම කිරීම තමා ප්‍රමුඛ අරමුණ. ඉතින් බටහිර හා වෙනත් ආයෝජන බැංකු මඟින් ණය දෙන්න අකමැති කරුණු සඳහාත් චීනය අපට ණය දුන්නා. ඉතිං අපි නැතිවුණා කියලා චීනය එයාලගේ ආර්ථික කරුණු නැති කරගන්නේ නැහැ. එයාලා එයාලගේ ආයෝජන වඩා උපායශිලී අයුරුන් තෝරාගත් රටවලට අරගෙන යයි. (නි)
ලංකාවට විරුද්ධව යුද අපරාධ ගෙන ආ හැම වේලාවකම චීනය ලංකාවට සහාය දුන්නා. (නි)
යුද්ධයට උදවු කළේ චීනය විතරද? (නි)
රුවන් අහවල් හිටපු ඇමතිතුමා කීවා කියන පලියට එහෙම ඒවා නැතිවා නොවෙයි. දැන් බලන්න ලෝක වෙළද පලේ බොර තෙල් මිළ අඩු කරන්නේ කවුද කියලා. ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොවේද? (නදී)
චීනය අපිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ කොන්දේසි විරහිතව සහාය පළකළා. මතක හැටියට දෙසැරයක්. අපිට චීනය ඕනෑමයි. ඔය අනෙක් කිසිම රටක් යුද්ධය වෙලාවේ අපිට උදවු කළේ නැහැ. චීනය රුසියාව තමා අපිට උදවු කළේ. කොහොමත් ඇමෙරිකාව කරන්නේ රටවල් කඩලා විනාශ කරන එක. (නි)
කීර්ති, චීනය "බෞද්ධ" රටක් කියන එක ගැන තව ටිකක් හිතා බලන්න. (බ)
මෙයාලා ඉන්දියානු ව්‍යාප්ත වාදය තහවුරු කරන්න ටීඑන්ඒ කාරයෝ පේන කියනවා. (ස)
චීනය තෙල් නළ ගෙනගියාට අපිට ඉඩම් නැතිවෙන්නෙ නැහැනේ. යුද්ධය වෙලාවේ අපිට ඔය ඇමරිකාව මොනවද කළ උදවු? (නි)
චීනයේ ඇත්ත කෙරුවාව ඔය කවුරුවත් දන්නේ නැතුවා වගෙයි (නි)
චීනය අපිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ කොන්දේසි විරහිතව සහාය පළකළා. මට මතක හැටියට දෙසැරයක්. එහෙම නොකළා නම් අද අපේ රට තවත් ඉතියෝපියාවක්. (නි)
දමිත්, නැහැ. චීනය විතරයි උදවු කළේ. ඔයා ඊයේ පෙරෙයිදා මැරිලා ඉපදුනාවද්ද? (නි)
අපි ශතවර්ෂ එකහමාරක් සුද්දාට යටවෙලා හිටියා.චීනය කිසිම රටකට බලපෑම් කරලා නැහැ. නමුත් ඔවුන් දුප්පත් රටවලට කොන්දේසි නැතුව උදව් කරනවා. (නි)
චීනය ලංකාවේ හොඳම මිතුරා. (නි)
ඔය මුහුදු නගරය ඉතා හොඳ වැඩක්. සංචාරක ව්‍යාපාරය සහ අපේ ආර්ථිකය ඉහළටම යන ව්‍යාපෘතියක්. (නි)
කොහොමත් මේ වරාය නගරය ඉදිකිරීම වහාම නැවැත්වීම අපිට හැමඅතින්ම සුබදායකයි. (නි)
ඔය කතාව සුළුකොට තකන්න එපා. (නි)
මේ වැඩසටහන ලංකාවට හොදක් වෙිනවාද කියලා පලමුව බලන්න. ලංකාවට තනියනේ කරන්න බැරිනමි කාගේ හරි උදවුවෙන් කලාට කමක් නැහැ කියලයි මගේ අදහස. (ර)
මෙවන් නගර ලෝකයේ ඉතාම ජනප්‍රියයි. ඉතාම ආකර්ශනීය ආකාරයකටයි මෙම නගර නිම වෙන්නේ. කුහක ඇසින් නොදැක, බොන්නට ගන්නා ජල බඳුනේ කිඹුලන් නොදැක, සිටීමට තරම් අප දැක්ම දියුණු කරගත යුතුයි. රටේ භෞමීක අඛණ්ඩතාව රැක ගැනීමේ දූරධර්ශී සැලසුමක් විදිහටත් මෙම ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. (ර)
අපිට චීනය ඕනෑමයි. ඔය අනෙක් කිසිම රටක් යුද්ධය වෙලාවේ අපිට උදවු කළේ නැහැ. චීනය රුසියාව තමා අපිට උදවු කළේ. කොහොමත් ඇමෙරිකාව කරන්නේ රටවල් කඩලා විනාශ කරන එක. (නි)
අපිට මොකද වුණේ කියලා විතරක් නෙමෙයි, දැන් මොනවද වෙමින් පවතින්නේ කියලාවත් අපේ බහුතරයකට තේරුම්ගන්න බැහැ. (නි)
චීනය තෙල් නළ පද්ධතිය හැදුවහම අපිට මොකද? සමහරවිට අපිටත් ඒ තෙල් ටිකක් ලැබිලා තෙල් මිල තව ටිකක් අඩුවෙන්නත් පුළුවන්. එහෙම වුණේ නැහැ කියමු. දැන් එතකොට කියන්නේ අපිට ඉන්දියාවටයි අමෙරිකාවටයි ඕනෑ විදියට ඉන්න කියලද? අපිට හොඳක් වෙනවා නම් චීනය තෙල් නළ ගහගත්තහම මොකද? මම නම් කියන්නේ ලංකාවට හොඳක් වෙනවා නම් ඔය එක රටකවත් න්‍යායපත්‍ර අපි සැළකිල්ළට ගතයුතු නැහැ. (නි)
චීනා පරංගියා කෝට්ටේ ගියා වගේ වැඩකරයි කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
යුද්ධය වෙලාවේදී අපි සමඟ සිටියේ කවුද කියන එක සමහරුන්ට අමතකවීම ගැන දුකයි. (නි)
රට දියුණු වෙනවට කැමති නැති අය එක එක කතා කියනවා. අපිටත් කියන්නේ ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕනෑ විදියට ඉන්න කියලද? (නි)
එයාලා පුදුම විදියට දැන් රටට ආදරෙයි වගෙයි! (නි)
ඔය කියන කතාව සහතික ඇත්ත. (නි)
ඉන්දියන් අය වටේ ඉන්න කිසිම රටකට දියුණුවෙන්න දෙන්නේ නැහැ. (නි)
බලාගෙන යනකොට අර අපේ අහවල් ඇමතිතුමා කියන බටහිර කුමන්ත්‍රණ කතාවේ ඇත්තක් නැත්තෙත් නෑහැ වගේ. (නි)
කවුරු වුණත් කියන කතාව ඇත්ත. චීනයට ඕනෑ ඔවුන්ගේ රට ගොඩනඟන්න. අපිට ලැබෙන දෙයක් නම් ඒකත් ණයට. (නි)
රනිල් මහත්තයා ඡන්දයට කලින් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා ඡන්දෙන් පසු එතුමාලගේ ආණ්ඩුවක් අවොත් අනිවාර්යයෙන් මේ නගරය සැදීම නවතනවා කියලා.දැන් එහෙම කරන්න පුලුවන්ද? (නි)