කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ ගැන ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි අභියාචනාධිකරණය අද(07) නීතිපතිට දැනුම්දුන්නේය.
අභියාචනාධිකරණය මෙසේ දැනුම් දුන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු රිට් පෙත්සමක් අද(7) කැඳවු අවස්ථාවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා නව පාරිසරික වාර්තාවක් සකස් කොට එය ඉදිරියේදී අධිකරණයට ලබාදීමේ හැකියාවක් පවතින බව කීය.
එසේම එම වාර්තාව සැකසීමේදී මහජන අදහස් විමසා බැලීමට සූදානම් යැයිද ඔහු කීවේය.
සැප්තැම්බර් 09 වැනිදාට නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන්, මෝඩ කතා කියන්න එපා. අපිට ඇමරිකාවත් ඕනෑ. චීනයත් ඕනෑ. යුරෝපයත් ඕනෑ. ලෝකයේ හැම රටක් එක්කම සුහදව සමානව වැඩකරන්න ඕනෑ. එතකොටයි රටකට ලෝකේ පිළිගැනීමක් තියෙන්නේ. අපගේ විදේශ ප්‍රතිපත්ති දුර්වල නිසා තමයි පසුගිය වසර 10 තුළ ලෝකෙන් ප්‍රශ්න ගොඩනැඟුනේ. (නි)
හොරු බොරු නැති රටක්. විජයග්‍රාහී ගමනක්.එක්වන්න අප සමඟ..... (නි)
සිල්වලා කොහොමත් පෘතුගීසිනේ. මේ රටට විනකටින්න එන කෙනාටත්, සෙත් කරන්න එන කෙනාටත් දෙන්නටම එක වගේ සළකන්නද කියන්නේ. ඇමරිකාව ප්‍රමුඛ යූරෝපීයයන් අපට ආදරේට දෙන දෙයක් නැහැ. ඔරුවල වානේ කම්හල, කැලණි ටයර් කම්හල,පූගොඩ රෙදි කම්හල සෝවියට් දේශයෙන් ලැබුණ තෑගි.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, නෙලුම් පොකුණ චීනයෙන් ලැබුණ ඒවා. ඔය යුරෝපා ජාතීන් අපිව සූරාකෑවා මිස අපිට කිසිවක් දුන්නේ නැහැ. දුන්න එකම දෙය ජාත්‍යන්තර ණය උගුල. මේවා නොදන්නා වත්මන් ෆේස්බුක් කොල්ලෝ පාට පාට අතර ඇස් හිරකරගෙන සෑබෑව දකින්න උත්සාහ කරන්නේ නැහැ. (නි)
ඇමරිකාවට රට උගස් තියන්න යන අයට චීන ප්‍රොජෙක්ට් දිරවන්නේ නැත. ඉදිරි මාස 60 රනිල් පාලනය කලොත් බලමු ඇමරිකාවට ත්‍රිකුණාමලය දෙන හැටි කඳවුරු ගහන්න (නදී)