IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පෝට් සිටි නඩුව කල් යයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ ගැන ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි අභියාචනාධිකරණය අද(07) නීතිපතිට දැනුම්දුන්නේය.

අභියාචනාධිකරණය මෙසේ දැනුම් දුන්නේ  කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු රිට් පෙත්සමක් අද(7) කැඳවු අවස්ථාවේ අභියාචනාධිකරණ සභාපති  විනිසුරු  විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  අර්ජුන ඔබේසේකර මහතා නව පාරිසරික වාර්තාවක් සකස් කොට එය ඉදිරියේදී අධිකරණයට ලබාදීමේ හැකියාවක් පවතින බව කීය.

එසේම එම වාර්තාව සැකසීමේදී මහජන අදහස් විමසා බැලීමට සූදානම් යැයිද ඔහු කීවේය.

සැප්තැම්බර් 09 වැනිදාට නඩුව කල් තැබිණි.



අදහස් (0)

පෝට් සිටි නඩුව කල් යයි

සිල්වා Friday, 07 August 2015 01:54 PM

රුවන්, මෝඩ කතා කියන්න එපා. අපිට ඇමරිකාවත් ඕනෑ. චීනයත් ඕනෑ. යුරෝපයත් ඕනෑ. ලෝකයේ හැම රටක් එක්කම සුහදව සමානව වැඩකරන්න ඕනෑ. එතකොටයි රටකට ලෝකේ පිළිගැනීමක් තියෙන්නේ. අපගේ විදේශ ප්‍රතිපත්ති දුර්වල නිසා තමයි පසුගිය වසර 10 තුළ ලෝකෙන් ප්‍රශ්න ගොඩනැඟුනේ. (නි)

:       0       0

මධූ Friday, 07 August 2015 04:13 PM

හොරු බොරු නැති රටක්. විජයග්‍රාහී ගමනක්.එක්වන්න අප සමඟ..... (නි)

:       0       0

සන්තුෂ් Friday, 07 August 2015 06:01 PM

සිල්වලා කොහොමත් පෘතුගීසිනේ. මේ රටට විනකටින්න එන කෙනාටත්, සෙත් කරන්න එන කෙනාටත් දෙන්නටම එක වගේ සළකන්නද කියන්නේ. ඇමරිකාව ප්‍රමුඛ යූරෝපීයයන් අපට ආදරේට දෙන දෙයක් නැහැ. ඔරුවල වානේ කම්හල, කැලණි ටයර් කම්හල,පූගොඩ රෙදි කම්හල සෝවියට් දේශයෙන් ලැබුණ තෑගි.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, නෙලුම් පොකුණ චීනයෙන් ලැබුණ ඒවා. ඔය යුරෝපා ජාතීන් අපිව සූරාකෑවා මිස අපිට කිසිවක් දුන්නේ නැහැ. දුන්න එකම දෙය ජාත්‍යන්තර ණය උගුල. මේවා නොදන්නා වත්මන් ෆේස්බුක් කොල්ලෝ පාට පාට අතර ඇස් හිරකරගෙන සෑබෑව දකින්න උත්සාහ කරන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Friday, 07 August 2015 11:43 AM

ඇමරිකාවට රට උගස් තියන්න යන අයට චීන ප්‍රොජෙක්ට් දිරවන්නේ නැත. ඉදිරි මාස 60 රනිල් පාලනය කලොත් බලමු ඇමරිකාවට ත්‍රිකුණාමලය දෙන හැටි කඳවුරු ගහන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site