මහරගම පිළිකා රෝහලට ‘පෙට් ස්කෑනර්‘ යන්ත‍්‍රයක් මිලදී ගැනීම සඳහා ආරම්භ කරන ලද අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 233කට වැඩි මුදලක් එකතු වී ඇතැයි ඒ සඳහා ප‍්‍රමුඛත්වය ගත් එම්.එස්.එච් මොහොමජඩ් මහතා අද(15) කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
යන්ත‍්‍රය මිලදී ගැනීමට අවශ්‍ය මුදල සම්පූර්ණ වුවද ඊට පසුත් එම ගිණුමට බොහෝ පිරිසක් මුදල් බැර කර ඇති බවත් පසුගිය දින දෙකක කාලයේදී ඊට කෝටි තුනක මුදලක් බැර වී ඇතැයි ද ඔහු පැවැසීය.
යන්ත‍්‍රය මිලදී ගැනීමට සැලැසුම් කළ කාලයේදී එහි මිල රුපියල් කෝටි 20කට ආසන්න වූ බවත් දැන් එහි මිල ගණන් වෙනස් වන්නට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද සලකා බලන බව එම වෛද්‍ය හමුවට සහභාගී වූ මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල්වල අඩුපාඩු සොයාබලා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා රජය විසින් පත්කළ ඇමතිවරුන්ට වෙන් කල ප්‍රතිපාදන වලින් මොනවාද කරන්නේ? අපේ සිංහල දේශයේ කාරුණික මිනිසුන්ගේ මේ අනුග්‍රහය ඉතාමත් පුන්‍යවන්තයි. (ර)
මේ මුස්ලිම් සහෝදරයෙක්. මුස්ලිම් ප්‍රජාවට වෛර කරන්න උගන්වන දේශපාලකයන්ට වගේම ඒ අයට කඩේ යන ලංකාවේ මිනිස්සුන්ට දැන්වත් තේරේවිද අපි අතරේ තියෙන්නේ මනුස්සකම හා අමනුස්සකම , හොඳ හා නරක අතර පරතරය විතරයි කියලා. (ර)
මහත්මයාණෙනි, අපි ඔබට ආචාර කරන්නෙමු! (නි)
ඔබට සහ මෙම ගිණුමට මුදල් බැරකළ සියලුම පිරිසට බොහොම පින්. (නි)
මේ වගේ උතුම් මිනිසුන් වැඩි කරගන්න එක රටේ යුතුකමක් (නි)
ඔබට හා සහභාගී වූ සැමට බොහොමත්ම පින්. (නි)
ආණ්ඩුව මිනිස්සු ගැන හිතනවාට වඩා, මිනිස්සු මිනිස්සුන්ගේ දුක ගැන හිතනවා. (ර)
මේ සඳහා සහයෝගය දැක්වූ ශ්‍රී ලාංකික සියළු දෙනාට ස්තුතිවන්ත වෙමි. (නි)
හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ කට කහනවටද. පිළිකා තුරන් වූ රටක් වේවා! (ර)
යහපත් සිතින් කරන කිසිම දෙයක් වරදින්නේ නැහැ කියන්නේ ඕක තමයි. අනිත් එක ලංකාවේ මිනිසුන්ගේ හිත හොඳකම. උදව් කරපු හැමෝටම පින්. (නි)
හොඳ වැඩක්. හැබැයි මේවා ආණ්ඩුවේ වගකීම්. චැනලින් වලට දාපු වැට් එකෙන් විතරක් එකතුවෙන සල්ලි වලින් සති දෙකකට සැරයක් මේ වගේ ස්කෑන් යන්ත්‍රයක් ගන්න පුළුවන්. (නි)
මේ වගේ ලාංකිකයන්ට බැරිද පෙළ ගැහෙන්න මේ ලංකාවේ ජරාජීර්ණ දේශපාලකයන් සදහටම එළවා දමන්නට? මොනතරම් සුන්දර රටක් වේද...!! (නි)
මහත්මයාණෙනි, ඔබේ සියළු ප්‍රාර්ථනා සඵල වේවා! (නි)
බලන්න, පුරාජේරු කියවන දේශපාලකයන්ට වඩා මේ උතුම් මිනිසුන් මොනතරම් වටිනවාද? (නි)
මෙවන් මිනිසුන් රටකට වාසනාවන්! (නි)
ඔබ කළ මෙම අගනා මෙහෙවර වෙනුවෙන් ඔබට මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවෙනවා. මරණය දැක දැක ජීවිතය අයදින පිළිකා රෝගීන්ට මෙය මහත් අස්වැසිල්ලක් වෙනවාට සැකයක් නැහැ. නමුත් කියන්න කණගාටු කාරණය නම්,ජනතාව වෙනුවෙන් කියා පෙනීසිටින ඊනියා සංවිධාන වලට මේවා පෙනෙන්නේ නැහැ. මම පුද්ගලිකවම ඔබ කළ මෙම මහඟු හා උතුම් මෙහෙවරට මගේ ගෞරවය පිරිනමනවා (නි)
සුභ පැතුම්! විශිෂ්ට පුරවැසියෙක්. (නි)
එකමුතු කමේ බලමහිමය පල දරන..... මේ වැනි ලක් පුතුන් තව තව බිහිකරන..... ආගම් බේද මත කොටවන මිනිසුන්ට.... ආදර්ශයක් වේවා රට ගැන හිතන... (නි)
ජාතිය, ආගම හා වෙනත් නොයෙකුත් සාධක මත ලාංකිකයින් බෙදුන සහ බෙදෙන වකවානුවක ජාති, ආගම්, කුලමල පසෙකලා සැමදෙනා එකතුවුණ මේ අවස්ථාව කතරකට දිගු කලකට පසු වට දිය බිඳක සුවය දනවයි. මොහොමඩ් මහතාණෙනි, සුවහසක් රෝගීන්ගේ සුවය වෙනුවෙන් ඔබ කළ කැපවීම අද්විතීයයි. ඔබ වැනි මිනිසුන් මේ රටේ පෙර ගමන්කරුවන් වනු දැක්ම මාගේ පැතුමයි. (නි)
මෙන්න නියම ජාතික වීරයෝ! (නි)
අනේ මේකට නම් දේශපාලනේ කරන අය ගාවගන්න එපා.... (ර)
ඇමතියන්ට කාර් ගෙන්වන්න දෙන සල්ලි වලින් කෝටිය කෝටිය අඩුකළා නම් පෙට් ස්කෑනර් එකක් ලෙහෙසියෙන්ම ගන්න පුළුවන් නේද. (නි)
මේවා තමයි රටක වෙන්න ඕනෑ වැඩ (නි)
විනිවිධභාවයෙන් යුතුව රෝගීන් සදහා මෙම යන්ත්‍රය භාවිතා කරන්න. (ර)
ආණ්ඩුව මිනිස්සු ගැන හිතනවාට වඩා, මිනිස්සු මිනිස්සුන්ගේ දුක ගැන හිතනවා. (ර)
වැඩිපුර සල්ලි එකතුවෙලා තියෙනවා නම් මගේ යෝජනාව, දෙවෙනි පෙට් මැෂිමට එකතු කරමු. වෙනත් රෝහලකට ගන්න බැරියෑ. (නි)
මෙයට මූලික වුනු ඔබ තුමා සහ මුදලින් ආධාර කල සියලු දෙනාම අද ඉන්න කුහක, ආත්මාර්ථකාමී දේශ පාලකයන්ට වඩා ඉතාමත් උතුම් බව මුළු ලක්වාසී ජනතාවම පිලිගන්නවා. (ර)
මොහොමඩ් මහතාණනි, ඔබ තුමාට මගේ ප්‍රණාමය! ඔබ වැනි වීර පුතුන් රටට විශාල ආඩම්බරයක්, ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! (ර)
මුලිම්ම අගය කලයුතු වැඩක් මම කුරුණෑගල රෝහල්ලේ පිලිකා සමිතියේ සාමාජිකයෙක් අපගේ අරමුණ අපි වගේ දුර අයට ප්‍රතිකාර කුරුණෑගල සිදුකිරීම. (ර)
මොහොමෙඩ් මහත්මය කියපු විදියට පිලික රෝහලට එම්. ආර්. අයි. ස්කෑන් මැෂින් එකක අඩුවක් තියනවා. මේ එකතු උන වැඩි මුදලින් එකත් අරන් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. (ර)
ඔබතුමාටත් මෙයට සහභාගි වූ සැමටත් මාගේ ගෞරවනීය ස්තූතිය පුදකරමි. ඔබේ පුතණූවන්ට ඉක්මන් සුවයද පතනවා (ම)
මෙම දානපතියන්ට නිදුක් නිරෝගී සුවය අත්වේවා (ම)
මෙන්න නියම වීරයෝ . ජාති ආගම බේද නැතිව අපට දියුණු වෙන්න පුළුවන් හොදම උදාහරණ තමයි මේවා (ම)
මේ වගේ මිනිසුන් රටට සම්පතක්. (ර)
ජාති ආගම් බේද එකහෙළා ප්‍රතික්ෂේප කරලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ කළ මහඟු කාර්යයට සම්බන්ධ වූ සියලුම දෙනාට පින් අයිති වෙනවා කළ කුසල කර්මයට. පොඩි පිරිසක් ජාති ආගම් බේද ඇති කරන්න හැදුවත් බහුතරය එයට විරුද්ධයි. එය මෙයින්ම හොඳින් පිළිබිඹු වෙනවා. මොහොමඩ් මහතාණෙනි, ඔබ මෙය පටන්ගත්තේ අපගේ මහජනතාවට වෙන සේවය ගැන සළකා බලලයි. එය ඉතා උතුම් ක්‍රියාවක්. ඔබට බොහොම පින්! (නි)
කරලා තියෙන දේ ගැන ගොඩක් සතුටුයි.(හේ)
වැඩිපුර එකතුවුණන ගාණ වැඩි වෙන එකක් නැහැ. අපේ බුද්ධිමත් මුදල් ඇමතිතුමාලා ඕකටත් 15% ක වැට් බද්ද අයකරයි. (නි)
මානව දයාවෙන් පිරුණු උතුම් මනුෂ්‍යයෙක්. මානව සංහතිය වෙනුවෙන් තවත් මෙවැනි සත්කාර කිරීමට ලංකාවේ සිටින ධනවතුන්ගේ දෙඇස් පෑදේවා. (නි)
මොහොමඩ්, ඔබතුමා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙකි. දුප්පතුන්ට අයිති දේ හොරා කන පසුබිමක අපේ රටේ හැමෝටම ඔබ දුන්නේ මහත් වූ ආදර්ශයකි. මෙයට දායක වූ හැමෝටම මහත්වූ ආනිසංස අයිති වේවා! මේ උදාර කටයුත්තට මුලික වූ ඔබතුමා ඇතුළු පවුලේ හැමෝටම නිදුක් නිරෝගීභාවය ළගා කරත්වා (නි)
ජනක, ඔයාගෙ අදහසට මාවත් එකතු කරගන්න (නි)
මැෂිම ගත්තා වගේම ඒක නිවැරදිව නඩත්තුත් කරමු (නි)
මුදල් ලබාදුන් පින්වතුන්ට පින්! මේ පිළිකා රෝගීන් ලංකා ආණ්ඩුවට අයිති නැති වූවා සේ මියැදෙන්නට හැර බලාසිටි දේශපාලුවන් අතහැර ඔවුන්ට අමතක වී ඇති නායයාම් වලින්, ගංවතුරෙන්, හමුදා කඳවුරෙන් විපතටපත් ලාංකීය අපේ නෑ හිතමිතුරන් ගොඩගන්නට පෙළගැසෙමු. (නි)
සුනාමි අවස්ථාවෙදීත් අපේ ජනතාව එකමුතුව ඒ ව්‍යසනයෙන් ගොඩ එන්න කටයුතු කළා. ගංවතුර වෙලාවෙදිත් එලෙසමයි. මේකත් එවැනි අවස්ථාවක්. දේශපාලනය ගෑවුණ තැන ව්‍යසනයක්. ඒ බව අවබෝධයෙන් කටයුතු කරන එක හැමෝගෙම වගකීම. (නි)
මේ කළ පින් බලයෙන් උපනුපන් ජාති නිරෝගී වේවා! (නි)
බෞද්ධ හිමි නමක්, මුස්ලිම් ආගමික නායකයෙක් සහ දෙමළ පූජක වරයෙක් ලවා විවෘත කරනු මැනවි (බ)
මොහොමෙඩ් මහතාණෙනි , ඔබවැනි අය නිසා ජාතික සමගියත් වර්ධනය වෙනවා (බ)
අපිට දායකවෙන්න බැරිවීම ගැන දුකයි. දෙවන යන්ත්‍රයටත් ගියොත් හොඳයි (නි)
වන සිවුපාවුන්ව්න වැනි මිනිසුන්සි මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් (බ)
පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා. මේ උදාර ක්‍රියාවට දායක වූ සැමට..දීර්ඝායු. (ම)
ශ්‍රී ලාංකිකයෝ පිළිබඳව ආඩම්බරයි (නි)
මහජනතාවගේ මුදල් එකතුකරලා ගන්න නිසාත් වැඩිපුර මුදලුත් තියනවා නම් ලෝකයේ දියුණු තාක්ෂණයක් ඇති යුරෝපය, ඇමෙරිකාව, ජපානය වගේ රටකින් කල්පවතින යන්ත්‍රයක් ගන්න කියලා මම යෝජනා කරනවා. ඉන්දියාවෙන් චීනයෙන් නම් ගන්න හිතන්නවත් එපා. නොරොච්චෝලේ වගේ හැමදාම හද හදාම ඉන්න වෙයි (නි)
මේකටත් එක එක වැරදි අදහස් දමන අය ඉඳීවි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ. (නි)