කොළඹ වරායේ සිට කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබෙන නැව් සහ වරායේ නැව් පරිගණක සහ ජංගම දුරකතන මගින් නිරීක්ෂණය කළ හැකි ක්‍රම වේදයක් නොමිලේ හඳුන්වා දීමට කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යාපන ආයතනය සමත් වු බව මහාචාර්ය නිහාල් කොඩිකාර පවසයි.
මෙම ක්‍රමවේදය නිසා පියවි දෑසින් නැව් දැක බලා ගැනීමට ඉඩ සැලැසෙන බව ද අවශ්‍ය තීරණ ගැනීමට ලොකු පිටිවහලක් වන බව ද වරායේ කාර්යක්ෂම සේවාවකට මහගු දායකත්වයක් සපයා දෙන බව ද මහාචාර්ය කොඩිකාර අවධාරණය කරයි.
නැව් නිරීක්ෂණය කැර ගැනීම සම්බන්ධව ක්‍රියා කරන නිලධාරීන්ගේ පරිගණක සහ ජංගම දුරකතන වලට පමණක් මෙම ක්‍රමවේදය ඇතුළත් කර ඇත.
ඔවුනට ඕනෑම අවස්ථාවක ඕනෑම අවස්ථාවක ස්ථානයක සිට ජංගම දුරකතනය ඔස්සේ අවශ්‍ය කාර්ය ඉටු කැර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ අධික්ෂණයෙන් ආචාර්ය චරිත් කැප්පෙටියාගම,පශ්චාත් උපාධි අපේක්ෂක ඩී එස් සඳරුවන් ඇතුළු කණ්ඩායමක් මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්හ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිට වරායේ නැව් හලෝ තිරයට
වස්තු Wednesday, 01 October 2014 06:17 AM
ජයවේවා. (ස)
ගාමිණී සිරිවර්දන Wednesday, 01 October 2014 08:21 AM
මීට වඩා හොඳ නැද්ද ලංකාවේ හතර දිග්බාගයේ ජංගම දුරකථන වලට සංඥා ලබාදෙනවා නම් (නි)
ඉන්ද්‍රනාම Sunday, 05 October 2014 08:49 AM
මේක අලුත් දෙයක් නෙමෙයිනේ. දැනටමත් ඔහොම සේවාවක් තියෙනවනෙ http://www.marinetraffic.com/ වෙබ් අඩවියේ. ඔය කියන “නැව් නිරීක්ෂණය කැර ගැනීම සම්බන්ධව ක්‍රියා කරන නිලධාරීන්ගේ පරිගණක සහ ජංගම දුරකතන වලට පමණක්“ නෙමේ ඕනෙම කෙනෙක්ගේ පරිගණකයකින් දුරකථනයකින් අර වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුලුවන්. (නදී)