කොළඹ වරායේ සිට කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබෙන නැව් සහ වරායේ නැව් පරිගණක සහ ජංගම දුරකතන මගින් නිරීක්ෂණය කළ හැකි ක්‍රම වේදයක් නොමිලේ හඳුන්වා දීමට කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යාපන ආයතනය සමත් වු බව මහාචාර්ය නිහාල් කොඩිකාර පවසයි.
මෙම ක්‍රමවේදය නිසා පියවි දෑසින් නැව් දැක බලා ගැනීමට ඉඩ සැලැසෙන බව ද අවශ්‍ය තීරණ ගැනීමට ලොකු පිටිවහලක් වන බව ද වරායේ කාර්යක්ෂම සේවාවකට මහගු දායකත්වයක් සපයා දෙන බව ද මහාචාර්ය කොඩිකාර අවධාරණය කරයි.
නැව් නිරීක්ෂණය කැර ගැනීම සම්බන්ධව ක්‍රියා කරන නිලධාරීන්ගේ පරිගණක සහ ජංගම දුරකතන වලට පමණක් මෙම ක්‍රමවේදය ඇතුළත් කර ඇත.
ඔවුනට ඕනෑම අවස්ථාවක ඕනෑම අවස්ථාවක ස්ථානයක සිට ජංගම දුරකතනය ඔස්සේ අවශ්‍ය කාර්ය ඉටු කැර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ අධික්ෂණයෙන් ආචාර්ය චරිත් කැප්පෙටියාගම,පශ්චාත් උපාධි අපේක්ෂක ඩී එස් සඳරුවන් ඇතුළු කණ්ඩායමක් මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා. (ස)
මීට වඩා හොඳ නැද්ද ලංකාවේ හතර දිග්බාගයේ ජංගම දුරකථන වලට සංඥා ලබාදෙනවා නම් (නි)
මේක අලුත් දෙයක් නෙමෙයිනේ. දැනටමත් ඔහොම සේවාවක් තියෙනවනෙ http://www.marinetraffic.com/ වෙබ් අඩවියේ. ඔය කියන “නැව් නිරීක්ෂණය කැර ගැනීම සම්බන්ධව ක්‍රියා කරන නිලධාරීන්ගේ පරිගණක සහ ජංගම දුරකතන වලට පමණක්“ නෙමේ ඕනෙම කෙනෙක්ගේ පරිගණකයකින් දුරකථනයකින් අර වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුලුවන්. (නදී)