IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිටි අඩු කළත් පාන් අඩු නොවේ

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසයි.

රට තුළ බේකරි කර්මාන්තය සඳහා තිරිඟුපිටි සැපයීම 50% ක් ම සිදු කරනු ලබන්නේ ප්‍රධාන පිටි සමාගම් දෙකක් මගින් බවද ජයවර්ධන මහතා කියා සිටී.

එම තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ තිරිඟු පිටි මිල සහ ආනයනික වෙළඳුන් සිය තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කළහොත් පමණක් පාන් ,බනිස් මිල අඩු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙරට පිටි සමාගම් දෙක තවමත් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 310ක් 280 මිලකට අලෙවි කරන බවත් එම සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කරාවි යැයි කියා සිතිය නොහැකි බවත් පවසන ජයවර්ධන මහතා ආනයනය ක තිරිඟු පිටි මිල අඩු කළ බව පැවසුවත් තවමත් වෙළඳපොලේ පිටි කිලෝවක් රුපියල් 350 ක් බවද කියා සිටියේය.

 



අදහස් (4)

පිටි අඩු කළත් පාන් අඩු නොවේ

Lalla Saturday, 15 October 2022 01:22 PM

අපි පාන් වර්ජනය කරන ව්‍යාපාරයක් පටන්ගත්තා. බලමු දිනන්නේ බේකරිද? පාරිභෝගික ජනතාවද කියලා...!

:       0       26

යෝගා Saturday, 15 October 2022 01:35 PM

මේ වගේ ජරා කළුකඩ බේකරි කාරයෝත් හැබැයි සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා...

:       0       21

කිරි පුතා Saturday, 15 October 2022 02:41 PM

අල- බතල, කවුපි, මුං ඇට, කොස්, දෙල් පිරුණු රටක පාන්ම නොසොයා වඩා මිල අඩු සහ පෝෂණයෙන් ඉහළ විකල්ප සඳහා ජනතාව යොමුවන්නේ නම් බේකරි හිමියන් පාන් හදාගෙන එයාලාම කයි...

:       0       17

Sandun Sunday, 16 October 2022 08:44 AM

බිස්කට් නිෂ්පාදන වලට සිදුවූ දේ බේකරි නිෂ්පාදන වලටත් ඉතා ඉක්මනින් ලැබෙයි වගේ... බිස්කට් නිෂ්පාදකයින් බහුජාතික සමාගම් නිසා යම් ප්‍රමාණයකට බේරුණත් මේ සංගමය නිසා බේකරි කර්මාන්ත නැත්තටම නැතිවෙයි වගේ... දැනටමත් පාන් රාත්තල් 450-500 විකුණුන කඩවල 100-150ට අඩුවෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site