තම පුත් මාලකගේ නඩුවට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ කොටුව උසාවිය ඉදිරිපිට පාරේ සිටියදී පැජරෝ රියක් පාර මැද නතර කැරිණි.
එහි සිටි තරුණයකු ඇමැතිට තර්ජනාත්මක ස්වරයෙන් කතා කළේය.‘ඇමැතිතුමාගෙන් අපටත් අසාධාරණකම් සිදු වුණා‘ යැයි ඔහු කීවේය.ඇමැතිගේ ආරක්ෂකයින් ඔහු සමීපයට යද්දී ඔහු ජිප්රිය පදවාගෙන නොපෙනී ගියේය.
ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවකුට හා ඔහුගේ පෙම්වතියට කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජශාලාවකදී පහර දුන්නැයි කියන සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුව අද (25) පස්වරුවට කල් තැබිමෙන් පසු ඇමැති පාරට පැමිණ සිටියදී මේ තත්ත්වය ඇතිවිය.
ඇමැතිගෙන් මාධ්‍යවේදීන් ඇසුවේ ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්නයි. නැතැයි ඇමැති පිළිතුරු දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිප්රිය නමිබර් එකක් තිබුනේ නෑ ජනප්‍රිය වෙන්න කරන දේවල් (දී)
මර්වින් සිල්වා කියන්නේ අපි ආදරය කරන චරිතයක් (දී)
නරකද මහත්තයෝ ඔයත් අනිත් පැත්තට ගියොත්? (නි)
ඇමති තුමාට ඔහොම නම් අපි ගැන කවර කතාද (දී)
නිති මහත්තයො සුද්දා එන්නෙ නැත්තෙ රටේ හැටි සුද්දා දන්න නිසානෙ. කනගාටුයි නඩුවක් වෙනුවෙන් තමන්ගෙ වාසියට ජාති වාදය ඇවිස්සිම. (ස)
මාර චන්ඩිනේ ඉන්නේ ලංකාවේ (දී)
හැමදාම චණ්ඩිකම් බැහැ (නි)
කවුද ඒ එඩිතර කොල්ලා.(හේ)
දැන් නම් සෙල්ලම් ටිකෙන් ටික පරිහානියට යනවා වගෙයි නේද? (නි)
අද මාවත දුගියා හෙට අගරජ වෙනවා. කළ කර්මය පළදෙනවා රජ මාවත බැස යනවා.(හේ)
තවත් කොමඩි රන්ගනයක් වගේ පේන්නේ.(හේ)
පැහැදිලව කිව හැකියි. මේක නම් මර්වින් සිල්වාගේ මහතාගේම සැලැස්මක්. ප්‍රසිද්ධිය ගන්න කරන වැඩ මේවා. (ර)
අනෙක් පක්ෂයේ කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
දැන් ලංකාව සංචාරකයින්ගේ පාරාදීසයක් වේවි (නි)
අහන්නත් පුදුම ,මෙතුමාට තර්ජනය කෙරුවා කියලා ,ඊටත් මහා පාරේදී පස්සේ බලාගනීවි ,අපිට මතකනේ රුපවාහිනියේ සමහරුන්ට පස්සෙදී සිද්ධ වුනු දේවල්. (අ)
මොකද්ද මේ කතාවේ නම (දී)
මේක හරිම සොඳුරු තර්ජනයක් මට පේන විදියට... (ස)
තර්ජනය කරන්න කාටද බැරි (දී)
එකත් නාඩගමේ එක කොටසක් වෙන්න ඇති (දී)
සමහර ඇමති පුත්තු හිතනවා ඇත්තේ මුළු තුන් ලෝකෙම ඉන්න ඇහැට කනට පෙනෙන බවලතුන් ඉපදිලා ඉන්නේ කාගේහරි ප්‍රයෝජනයට සූදානම් වෙලා කියලා වෙන්න ඇති (නි)
මර්වින් සිල්වාට දැන් අවුරුදු 70ක් වෙනවා. මේ කාලේ බණක් දහමක් කරගෙන ඉන්නේ නැතුව චන්ඩි පුතාගේ පස්සේ ඉන්න වෙලා තියෙන්නේ (නදී)
මට හිතා ගන්න බැහැ (දී)
මේ විත්තිකාරයා මර්වින් සිල්වාගේ පුතා වීම නිසා නඩුව බරක් වී ඇති බව මගේ හැඟීමයි (නි)
පැජරෝ රථයේ ලියාපදිංචි අංකය නොපෙනනසේ ගත් ඡායාරුප මහත් අගය කරමි. ඔබ වැනි මාධ්‍යවේදින් රටට සම්පතකි.(ස)
ඔය බොරු සෝබන වැඩ වලින් අන්තිමට හොඳ මිනිහා වෙන්නේ එයාම තමයි (නි)
කවුරු මොනවා කළත් රනිල් හොඳ පිවිතුරු නිකැළැල් ජීවිතයක් ගතකරනවා (නි)
මෙගා නාට්‍යයක් වගේ (දී)
දැන් ලංකාවේ තත්වේ හොඳද සංචාරකයෝ හොඳට එයි මේවා බලල. (ස)
තර්ජනය කිරීම නාට්‍යයේ කොටසක්. ජනතාවගේ අනුකම්පාව ගැනීමට කල දෙයක්. යම් තර්ජනයක් ආවානම් මර්වින්ට, ඔහුගේ සරම නිතැතින්ම උඩ යනවා. කුණුහරප ටිකක් කටට එනවා. (නදී)
කලබල වෙන්න දෙයක් නැහැ මේ තරුණයා බොරුවක් නෙවේනේ කිව්වේ (ස)
ඔය බොරු කියන්නේ. එතුමට එහෙම කියයිද.? (ර)
ඇමති තුමාගෙන් අපටත් අසාධාරණ කම් සිදුවුනා කිව්වා නම් ඒක තර්ජනයක් වෙන්නේ කොහොමද? (හේ)
මේක චිත්තරපටි වැඩක් වගේ . අර වේවල්දුවේ එකේ ජවනිකාවක්. (ස)
පුතාගේ යාලුවෙක් වෙන්න ඇති. (ස)
පැමිණිලි පක්ෂය හඳුනාගැනීමේ පෙරට්ටුවට කවදාහරි එනතුරැ මෙයාලව රිමාන්ඞ් එකේම තියන්න.අපිත් බලාගෙන ඉන්නේ ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවකට හා ඔහුගේ පෙම්වතියට අසාධාරනයක්වෙයිද කියා තමයි.(ස)
දහසක් ඇස් ඇති සක් දෙවි රජිදුනි. ඔබටත් මගේ දුක නොපෙනේ නම් දෙනෙත් ලබා ඇති අයගෙන් පිහිටක් ලැබ ගැනුමත් හරි අවදානම්. (නදී)
තර්ජන තියනවා කියල පෙන්වන්න ඕන ඇති (නදී)
මර්වින් සිල්වා , ටෙනිසන් කුරේ වගේ විකට නළුවෙක් වුනානම් හොදයි ඔය දේසපාලනේ පැත්තකට දමලා,(අ)
මෙයා හරියට කතා කරන්නේ ගහ ගැනීම වගේ සුළු ආරවුලකට පුතාව හිරේට දැම්ම කියලා. ගහ ගැනීමට හේතුවත් බය නැතිව කියන්නකෝ ඇමති තුමෝ. අනුන්ගේ බවලතුන් උස්සගෙන යන්න මේ රටේ කාටවත් තාම බලපත්‍ර නිකුත් වෙලා නම් නැහැ. (නදී)
මේකේ ලියන අයගෙන් මම අහන්නේ ඔයගොල්ලට වෙන වැඩ නැද්ද? (ර)
බලපත්‍ර නැතුව හෝ ඇතුව හාමු කැමති නම්....මන්...කැ ම තියි. (නදී)
දැන් ඇමතිතුමා ආණ්ඩුවෙන් ගියොත් ඇමැතිතුමාත් ඉවරයි. පුතත් ඉවරයි. එසේ මෙසේ ෆයිල් එකක් නෙමෙයි ඇමතිතුමාගේ ෆයිල් එක.(නදී)
වැරදි ප්‍රශ්නයක් අහල තියෙන්නේ. අහන්න ඕන නිදහස් පක්ෂයෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද කියලයි.(නදී)
අපේ මව්බිමත් එහි නිදහස් සහ සාමකාමී පුරවැසියන් අපවත් විහිලුවකට ලක්කරන සියල්ලන් ගැන අපි ජනවාරියේදී තීරණයක් ගන්නවා (නි)
දිට්ට දම්ම වේදනීය කර්මේ කියන්නේ මේකට නේද ? කපුටෙක්වත් මෙතුමාට ඉහලින් ගියේ නැති කොට බලය තිබිලත් මැස්සෝ කෝඳුරුවෝ කන ළඟටම ඇවිත් කුන් කුන් ගානාව අනේ පවු අනේ (නදී)
මේකත් මර්වින් සිල්වාගේම ජීප් රියක් සහ ඔහුගේම සගයෙක් දමලා ජනප්‍රිය වෙන්න කරපු සෙල්ලමක්ද දන්නේ නෑ , ඔහොම බොහෝ දේවල් ලංකාවේ දේශපාලකයන් කරනවා (අ)
අනේ මන්දා ඇමතිතුමාට මොනවා වෙලාද කියලා අරෙහෙන් පුතා රිමාන්ඩ් එකේ එලියට ගන්න බැහැ මෙහෙන් පාරේයන මිනිස්සුත් තර්ජනය කරනවා කොහොම හිටපු ඇමතිතුමෙක්ද?(අ)
කවුද දන්නෙ නැහැ මේ නිර්භීත පුද්ගලයා? (නි)
යන අය බය කරන්නේ ඔහොමද දන්නේ නෑ. (ස)
"පැජරෝ රියක්"නෑ... නෑ... මේ ෆොටෝ එකනම් නිසාන් පැට්ට්‍රල් එකක්. ස්ක්‍රිප්ට් එක පටලවගෙනද.? (ර)
මෙහෙම කෙනෙක් කොහොමද මේ එකපාරටම මෙතනට ආවේ? (නි)
කිවයුතු දේවල් නම් බොහෝමයි. නමුත්..? (ර)
පුදුමය කියන්නෙය් රටේ නායකයා කොහේ අරි ගියාට පසුව තමඊ ප්‍රශ්න කඩා වටෙන්නේ (ස)
අර ගුටි කක හිටපු විජිත හමුදුරෝ කිවේ සුන්නාරාම ගතොවා, රුක්කමුල ගතෝවා, බන්දනාගර ගතොවා. කියල . වනචාරී විදිහට හැසිරුණම මෙහෙම වෙනවා. (ස)
මේ අන්තිම ඡායාරූපයේ පේනවා සුදු ඇදුමක් ඇදන් ඉන්න මනුස්සය වාහනේට ගහන්න යනවා අධිකරණයක් ඉස්සරහ මෙහෙම නං වෙන තැන් වල කොහමද ? (ස)
අනේ මේ අර බොරුවට නේ. නිතිය හරියට කරනවානම් හොද ලංකාවට තැනක් ලැබෙනවා මුළු ලෝකයෙන්ම (ස)
ඇමතිතුමා නං හොඳ කතා වස්තුවක් . සුදු මෑන් , සුදු වෑන්. (අ)
හෙට අනිද්දාට කපීර් වලිනුත් එයි (නදී)
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
225 හේම පුත්තු මේ වගේ උනා නම් ලංකාවේ ආස්චර්ය (නදී)
හෙට අනිද්දා කෆීර් වලිනුත් එයි කියලයි මට බය (නි)
මම නම් හිතන්නෙම මේක අැමතිතුමාගේම නාටකයක් කියලයි. (නදී)
ඇමති ආරක්ෂක අය සිදු කල යුතුව තිබුනේ ඇමති තුමා ආරක්ෂා සහිතව රැගෙනයාම පමණි . ඇමති අරක්ෂකයින්ට මිනිසුන්ට ගහන්න, කුණුහරුපෙන් බනින්න බලයක් කොහොමද ලැබුනේ ? බලන් ගියාම ඇමති ආරක්ෂක අංශයට රටේ නිතිය වලංගු නැහැ වගේ. ඕනෑම කෙනෙකුට විරෝදය දැක්වීමට නිදහස තිබේ. (නදී)
මහා බැලුමේ හුළං යනකොට පොඩි බැලුම් වල හුළං නිකම්ම බහිනවා. ලෝක ස්වභාවය ඔහොම තමයි.(අ)
මට නම් තේරුම් ගන්න බැහැ (නදී)
තව පයිල් එක එළියට ගත්තෙන් නැතුව කනවා . (අ)
ගිනි අවි සහ ගිනි කෙලි....(අ)
අනේ මර්වින් සිල්වාටත් වඩා චන්ඩි ලංකාවේ ඉන්නවද ආසියාවේ ආශ්චර්ය තමා ඉතින් මරු මරු ඔහොම යමු සිරි ලංකා(අ)
ජනතාවට සේවය කරන්න ඉන්න ඇමතිලා මොකද මේ උසාවි ගානේ රස්තියාදු වෙන්නේ? පුතාගේ ප්‍රශ්නය උසාවිය විසඳයි. ඔබතුමා ජනතාවට සේවය කරන්න තියෙන කාලය නාස්ති කරන්න එපා. (දී)
කවුද මේ නාදුනන පුද්ගලයා.(හේ)
මමනම් මේවා විශ්වාස කරන්නේ නැහැ (දී)
කවුද මෙයා මේ අන්දන්න හදන්නේ ...!! තේරෙන්නේ නැද්ද මේක ප්ලෑන් කරපු වැඩක් කියලා. මේ තර්ජනය කරපු හාදයව ෆලෝ කරපු කතාවකුත් ඇහුවා.එහෙනම් ඊලඟ නිවුස් ඕනේ මහදවල් මහමග දෙදෙනෙක් වෙඩි කා නසී කියල...අනේ අපි නොදන්න චෙස් !! (ස)
අද අහිංසක මනුස්සයකුට නිදහසේ පාරට වෙලා ඉන්න බැරි හැටි (දිල්)
බය උනාද සර්. මම දුවන්නම් සර්. (නදී)
ඇමතිතුමා දැන් තේරනවනේ තත්වය? ඇයි පනින්න නැහැ කියන්නේ? ෆයිල් තියනවද? (ස)
අදහාගන්න බැරි දෙයක්. මෙතුමාට තර්ජනය කරලා ලේසියෙන් බේරනවා බොරු. (ස)
යන විදිහට මේ අය ලඟදීම චුත වෙයි වගේ. (නදී)
මේකේ ලියන අයගෙන් මම අහන්න ඔයගොල්ලට වෙන වැඩ නැද්ද? මේ ගැන අදහස් දැම්මා කියල මේවා ඔය කවුරුවත් බලල හැදෙන්නේ නැහැ. සාධාරන නිතිය කවද අපේ රටට එයිද කියල හිතන්නට වත් බැහැ, ඒ නිසා මඤ්ඤොක්ක ගහක් හිටුවගත්ත නම් මීට වඩා හොඳයි. කාලය මේවට නාස්ති නොකර. (ස)
තව පොඩ්ඩෙන් අර ආරක්ෂක කට්ටිය අතින් අර තරුණයාට හොඳ සැළකිල්ලක් ලැබෙන්න තිබුණා (නි)
ආරක්ෂකයෝ හිටියේ නැද්ද (දී)
මෙතුමා කිවුවා නේද එයාගේ ඔලුවට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බැහැ කියලා (නි)
තමන්ගේ පුතා වැරදි පිට වැරදි කරද්දීත් නීතියක් තිබෙන රටක් වැරැද්දට දඩුවම් දෙන්න උත්සාහ කරන එක වැරැද්දක්ද? පිටරට සිට තමන්ගේ සහකරු සමඟ සංචාරය කරන්න එන අයට පවා බලහත්කාරකම් කරනවා නම් ලංකාවේ කෙල්ලන්ට කොතරම් කරදර වෙනවා ඇද්ද? නඩුවට කතාකරන පෙරකදෝරුවොත් උත්සාහ කරන්නේ විත්තිකාරයා බෝ පැලයක් කරන්නනේ.... (නි)
කමෝන් මංජුල.... කොන්ද පන තියෙන එකෙක් ලංකාවේ ඉන්නවා..(හේ)
අන්දරේ මැරුණේ නෑ....හිනාවෙන් ඉන්නවා.// (නදී)
ඉස්සල්ලා කිව්වනේ යනවයි කියලා. සමහරවිට තරුණයා දන්නා කියන කෙනෙක් වෙන්න ඇති. (නදී)
ලංකාවේ අධිකරණය පුදුම විදියට ස්වාධීන බවකින් නේද පෙනෙන්නේ ? සුද්දට උනත් නීතිය එකයි. (නදී)
පුදුමයි බේරිලා ගියා (නදී)
ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී (නදී)
පනින්න ඕනැද කියලා මතක නැහැ ? (නදී)
එයාටම ගහගත්තා වගේ රගපෑමක් වෙන්න ඇති, දැන් මෙයටම බැනගන්නවා වෙන්න ඇති (දී)
තර්ජන ගර්ජන වලින් රට පිරිලා (දී)
නිතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ (දී)
මොකක්ද මෙයා නටන්න හදන නාඩගම මේ. මේක අලුත් වචනයක්යැ මෙයාට. ඕක ඉතින් කැළණියෙන් බාගයක්ම කියන දෙයක්නේ. (නදී)
මේකත් හරියට නාටකයක දෙබසක් වගේ. (දී)
මේ දේවල් වලින්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොඳයි. (නි)
එයාලගේ ෆයිල් වල තත්ත්වය කොහොමද දන්නෙ නැහැ (නි)
සාමාන්‍ය මිනිහා ගැන කතා කරලා වඩක් තියෙයිද දැන් (දී)