පත්තිනි බලන්න සෙනඟ එක් රොක්වන සිනමා ශාලාවල රසික රසිකාවියන් එක්ක ටිකක් විනෝද වෙන්න පූජා, උද්දික කට්ටිය යනවා කියලා අපි ළඟදිත් කිව්වනෙ.
පූජා යන යන තැන සෙනඟ එයාව වට කරගන්නවා. එයත් පොඩි ළමයෙක් වගේ ඒ අය එක්ක හැසිරෙනවා. ඒකනෙ එයාට කට්ටිය මේ තරම් ආදරේ. ඔන්න ඔය වගේ පූජා, උද්දික කට්ටිය ගියාලු කළුතර පැත්තෙ සිනමා ශාලාවකට. හෝල් එක තියෙන්නෙ හරියටම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගොනැගිල්ලක් ඉස්සරහ. ඒකෙ ඉන්න ළමයි ටික ජනෙල්වලින් ඔළුගෙඩි එළියට දාගෙන පූජාගෙයි උද්දිකගෙයි නම් කිය කියා කෑගහනවලු. ගුරැවරැ ඒ අයව කනෙන් ඇදලා ඇතුළට ගන්නවාලු. ඒත් විනාඩි දෙකෙන් ඔළුගෙඩි ටික ආයෙත් එළියේ.. "පූජා අක්කී.."
බැරිම තැන ඒ පන්තිවල ගුරැවරැ පහළට බැහැලා සිනමා ශාලාවට ඇවිත් පූජා, උද්දික ඇතුළු කණ්ඩායමට කතා කරලා ඒ කට්ටියව පන්ති ගොඩනැගිල්ලට එක්කං ගියාලු. එදා දවසෙ ළමයින්ට තිබුණ පූජාලා එක්ක සින්දු කියලා, නටලා, පින්තූර ගන්න එක විතරලු.
ඉඳලා හිටලා දරැවන්ගෙ පදේටත් ගුරැවරැ නටන හැටි පේනවනේද?
අපි එහෙම කීවේ අහිතකටවත් සම්ච්චලයකටවත් නෙවෙයි හොදේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd