යුරෝපයේප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේඅභිනවයෙන් ඉදිකෙරෙන නව බුද්ධ මන්දිරයට මුල්ගල් තැබීමේ පිංකම පසුගියදාපැවැත්විණි.
විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකෙරෙන මෙම බුද්ධමන්දිරය වෙනුවෙන් වැයවන මුදල යුරෝ ලක්ෂ 4ක් (රුපියල් හයකෝටි හැට හතර ලක්ෂයක්) පමණ වේ.
මෙමපිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම ලාඕස්, කාම්බෝජ,වියට්නාම,තායිලන්ත,සහ චීනයයන රටවල බෞද්ධ පින්වතුන් සමග ප්‍රංශ ජාතික දායකදායිකාවෝ විශාල පිරිසක්සහභාගීවුහ. ප්‍රංසයේ සහ යුරෝපයේ අනෙකුත් රටවල වැඩසිටින ශ්‍රී ලාංකිකභික්ෂුන් වහන්සේ කිහිප නමක්ම පිංකම සඳහා වැඩම කර සිටියහ. ඒ අතර පුජ්‍යකොස්ගස්දෙණියේ ආනන්ද නාහිමි මුරුංගස්යයේ ඥානිස්සර නාහිමි, වතෝගලධම්මික හිමි, බලන්ගොඩ ආනන්ද මංගල හිමි, මීවැල්ලෑවේ පඥාතිස්ස හිමි සහ මාපලගම ජිනානන්ද හිමියෝ මේ පිංකමට වැඩම කර සිටියහ.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් ස්ජ්ඣායනා මධ්‍යයේ පුජ්‍ය චන්දරතන නාහිමියෝමුල් ගල් තැබූහ. අනෙකුත් සංඝයාවහන්සේද පැමිණ සිටි විවිධජාතික බෞද්ධයෝද අනතුරුව මුල්ගල් තැන්පත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අක්කගේ හිනාවනම් මට ඇල්ලුවේ නෑ (ස)
එහේ සුද්දෝ පන්සල් හදන්න ඉඩම් දෙනවා.මෙහේ පල්ලි වහන්න කියලා පෙලපාලි යනවා (ස)
අර කොයිදේටත් පුරුද්දට වගේ සුද්දට බනින ගිරා පෝථතයින්ගේ කටවල් වැහිලද ? (ස)
වෙන ආගමක කෙනෙක් බුද්ධාගම වැළ‍්ද ගත්තම සත්‍ය අවබෝධ කරා කියන අයම බෞද්ධයෙක් වෙන ආගමකට ගියම හරවා ගත්තා කියනවා.(නදී)
ෙම් පිංකමට අතහිත ෙදන්න හැම ෙදනාම්. නායක හිමියන් එතෙරට විතරක් නෙමෙයි ලංකාවෙ දුප්පත් අයටත් ගෙගාඩක් උදව් කරනව. තෙරැවන් සරණයි (ස)
ෂෙරිප් මහත්තයෝ අපේ හාමුදුරුවෝ පැරිසියේ හිටියත් ආගම් බේදයකින් තොරව ලංකාවේ ජීවත් වෙන දුප්පත් ළමුන් වෙනුවෙන් විශාල සේවයක් කරන කෙනෙක්.(නදී)
සසර නිමා කර නිවනට මඟ සොයන අපගේ සිත් නිතර ගුන දහමෙන් වඩන තිලෝගුරු තුමෝ වැපිරූ සොඳුරැ බණ දස දෙස සුපතලව සැම සිත් සනසන්න මැදුරක් නිමවන්න බුදු හිමි වැඩහිදින මුල් ගල් තැබූ සැටි දුටුවෙමි සිත් තොසින හැකි ඉක්මණින් එහි කටයුතු නිමවන්න සහයෝගය ලැබේවා නොඅඩුව සොඳින! (නදී)
වැරදිලාවත් අර සේනාව එවන්න එපා මේ පැත්තේ.(නදී)
පැරිස් නුවර පැරිස් රසය වපුරන්න එපා ආපසු. (නදී)
ඔය නායක හාමුදුරුවෝ ගැන මම හොදින් දනිමි. ඔය පන්සල දාන්න කලින් අරමන්ට් කියන පළාතේ පන්සලේ වෙඩි තියා ගත්තා. ඒ වෙලාවේ මමත් එතන හිටියා. ඔතන වෙන්නේ මෙනෙවද කියලා යූ ටියුබ් එකෙන් බලා ගන්න පුළුවන්.(නදී)
සාදු! සාදු! සාදු! නිර්මල බුදුදහම සදා කල් වැජබේවා! (නදී)
බුදු රජානන් වහන්සේව නම් අපි දෝතින් පිලිගන්නවා. ඒත් ශ්‍රාවකයින් වහන්සෙලා නම් ලැබෙන සල්ලි වලින් ලංකාවේ හෝටල් ගහයි.(නදී)
මෙම අවස්ථාවට සහභාගී වෙන්න ලැබුන් එක ගැන ගොඩක් සතුටුයි. අපි කාගේත් සහයෝගය මේ සදහා නෙමසුරුව ලබා දීම මහගු පින්තමක්. මේක යුරෝපයටම පින් බිමක්. (නදී)
සාධු....සාධු.... (දී)
මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා, සාධු.... සාධු.... සාධු.... (දී)
මේවා මතු පලදෙන කර්ම. බුදු සරණයි (දී)
නායක හාමුදුරුවන්ගේ සාසනික සේවය අගයමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමි. (ස)
ප්‍රංශයේ සිංහලයන්ට වඩා විජාතික බෞද්ධයෝ සිංහලයන්ට වඩා ආගමික කටයුතු වෙනුවෙන් විශාල මෙහෙයක් කරනවා.(නදී)
@ජීවන් මොහොමඩ්! - මෙහෙ පල්ලි හදාගන්න ඉඩමයි, 'බෝ' කර ගන්න ගෑනුත් ගන්න ඉඩ දුන්න කියලයි අපි දන්නේ. අනෙක මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තම්න්ගේ ආගම පාඩුවේ අද්හා ගන්න කියලයි කියන්නේ. 'පල්ලී' වහන්න කියන්නේ නෑ කොහෙවත්! 'පජාති-වැඩ' ආගමේ නාමෙන් කරන්න එපා කියල යි කියන්නේ. මීට වඩා ඔයාට තේරුම් කරනවා මේ පෝස්ට් එක ආගමික කටයුත්තක් නූන නම්... (ස)
බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කල උදාර වැඩක් (දී)
මධ්‍යස්ථාන වලින්නම් අඩුවක් නෑ, ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බුදුදහම එහි නොමැති වීමයි (ස)
දළදා සමිදු පිහිටයි (ස)
නිල්මිණී නංගී ඒ අක්කාගේ හිනාව නමි ඇල්ලුවේ නෑ තමයි. අක්කා හාමුදුරුවන්ට විහිලුවක් කරනවාද? (නදී)
පළමුව මෙම වැඩේට සුභපතන්න. නමුත් බෞද්ධයන් නොවන අයගේ ප්‍රතිචාර බලන විට කනගාටුයි. කෙසේ වෙතත් සියළුම ආගමි වලට හා එම ආගම් නායකයන්ට ගරු කිරීම හරිම වැදගත් හොද ක්‍රියාවකි.(නදී)
ආදර්ශමත් වැඩක් (දී)
අපේ හාමුදුරුවනේ නැද්ද අදහසක් ඔය වියදම් කරන මුදලින් ලංකාවේ දුප්පත් බෞදයන්ව ගොඩ නගලා මෙතෙරට බණ කියන්න? වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම අපරාද සිදුවන්නේ ලංකාවෙ නේද? (නි)
අපේ නායක හාමුදුරුවන්ට තවත් ආගමික සේවා සිදුකරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
පන්සල් ආරාම හදන එක මහා කුසලයක් (දී)
මගේ සුභ පැතුම් නායක හිමියනි! (නි)
අප ගෞරවණීය නායක හාමුදුරුවන්ට දීර්ඝායු වේවා , සියළු කටයුතූ තුරුණුරුවන් සරණින් සාර්ථක වේවා (ස)