නව පොලිස්පති ලෙස ව්‍යවස්ථාදායක සභාවෙන් නම් කළ පූජිත ජයසුන්දර මහතාට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සුබ පැතුම් පළවේ.
මෙම පදවියට පත්වීමට පෙර ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහුගේ සමාජ සේවා කටයුතු හා පෞද්ගලික විස්තර පළ කළේය.
ඒවාට බොහෝ පිරිසකගේ ප්‍රතිචාර නොඅඩුව ලැබිණි.
කුරුණෑගල උපන් ජයසුන්දර මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය අකුරටම ඉටුවේවි ඔබට දෙවිපිහිටයි.(හේ)
ඔබට මම හිස නමා ආචාර කරමි! (නි)
පොලිස්පතිගේ පත්වීම අනුමත කරන්නේ රටේ විධායකයයි. අපක්ෂපාතීව රාජකාරිය කරන්න අමාරුයි. අපි දුටුවනේ පොලිසිය දේශපාලන නායකත්වය ළඟ මොනතරම් අසරණ වුණාද කියලා. (නි)
රට තුල ජීවත් වන අවංක පුරවැසියනට පොලිස්පති ලෙස කව්රු පත්වුවත් එය ඔවුන්ට අදාළ නොවේ. (බ)
ඔබේ ඉදිරි සේවා කාලයේදී ඔබ ලෝක පූජිත මහත්මයෙක් වීමට වාසනාව සහ ධෛර්ය ලැබේවා. ඔබට ජය.(ම)
රටේ බහුතරයම් මේ මනුසයගේ පත්වීම ගැන උදම් අනිද්දී , සුබපැතුම් එක් කරද්දී ගොබ්බ දේශපාලකයෝ කියනවා මේ පත් කිරීම වැරදිලු ව්‍යවස්ථා විරෝධිලු , අනේ මගේ කට ! (බ)
යහපත් මිනිසකු මෙම තනතුර හෙබවීම ඉතා සතුටට කරුණකි. ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඔබේ රාජකාරීය හොඳින් කරගෙන යාමට සුබ පතමි. එසේම නිදුක් නිරෝගී ආයුෂයෙන් පිරුනු අනාගතයක් පතමි. (ර)
අවංක නිලධාරියෙක් ලෙස ඉදිරියටත් අප රටට සේවය කිරීමට ශක්තිය ධෛර්යයත් ලැබේවා ඔබතුමාට සුබපතනවා, ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා (ම)
ඔබතුමා එදා සිට අද දක්වාම ආ මඟ යහපති! නීතිය අකුරටම ඉටුකළ මහත්මයෙකි. එහෙත් මේ රටේ ඔබතුමාට කොතෙක් දුරට ඔය ගමන මේ දේශපාලුවන් යන්න දෙයිද කියන එකයි මට ඇති ප්‍රශ්නය. මුළු රටේම ජනතාවගේ බලාපොරොත්තු ඔබතුමා ළඟයි. ඔබතුමාට දළදා හිමි සරණයි! (නි)
මම බොහොම කැමති පොලිස් නිලධාරියෙක්. මෙතුමා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිතුමා විදියට රාජකාරී කරද්දී හැම පොලිස් නිලධාරියෙක්ම මහජනයාට කාරුණිකව සේවය කළා. මෙතුමාගේ ජංගම දුරකථන අංකය ප්‍රසිද්ධ කරලා තිබුණා පොලිසියෙන් යම් අසාධාරනයක් වුණොත් දැනුම් දෙන්න කියලා. රථවාහන නිලධාරින්ට පාරේ හැංගිලා ඉන්නේ නැතුව පෙනෙන්න ඉන්න කියලා නියෝග කරලා තිබුණා. දැන් ඔබතුමාට මුළු රටම ගරු පොලිස් සේවයක් කරන්න පුළුවන්. (නි)
මෙන්න අපේ සුභ පැතුම් අපේ පොලිස්පති තුමණි.....(හේ)
ලංකාවේ පොලීසියේ නම කැතකරන පරණ විදියටම ඉන්න නිලධාරින් නිසා මහජනයාත් පොලීසියත් දුරස්වෙලා.මෙවැනි නිලධාරීන්ගේ ඔළුගෙඩි වෙනස් කර සැබෑ මහජන මිත්‍රශිලී පොලීසියක් හදන්න හැකිවේවා. (නි)
දස දෙස පුජිත නම පමණක් නොව. කළ සෑම වැඩකම පුජිත නම්විය. ඔහු මිස වෙන කවරෙකු විද මේතු කල . පුජිත තනතුර බබලනු නිසැකය.(බ)
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගේ ප්‍රණාමය! (නි)
ඔබතුමා ජනපතිවේවා (බ)
මෑත කාලයකදී හැමෝම සුබ පැතූ, වැරැද්දක් නොකියූ ඔබ හැර වෙන කෙනෙකු සිටියේද? මෙයම ඔබට අභිමානයකි (නි)
ඔබතුමාට දේව ආශීර්වාදය ලැබේවා! (නි)
ඔබට ජයවේවා!
...සිංහයින් වාසය කරන වනාන්තරයේ බොහෝ කැනහිලුන් වෙසෙති. හඳුනාගත යුතු වන්නේ,ඒ අයගේ ගතිපැවතුම්ය ඔබතුමාද සිංහයෙකි. අණ බණ දෙකම දන්නා ඔබතුමාට බොහෝ දෙනෙකුගේ ඇවතුම් ,පැවතුම් තේරුම් ගැනීම් අපහසු නැත.එසේම වේවා! නිදුක් වේවා!!නීරෝගී වේවා!!!....(හේ)
ඔබ නිතිය හා ජනතාව අතර වෙනස දුටු නීති ගරුක මහත්මයකි .ඔබට කල හැකි දෑ අපමණය. අද රටම ඔබට ගරු කරන්නේ ජනතාවගේ පොලිස්පති නිසාය.එමෙන්ම හිටපු පොලිස්පතිතුමනි ඔබත් ගරු කටයුතු මහත්මයෙකි . (ම)
ඔබතුමාට අපෙන් ආසිරි! (නි)
මෑත කාලයේ බිහිවුනු කව්රුත් දන්නා කියන රටේ මතු අනාගතය වෙනුවෙන් බොහෝ කටයුතු කළ උතුම් පුද්ගලයෙක්. (බ)
සුදුසුම පුද්ගලයාට හිමි සුදුසුම තනතුර, කාලයකින් අපේ රටේ ලැබුණ විරලම අවස්ථාවක්.ප්‍රිය මහත්මයාණෙනි,මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන, රටේ දශක කිහිපයක් තිස්සේ ඔඩු දුවා ඇති සමාජ විෂමතාවන්,අපරාධ, සහ කුඩු සහ මත්ද්‍රව්‍ය උවදුරත්,නැත්තටම නැතිකිරීමට, ඒවා පසුගිය ඉතිහාසයට පමණක් සීමාවූ වදන් පමණක්ම කිරීමට,ඔබට යෝධ ශක්තියක් සහ දෙවියන්ගේ රැකවරණයත්, බුදුන්ගේ අනුහසත් ලැබේවා. (ම)
අවංක නිලධාරියෙක් ලෙස ඉදිරියටත් අප රටට සේවය කිරීමට ශක්තිය ධෛර්යයත් ලැබේවා! ඔබට දැනට අප හදෙහි ඔබට ඇති ගෞරවය සැම කල් රැක ගැනීමට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා! (බ)
ගරු පොලිස්පතිතුමනි, ඔබතුමාගේ පත්වීම දේශපාලන පත්වීමක් නොව, ව්‍යවස්ථා සභාව විසින් 7/5ක ඡන්දයකින් පත් වූ මෑත ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ පත්වීමකි. ඔබතුමාට මේ පත්වීම අභියෝගයකි. ඔබතුමාගේ චරිතය දෙස බලන විට, මෙය ඔබතුමාට ඉතා පහසු ඉලක්කයක් බව රටවැසියාගේ මතයයි. ඔබතුමාගෙන් අද රටම ඇසිපිය නොහෙලා බලා සිටින්නේ රටේ සාමය හා සෞභාග්‍යයයි. ධර්මිෂ්ට නිදහස් නිවහල් රටක් බිහිකිරීම ඔබතුමාට බාරයි. චිරං ජයතු.....!!! (නි)
පුජිත මහත්මාණෙනි, ඔබටත් ඔබ වැනි පුතෙකු බිහිකළ ඔබතුමාගේ දෙමාපියන්ටත් මම සුබ පතමි! (නි)
කාලෙකට පස්සේ සුදුස්සාට සුදුසු තැන ලැබුන අවස්ථාවක් අහන්ට දකින්ට ලැබුනා. පුජිත ඔබට ජය! (බ)
මගේ නම් මහලොකු බලාපොරොත්තු නැහැ. ලංකාවේ පොලිසියනේ පාලනය කරන්න වෙන්නේ. (නි)
පුළුවන් නම් පක්ෂ විපක්ෂ වැරදි කරන හැමෝටම නීතිය කරලා පෙන්වන්න. අන්න එදාට අපේ ගෞරවය දෙන්නම්. (නි)
සුබ පතන්නෙමි ඔබට ත්‍රිවිද රත්නයේ පිහිට නොමදව සහ නිරන්තරව ලැබී ඔබේ රාජකාරීය හොඳින් කරගැනීමට හැකි වේවා. ජීවත ආරක්ෂාව ලැබේවා. (හේ)
ඔබ තුමා ශ්‍රී ලංකා පොලිස් සේවාවේ පුජිතම පුජිත\n වේවා !(රේ)
ඔබතුමාට අපගේ සුබ පැතුම්.(හේ)
චුට්ටක් විතර පොලිසිය සුද්ද කරන්ඩ. අත දාන්ඩ. හුඟක් මිනිස්සු සත්තු වෙනවා පොලිසි ගිහින් අවට පස්සේ.(අ)
ඔබතුමා නික්ම යන දිනදී අවංකව සතුටු විය හැකි පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩ නැගීමේ ශක්තිය හා දහිරිය පතමු . ජය වේවා ! (හේ)
උණුසුම් සුබපැතුම් අවංක සහ කාර්යක්ෂම සේවයක් මහජනතාවට ලබාදෙන්න හැකි වේවා.! (ර)
ඔබට මගෙනුත් සුබ පැතුම්! (නි)
යහපාලන ආණ්ඩුව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් බව මේ පත්කිරීමෙන් ඔප්පුවුණා (නි)
බොහෝ දෙනා බලාපොරොත්තුවන වෙනස පොලිසිය තුළත් මහජනතාව අතරත් ඇතිකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
කවුරුහරි තමාගේ තත්ත්වය රැක ගැනීමට උත්සාහ කරනවානම් ඔහු එයට නිතරගයෙන් පත්වනවා. ඔහුගේ නීතිගරුක ගුණගරුක ක්‍රියා ඔහුගේ තනතුර බබළවනවා. (බ)
දේසපාලුවෝ කරන්න දෙන්නේ නැහැ..., ඕකයි තත්වය (බ)
මේ පත්වීමට විරුද්ධ ඇල් වතුරත් නිවලා බොන සමහරු විතරයි (නි)
5 ශිෂ්යත්ව පන්තියේ ආදිශියින්ගේ සංගමයේ ප්රේණාමය. (ර)
අපි ඔබට සුබ පතනවා විරයා! (නි)
අපි නව රජයටත් සුබ පැතුවේ මේ අකාරයෙන්ම, ලොකු බලාපොරොත්තු සමග, මොහුටත් ඒ වගේමයි, එහෙත් අපේ බලාපොරොත්තු නව රජය ඉවත දැම්මා, මොහුත් එසේම නොවේවා කියා පතමි.! (ර)