
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ මහතා විසින්ම ඉල්ලා අස්කරගන්නා ලදි.
මෙසේ පෙත්සම අස්කරගනු ලැබුවේ පෙත්සම පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසුවය.
ඊට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළේය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව නීතියට පටහැනිව තමන් අනිවාර්යය නිවාඩු ගැන්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට වලක්වාගත හැකිව තිබු සාතිශය අපරාධයක් නිසා අහිංසක මිනිස්සු මැරුණා . දැං ඉතිරිවෙලා ඉන්න උන්ට නාට්‍ය පෙන්වනවා...
පූජිත්ම ඉල්ලා අස්කරගත්තා කියන්නේ වෙන කාටහරිත් ඉල්ලා අස්කරගන්න පුලුවනිද?
යුනිෆෝම් එක කියලා ඇදගෙන ඉදලා තියෙන්නෙ පීතාම්බර පටවස්ත්‍රයක් නේද පූජියා......