ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස ව්‍යස්ථා සභාවෙන් තෝරාගෙන ඇතැයි දැනගන්නට ඇත. ඔහුගේ නම ජනපතිට යැවීමට නියමිතය. ජයසුන්දර මහතා ව්‍යවස්ථා සභාවේ වැඩි ජන්දයෙන් තෝරාපත් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කියයි.
ව්‍යවස්ථා සභාව අද (18) පස්වරු 3.15 පාර්ලිමේන්තු මන්දිරයේ දී රැස්වී මිනිත්තු 45 කින් පමණ අවසන් වු බව දැනගන්නට ඇත. එහි සාමාජිකයන් දස දෙනාගෙන් හත් දෙනෙකු ද පොලිස්පති අපේක්ෂයන් තිදෙනා ද පැමිණ සිටි බව වාර්තා වේ. සිබ්ලි අසීස් හා රාධිකා කුමාරස්වාමි නොපැමිණි බව ද වාර්තා වෙයි.
එම අපේක්ෂකයන් ව්‍යවස්ථා සභාව ඉදිරියේ පෙනී නොසිටි බවත් දැනගන්නට ඇත. ප්‍රශ්නයක් මතු වුවහොත් ඒ ගැන විමසිමට ඔවුන් කැඳවු බව වාර්තා වෙයි. ඔවුන්ගෙන් වැඩිමලා වික්‍රමසිංහයි. ඔහුගේ වයස අවුරුදු 57 කි. පුජිත් ජයසුන්දරගේ වයස අවුරුදු 56+ කි. චන්දන වික්‍රමරත්නගේ වයස අවුරුදු 53 කි. ජයසුන්දරට පොලිස්පති පදවියේ වසර තුනහමාරක් පමණ සේවය කිරිමට ඉඩ කඩ සැලසෙයි. චන්දන වික්‍රමරත්න පොලිස්පති පදවියට පත් වුයේ නම් අවුරුදු හතකට ආසන්න කාලයක් සේවය කිරිමට ඉඩකඩ ලැබේ. එහෙත් ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස්පතිවරයකු එපමණ කාලයක් සේවය කර නැත. දැනට පවතින තත්ත්වය අනුව ජයසුන්දර විශ්‍රාම යන්නට පෙර වික්‍රමසිංහ විශ්‍රාම යා යුතුය. සේවය දිර්ඝ නොකළහොත් පොලිස්පතිවරයකුගේ සේවා කාලය අවුරුදු 60 න් අවසන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථා සභාව ගත් නි වැරදී තීන්දුවට මම ඇතුලු සියලු ලක් පුර වැසියන් හිසනමා ගරු ගාම්බිර පුර්වකව ආචාර කරමු ..නව පොලිස්පති තුමනි ඔබ තුමාට චරංජයතු ...(අ)
මට මුල ඉඳන්ම හිතේ විශ්වාසයක් තිබුණා මෙතුමා පත්වෙයි කියල, පරක්කුවෙලා හරි නියම සුදුස්ස ලැබුණා, දැන් ඉතින් පුළුවන් ඉක්මනට සුද්දකරලා දන්නා තියෙන්නේ (අ)
ඔබතුමා තමයි මෙම තනතුරට සුදුසුම තැනැත්තා . ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා (බ)
ඉතාම හොඳ තේරීමක්. (බ)
ලක් වැසි ජනයාට දුක්ගන්නා රාල නොහොත් මිනිසුන් අතර මිනිසකු රටේ සිවිල් නිතිය හා සාමය රකින මුල් පුටුවට පත්වීම යහපාලනයේ මංසලකුණු නව රජයෙන් විවරකළ වගයි .මගේ රටට දළදා හිමිසරණයි ..(බ)
ජනාධිපතිතුමාට .අගමැතිතුමාට . යහපාලනයට .ජයවේවා (බ)
ජයවේවා ..ජයවේවා ...ජයවේවා.......(බ)
යහපාලනයට සුබ අනාගතයක් (බ)
සුදුස්සාට සුදුසු තැන ජයවේවා ...(බ)
34 වැනි පොලිස්පති තුමනි චරංජයතු ...(අ)
අපගේ සුබපැතුම්
ඔබතුමාට සුබපතමි! නිලදාරීන් බඳවා ගැනීමේදී අතීතයේ සළකන ලද පසුබිම් වාර්තා හා පෞරුෂත්වයට තැනක් දෙන්න. උසස් පුහුණු උපදේශකයන් ලවා හොඳ පුහුණුවක් ලබා දුන්නොත් උසස් පොලිසියක් ඔබට ඇතිකළ හැකියි යනු මගේ විශ්වාසයයි (නි)
අපේ සුභපැතුම්, තෙරුවන් සරණින් දිඝායුෂ වේවා. (අ)
ඔබතුමාට උණුසුම් සුබපැතුම්! නිත්‍යානුකූලව හා හදවතට එකඟව සේවය කරන්න. (නි)
ජයවේවා පොලිස්පතිතුමනි, ජයවේවා! (නි)
සාමය රැකගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා...(අ)
ඔබතුමාට සුභ පැතුම්.., පාසල් මාතාවගේ නම නිවැරදිව ඉදිරියට ගෙනයන්න ලැබේවා!!! (ම)
සුබ පැතුම් අලුත් පොලිස්පතිතුමාට! (නි)
සුබ පැතුම්! මෙය තමයි යහපාලන වෙනස. ව්‍යවස්ථාදායක සභාව තුළින් නියම සුදුස්සා තෝරාගත්තා (නි)
නිර්භිත නිලධාරියකුට සුදුසුම නිලය ලැබේවා (ම)
ඔබතුමා දිවිය රැකවරණය ලැබෙනවා අර වරදක් නොකර හිර බත් කන ය ගැන සොයල බැලුවොතින් මම පෞද්ගලික පොලිස් කොමිසමේ ලොක්කා සමග කතා කරද්දී එයා කිව්වා 80% අහිංසකයෝ හිරබත් කනවා කියලා (ම)
ඔහු කුරුණෑගල පුත්‍රයෙක් .කුරුණෑගල අපිට ඔහු ඉමහත් ආඩම්බරයක් !(ම)
ඔබතුමා පොලිස්පති වීම ගැන වැඩියෙන් සතුටුවෙන්නේ පොලිස් නිලධාරීන් සහ නීතිගරුක මහජනතාවයි (නි)
පුද්ගලයා කවුරු වුණත් අපිට අවශ්‍ය පත්වෙන කෙනාගේ අපක්ෂපාතී සේවයයි. (නි)
ධර්මරාජයෙන් බිහිවූ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔබට ජය!!! (ම)
මෙන්න යහපාලනයේ සැබෑ වෙනස. සුබ අනාගතයක්! (නි)
දැනුම් ඇති වික්‍රමසිංහ මහතාගෙන් හොද සේවයක් ලබා ගන්න ඔබ තුමාට ඥානය පහළ වේවා (ම)
චිරන් ජයතු , පොලිසියෙන් ජනතාවට සහ රටට විය යුතු නියම සේවය ලබා දීමට හැකිවේවා!.(ම)
ඉදිරිපත් තිදෙනා අතරින් සුදුස්සා ඔහු බව මගෙත් විස්වාසයයි.ඔහුව ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම පත්කළ යුතුය . (ම)
පුජිත තමා නියම සුදුස්සා. මෙතුමා මට ජපානයේදී හමුවෙලා තියනවා. එවිට මම දැනගත්ත මෙයා කවද හරි පොලිස් පති වෙනවා කියල (ම)
කවුරු ආවත් වැඩ එයාලට ඕනි විදිහට තමයි අසරණ අයට ගුටි දේශපාලකයට ගරු නම්බ්බු (ම)
වඩාත්ම සුදුසු පුද්ගලයාට වඩාත්ම සුදුසු පදවියක් ලැබුණු ශ්‍රී ලංකික අපට කලාතුරකින් දකින්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් , නව පොලිස්පතිතුමනි ඔබට තෙරුවන් සරණ පතමි.(ම)
ඔබතුමාගේ පොලිස් ජිවිතය තුළ අතීතයේ කළ කී දෑ එක්ක නියම සුදුස්සා ඔබයි. පොලිසිය ජනතාව අතර අප්‍රසාදයෙන් තොරව රාජකාරි සිදු කරන්න ශක්තිය හැකියාව ලැබේවා! (නි)
දැන්නම් ඉතින් රටට හොඳ කලක් යයි (නි)
රන්ජිත් සිල්වා මැතිදුනි ... දෙදෙනාම එකම දිනයේ පොලිසියට බැදුනේය සම දැනුම දෙදෙනා තුළම ඇත ..(ම)
ඔබට සුබ පැතුම් නව පොලිස්පතිතුමනි! (නි)
මෙය දේශපාල පත්වීමක් නොව, ව්‍යවස්ථාදායක සභාව යනු ජනමතයයි. එය එසේනම්, ප්‍රජාතන්ත්‍රවාදී මෙම පත්වීම පිළිබඳව රටවැසියන් වන අප, ඉතා ඉහළින් යහපාලන රජයට ප්‍රශංසා කරමු. ඉදිරියේදීත් මෙවැනි මුල්පුටු පත්වීම් පිළිබඳ පෙනෙන සේ, මහජනයා සතුටුවන සේ යහපාලනය කටයුතු කළොත් රටට සුභ අනාගතයක් ඇතිවනු නොඅනුමානයි. (නි)
දසදෙස පුජිත නම පමණක් නොව.කල හැම වැඩකම පුජිත නම්විය. ඔහු මිස වෙන කවරෙකු විද මේතු කල. පුජිත තනතුර බබලනු නිසැකය.(ම)
ජනතා සේවයට කැපවු හෙළයින් අතරට සිංහල ඉතිහාස පොතට ඔබගේ නමද ඇතුළත් වනු නියතයි (නි)
සුබ අනාගතයකට යහපාලනයක්! (නි)
තීන්දුව ඉතා නිවැරදියි. හරි සතුටුයි. ජයවේවා! (නි)
ආණ්ඩුවේ යහපාලනයට සුබ අනාගතයක්! ජයවේවා! (නි)
ජනපති, අගමැතිට ජයවේවා ජනමතයට කන්දුන්නට! (නි)
ජයවේවා! ජය......ජය.....ජය...!!! (නි)
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි! සාදු ..සාදු ...සාදු..!! (නි)
ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්! සුදුස්සාට නිසි තැන ලැබුණා. නැකත වැරදියි කිව්වා වගේ මහින්ද මහත්තයා කියයිද දන්නේ නැහැ මේ තීරණයත් වැරදියි කියලා. (නි)
කේසර සිංහයෙකු හෙල දෙරණට යහපාලනයෙන් දොරට වැඩූ වගයි! (නි)
රටේ ජනයාට යහපාලනයක්! (නි)
රජුට උවමනා කෙනා තෝරාගන්න ක්‍රමය අවසන්වී අැත. නමුත් සමහරුන්ට මෙය නොතේරෙයි (නි)
එදා ව්‍යවස්ථා සභා තිබුනද? දන්නේ නැති නිසයි අහන්නේ (නි)
එදා මොන ව්‍යවස්ථා සබාද....? වන් මෑන් ෂෝනේ.... (නි)
ලෝක පුජිතයන්ගේ ජය සුන්දරයි ...(ම)
උණුසුම් සුබ පැතුම්! ජයවේවා...! (නි)
මේ තීරණය ගත් සැමට ජයවේවා! (නි)
පුජිත් ජයසුන්දර මහතාණනි ඔබට චිරංජයතු ...(ම)
තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබතුමාව රකිත්වා! (නි)
ඔබට විෂ්ණු කතරගම දෙවි පිහිටයි! (නි)
මැතිදුනි ජයවේවා ..(ම)
දුගී දුප්පත් ජනතාවට ජයවේවා! (නි)
ජයවේවා.. ජය.. ජය.. ජය.. ජයමවේවා! (නි)
සුබ අනාගතයක් ඔබට පොලිස්පතිතුමනි ..(ම)
මගේ මව්බිමේ පාතාල භීෂණය සහ දුෂණය නැතිකොට සාමය සමාදානය පැතිරවීමට සුදුස්සා ඔබ බවයි මගේ හැඟීම (නි)
මගේ උඩ ලියපු අනාවැකිය හරියටම හරිගියා. කොහොම නමුත් ඔබට මේ අභියෝගාත්මක තනතුර කරගෙන යාමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
නව පොලිස්පතිතුමාට මෙන්ම විශ්‍රාම ගිය පොලිස්පතිතුමාටත් ජය පතමි ! (නි)
මමත් ඔබගේ අදහස අනුමත කරනවා, චානක (නි)
හිතවත් ජයසුන්දර මැතිතුමනි, ඔබතුමා ගැන මුළු සාමය අගයන මුළු ශ්‍රී ලාංකික ජාතියම මහත් බලාපොරොත්තු තබා ඇත. එයට ප්‍රධාන හේතුව , ඔබ මුළු පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් අභිමානයක් ගොඩනගාගෙන තිබීමයි. එයට ඔබගේ අධ්‍යාපන සුදුසුකම්ද පිටුවහලක් වී ඇත. පළමුවද, දෙවනුවද ඔබව මේ ලොවට බිහිකළ දෙමවුපියන්ට සහ හොඳ නරක පහදා දී නැණනුවන දුන් ගුරුවරුන්ට ගොඩක් තුති. ඔබට වැඩ කිරීමට ලෝකයක් වටිනා ජනාධිපති සහ අගමැති දෙපලක් ලැබී ඇත. අහිංසක ශ්‍රී ලාංකික ජනතාව සියලු බැමි පරදවා ආරක්‍ෂා කරන්න. ඔබට තිස්තුන් කෝටියක් දෙවිඳුන්ගේ රැකවරණයි! (නි)
එ්ක හොඳ විනිශ්චයක්. ඔහු හොඳ නිළධාරියෙක්, වැදගත් මහත්මයෙක්. දේශපාලුවන්ට හිස නමන කෙනෙක් නොවෙයි. (නි)
ජනතාව ඔබතුමාගේ උපරිම සේවය අපේක්ෂා කරයි (නි)
බොහොම හොඳයි. යන්තම් ඇති සුදුස්සෙකුට ඉඳහිටවත් මේ රටේ දැන් තනතුරක් ලැබෙනවා. මේ කුඩු වසංගතය රටෙන් දුරුකරන්න පුළුවන් නම් මෙතුමාට ඒ පිනම ඇති. (නි)
ඔබතුමාට නිදුක් නිරෝගී සුබ අනාගතයක්! (නි)
පොලිස්පතිතුමනි, අපේ රටේ සාමය රැකීම ඔබේ අතේ! (නි)
දුෂණයෙන් තොර සියලු දෙනාට එක සේ සළකන පොලිසියක් ඔබතුමා පොලිස්පති තනතුර දරන කාලයේදී ඇතිකිරීමට ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
අපි හිතනවා 2005 හේ සිට අද දක්වා හොරු අත්අඩංගුවට ගෙන අවශ්‍ය පියවර ඉක්මණින් ගනියි කියා (නි)
පත්වීම ඉතා නිවැරදියි. සතුටුයි. ජයවේවා! (නි)
ලංකාවේ දේශපාලන බලය මඟින් තනතුරු ලබාගන්නා ඹ්නෑම ජගතෙකුට සිදුවන්නේ කුමක්දැයි අපි දන්නවා. නමුත් පුද්ගලයාට අවශ්‍ය ඉහළ තනතුර නිසා මොනතරම් දේ වුණත් ඔහු මුහුණදෙනවා. මේවා බොරු කියා කාටවත් කියන්න බැහැ. මන්ද පසුගිය කාලය පුරාම මෙම සිදුවීම් දුටු නිසා. (නි)
ජයවේවා... නියමයි... නියමයි... නියමයි... ජයවේවා.....! (නි)
භික්ෂූ බලකායෙන් වත් ආරක්ෂාවක් ඉල්ලගන්න ඔබවත් හොරෙන් අරන් යන්න ඉඩ තියෙනවා .කාර්යාලයේ ඉන්නවිට හොදට ඉබි යතුරු දමා ඇතුලෙන් දොර ජනෙල් වසාගෙන යතුරු සාක්කුවේ දමාගන්න ඔබේ ආරක්ෂාවට (බ)
පොලිසියේ අනවශ්‍ය වියදම් කපාහැර, ආර්ථිකය දියුණුකර බඩු මිල අඩුකිරීමට පොලිසියේ දායකත්වයත් ලබාදෙන්න. (නි)
නලින් හරි. ජනතාවගේ පෝෂණය පිළිබඳව විශාල කතිකාවතක් ඇතිවී ඇති මෙවන් අවදියක පොලිසිය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන වියදම් සීමාකර ආහාර මිල පහත හෙළීමට දායක වියයුතුයි. (නි)
ඔබට මගෙන් සුබ පැතුම්! (නි)
පොලිසිය කෙළින් කිරීමේ කර්තව්‍ය ඉටුකිරීමට ඔබට හැකියාව ලැබේවා! (නි)
හොඳ තේරිමක් ඔබට අපගේ සුබ පැතුම් (ම)
ඕක තමයි යහපාලනය කියන්නේ. රටට ඕනෑ කරන්නේ ඔයවගේ පාලනයක්. මෙච්චර කාලයකට වුණේ් ජනාධිපතිට ඕනෑ කෙනාව දාගන්න එක. ඒ ක්‍රමය දැන් වෙනස් වෙලා. තව ගොඩක් දේවල් තියෙනවා වෙනස්වෙන්න. ඉතිරිටිකත් ඔයවගේම කරන්න (නි)
අපේ බලාපොරොත්තු ඉටු වන දවසක් ජයවේවා (ම)
සුදුස්සන් අතර වඩා සුදුස්සා ඔබය (ම)
ඉතා වටිනා තේරීමක්. (ම)
ඔබේ උසස්වීම පිළිබඳ අපගේ සතුට පිළිගන්න. ඔබේ රාජකාරියේ ප්‍රධාන අංගයක් ලෙස මාර්ගවල පුද්ගලික බස් හා ත්‍රිරෝද රථ මඟින් සිදුකරන අකටයුතුකම් ගැන අවධානය යොමු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. (නි)
තෙරුවන් සරණයි. උතුම් සේවා කාලයකට සුබ පැතුම්! ලැබූ අලුත් අවුරුද්ද සුබ වන බවට පළමු ඉඟිය මෙය වේවා! (නි)
සැම කටයුතක්ම සාර්ථකව හා අවංකව ඉටුකිරීම සදහා චිත්ත ධෛරය හැම විටම ලැබෙවා!!! (ම)
ඔබට මගේ සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! ඔබතුමාත් වාස් ගුණවර්දන මහත්තයා වගේ දක්ෂ නිලධාරියෙක් (නි)
ජය වේවා නව පොලිස් පතිතුමනි! (අ)
මෙතුමාට මේ තැන ලැබෙයි කියලා අපි විශ්වාස කළා (නි)
කවුරු පත් වුනත් කාරී නැහැ අවංක සේවයක් රටටත් එම ආයතනයටත් වෙනවනම්. සුබපතමි ඔහුට එසේ කිරීමට හැකි වේවායි කියලා! (බ)
පොලිසිය වෙනුවෙන් සේවය කරන්න යන්නේ නැතුව මහජනතාව වෙනුවෙන් සේවය කරනවා නම් සාර්ථක පොලිස්පතිවරයෙක් වශයෙන් විශ්‍රාම යන්න ලැබේවි කලින් අය වගේ නැතුව. (නි)
පුජිත් ජයසුන්දර කාර්යශූර සහ තම රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලින් කරන ජනහිතකාමී අවංක පොලිස් නිලධාරියෙකි. ඔහුගේ මෙම පත්වීම රටේ භාග්‍යකි. ඔහුට මම සුභ පතමි. (බ)
උණුසුම් සුබ පැතුම් දයාබර පූජිත් ! (බ)
ඔබතුමාට කම්බා හොරුන් ඇල්ලීමේ ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
නව පොලිස්පති ජයසුන්දර මහතාට දිරිය ලැබේවා !!! (බ)
ව්‍යවස්ථා සභාව හරි කෙනාව තෝරලා තියනවා පුජිත් ජයසුන්දර මහත්මය හොද නමක් ඇති නිලධාරියෙක් එතුමාට අපේ සුබපැතුම් (අ)
සුබ පැතුම් ... (ම)
නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ (ම)
අනේ හරි බයෙන් හිටියේ . ඔබතුමාට තනතුර ලැබීම පිලිබඳ හරිම සතුටුයි (ම)