IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැජට් පාර යයි : ගී පොත එයි

මහගම සේකර මහා ගීත රචකයා නමින්, කොළඹ 07 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පැජට් පාර නම් කිරීම අද (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මහගම සේකර මාවත ලෙසින් නම් කෙරුණු නාම පුවරුව ජනාධිපතිතුමා අතින් විවෘත විය. ගැසට් පත්‍රය මහගම සේකර සූරීන්ගේ පුත් රවීන්ද්‍ර මහගම සේකරට  ජනාධීපති බාර දුන්නේය.

පණ්ඩිත් අමරදේවයෝ මහගම සේකරයන් සහ ඔහුගේ නිර්මාණ පිළිබදව කෙටි ඇගයීමක් කළහ.'අපි දෙන්නා හරියට ගී පොතයි මීවිතයි වාගේ' යැයි අමරදේවයෝ කීහ. මහාචාර්ය සරත් විජේසූරිය මහගම සේකරයන් පිළිබද කෙටි සමරු දේශනයක් පැවැත්වීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ අකුරැටියේ නන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ඇතුඑ දේශපාලනඥයින් ද ආචාර්ය මහාචාර්යවරු  ද මාධ්‍යවේදීහු ද කලාකරුවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sekara_201647 Sekara_201647-2 Sekara_2016473 Sekara_2016473-3

 

 



අදහස් (0)

පැජට් පාර යයි : ගී පොත එයි

ෂෙවොන් Friday, 08 April 2016 07:54 AM

නිහතමානී නායකයෙකි (බ)

:       0       0

අබය Thursday, 07 April 2016 09:21 PM

රටට බිහිවුණු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වෙනුවෙන් කළ දේ විශිෂ්ටයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 07 April 2016 12:04 PM

නම මාරු කිරීම් පමණකින් රටකට අපමණ අගයක් ලැබේවිද (බ)

:       0       0

රොහාන් ජයසේකර Thursday, 07 April 2016 12:51 PM

කරපු එකම සංවර්ධනය ඕක විතරයි. මුළු මාස 16 කටම. (බ)

:       0       0

රංජිත් Thursday, 07 April 2016 01:21 PM

ඉතින් අපේ ජනාධිපති තුමාට එහෙමකට කියල හරිහමන් වැඩකුත් නැති එකේ , පාරක් වත් විවෘත කරගෙන ඉන්න හොදා. (බ)

:       0       0

උපාලි Thursday, 07 April 2016 01:41 PM

එතන තියෙන පුටු තුනේ ස්වාමින් වහන්සේලා දෙනමයි, අමරදේවයිනුයි වාඩිකරවලා තමන් හිටගෙන ඉන්න තරම් ජනාධිපතිතුමා නිහතමානී වීම හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 07 April 2016 01:49 PM

කොහේ බැලුවත් දේශපාලකයෙක් ගෑවිලා. ඔන්න ඕකට තමයි අපි අකමැති (නි)

:       0       0

කින් බෙනට් Thursday, 07 April 2016 01:56 PM

ඒ කාලේ සුද්දෝ හදපු පාරවල් නැත්නම් අපේ කෙනෙක්ගේ නමින් නම් කරන්නවත් පාරක් හදපු එකක්යැ. (නි)

:       0       0

අනුලා Thursday, 07 April 2016 02:30 PM

ඒ කරපු දේට අපිටත් සතුටුයි.(හේ)

:       0       0

අතුරා Thursday, 07 April 2016 02:31 PM

ඒක හොදයි.(හේ)

:       0       0

විමල් Thursday, 07 April 2016 02:41 PM

ජනපතිට හොඳ අදහස් තියෙනවා. ඒත් දේශපාලනයේදී ගන්න සමහර තීන්දු තමයි හොඳ නැත්තේ (නි)

:       0       0

සේනක Friday, 08 April 2016 02:35 PM

මේ මාවත සේකර නමින් විවෘත කිරීම උතුම් ක්‍රියාවක්. නමුත් ඒ විදග්ධ සාහිත්‍යධරයා ගේ ශ්‍රී නාමය වෙනුවෙන් තව දුරටත් කළයුතු සහ කළහැකි සේවාවන් වෙනුවෙන් අදාළ බලධාරීන්ට නැණ නුවණ පහළ වේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site