මහගම සේකර මහා ගීත රචකයා නමින්, කොළඹ 07 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පැජට් පාර නම් කිරීම අද (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මහගම සේකර මාවත ලෙසින් නම් කෙරුණු නාම පුවරුව ජනාධිපතිතුමා අතින් විවෘත විය. ගැසට් පත්‍රය මහගම සේකර සූරීන්ගේ පුත් රවීන්ද්‍ර මහගම සේකරට ජනාධීපති බාර දුන්නේය.
පණ්ඩිත් අමරදේවයෝ මහගම සේකරයන් සහ ඔහුගේ නිර්මාණ පිළිබදව කෙටි ඇගයීමක් කළහ.'අපි දෙන්නා හරියට ගී පොතයි මීවිතයි වාගේ' යැයි අමරදේවයෝ කීහ. මහාචාර්ය සරත් විජේසූරිය මහගම සේකරයන් පිළිබද කෙටි සමරු දේශනයක් පැවැත්වීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ අකුරැටියේ නන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ඇතුඑ දේශපාලනඥයින් ද ආචාර්ය මහාචාර්යවරු ද මාධ්‍යවේදීහු ද කලාකරුවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහතමානී නායකයෙකි (බ)
රටට බිහිවුණු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වෙනුවෙන් කළ දේ විශිෂ්ටයි. (නි)
නම මාරු කිරීම් පමණකින් රටකට අපමණ අගයක් ලැබේවිද (බ)
කරපු එකම සංවර්ධනය ඕක විතරයි. මුළු මාස 16 කටම. (බ)
ඉතින් අපේ ජනාධිපති තුමාට එහෙමකට කියල හරිහමන් වැඩකුත් නැති එකේ , පාරක් වත් විවෘත කරගෙන ඉන්න හොදා. (බ)
එතන තියෙන පුටු තුනේ ස්වාමින් වහන්සේලා දෙනමයි, අමරදේවයිනුයි වාඩිකරවලා තමන් හිටගෙන ඉන්න තරම් ජනාධිපතිතුමා නිහතමානී වීම හොඳ ආදර්ශයක්. (නි)
කොහේ බැලුවත් දේශපාලකයෙක් ගෑවිලා. ඔන්න ඕකට තමයි අපි අකමැති (නි)
ඒ කාලේ සුද්දෝ හදපු පාරවල් නැත්නම් අපේ කෙනෙක්ගේ නමින් නම් කරන්නවත් පාරක් හදපු එකක්යැ. (නි)
ඒ කරපු දේට අපිටත් සතුටුයි.(හේ)
ඒක හොදයි.(හේ)
ජනපතිට හොඳ අදහස් තියෙනවා. ඒත් දේශපාලනයේදී ගන්න සමහර තීන්දු තමයි හොඳ නැත්තේ (නි)
මේ මාවත සේකර නමින් විවෘත කිරීම උතුම් ක්‍රියාවක්. නමුත් ඒ විදග්ධ සාහිත්‍යධරයා ගේ ශ්‍රී නාමය වෙනුවෙන් තව දුරටත් කළයුතු සහ කළහැකි සේවාවන් වෙනුවෙන් අදාළ බලධාරීන්ට නැණ නුවණ පහළ වේවා! (බ)