IMG-LOGO

පූජා එක්ක සෙල්ෆියක්...

2016-06-24-ent-104මේ දිනවල "පත්තිනි" චිත්‍රපටය පෙන්නන සිනමා ශාලා පසුකරගෙන යනකොට හිතට දැනෙන්නෙ අමුතුම ප්‍රබෝධයක්. සිංහල චිත්‍රපට බලන්නත් මේ වගේ සෙනඟක් මේ රටේ ඉන්නවනෙ කියලා හිතෙන කොට මාර ෆිට් එකක් එන්නෙ.

ඔන්න ඒ ෆිට් එක වැඩි වෙනවත් එක්ක පත්තිනි චිත්‍රපටයට දවස් 50ත් පැනලා. රටේ ඔය තරම් ගංවතුර උවදුරක් තිබියදීත් දවස් 44ක් වෙද්දි ලක්ෂ 1,000ක ආදායමක් උපයන්නත් "පත්තිනි"ට පුළුවන් වෙලා කියලා ආරංචියි. හොඳ චිත්‍රපට හැදුවොත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මේ රටේ ප්‍රේක්ෂකයො බුද්ධිමත්ව ඔප්පු කරලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩ කටයුතු ඉතාම ක්‍රමානුකූලව කරගෙන යන්නෙ ඊට රංගනයෙන් දායක වුණු පූජා උමාශංකර් හා උද්දික ප්‍රේමරත්නගේ උද්යෝගිමත් සහභාගීත්වයෙන්.

පූජා, උද්දික "පත්තිනි" පෙන්නන ශාලාවලට ගිහිං ප්‍රේක්ෂකයොත් එක්ක පින්තූර අරගෙන, කතාබහ කරලා, සින්දු කියලා හොඳ ෆන් එකක් දෙනවා. ඔන්න ඔය වගේ වෙලාවක ප්‍රේක්ෂකයො මේ දෙන්නව තියාගෙන පින්තූර ගන්නවා ඉවරයක් නැතුව.

මේ ළඟදි වැලිගම පැත්තෙ සිනමා ශාලාවකට පූජා, උද්දික ගිය වෙලාවක ඒ දෙන්නා මැදිකර ගෙන කට්ටිය ෆොටෝ ගන්නවලු, සෙල්ෆි ගන්නවලු. එකපාරටම එතනට පැන්න මැදිවියේ කාන්තාවක් පූජාගේ අතින් ඇදගෙන වෙන පැත්තකට ගිහිං එයත් එක්ක සෙල්ෆි එකක් ගත්තලු. හැමෝම තක්බීර් වෙලා බලං ඉන්නවලු. මේ ගෑනු කෙනා කට්ටියට මෙහෙම කිව්වලු: "මාත් මෙච්චර වෙලා බලං හිටියෙ පූජයි, උද්දිකයි එකටම ඉඳලා ෆොටෝ ගන්නවා, ගන්නවා ඉවරයක් නෑ. ඒ දෙන්නා ෆිල්ම් එකෙත් ඉන්නෙ එකට, මෙතනත් ඉන්නෙ එකට. අපිට පූජා එක්ක තනියෙන් සෙල්ෆියක් ගන්න චාන්ස් එකක් ලැබෙන්නෙම නෑ. ඒකයි මම පූජා නංගිව ඇදගෙන ගිහිං සෙල්ෆියක් ගත්තෙ. හැබැයි අපි මේ හැමදෙයක්ම කරන්නෙ ආදරේට හොඳේ."

අපිත් මේවා ලියන්නේ ආදරේට හොඳේ!

 

DESHAYA



අදහස් (0)

පූජා එක්ක සෙල්ෆියක්...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site