බද්දේගම අම්පෙගම වෙනියරාවෙල පැරණි අම්බලමක වසර තුනක් පමණ දිවි ගෙවූ අසරණ අයකු වන ඒ.ඩී.ජයසේන දින හතරකට පෙර මිය ගිය අතර අසල ත්‍රී රෝද රථ රියදුරෝ එක්ව ඔහුගේ මරණයේ කටයුතු සිදුකරති.
සිරුර බාරගත් ත්‍රී රෝද රියදුරෝ අවසන් ගෞරව සඳහා ජයසේනගේ දේහය අම්බලමේ තැන්පත් කළහ. අද(4) අවසන් කටයුතු සිදුකරන අතර අඟහරුවාදා මතක බණ දේශනාවකින් පසු සාංඝික දානයක්ද සූදානම් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි මිනිස්සු ළඟ මනුස්සකම් , එකමුතුකම් බොහොමයි.(බ)
නිවන් සැප ලැබේවා! (බ)
හරිම දුකයි දකිනකොට පවුලේ කිසිම කෙනෙක් නැතිද . ගෙවල් වල වුනානම් මෙහෙම තනි කරන්න හොඳ නැහැ කියනවා. සේරම බොරුවැඩ මේවා තමයි හරි දේවල් ඔබට නිවන් සුව (බ)
ලොකු මිනිස්සු නම් මෙහෙම උතුම් වැඩක් කරාවි යයි හිතන්න අමාරුයි !!!!! ඉතාමත් අගය කළ යුතු දෙයක් !!!! ඔබ තුමන්ලාට බොහොම පින් !!! (බ)
ඇස පිනවන සිත නිවා සනසන ඉතාම විරලගනයේ උතුම්ම උතුම් මනුසත්කම.මනුසත්කම පිරි ත්‍රී රෝද රථ රියදුරනන්හට මගේ ප්‍රණාමය.(හේ)
ඇත්තටම මේ වගේ වැඩ දකින්න ලැබෙන්නේ නෑ.(හේ)
ඒ අයට බොහොම පිං.! පොඩි මිනිස්සු ළඟ මනුස්සකම දොරේ ගලනවා. (ර)
ඉතා හොඳ වැඩක්, ප්‍රශංසා කළ යුතුයි. නමුත් මේ තත්වයට, හිසට වහලක් නැති තැනට , අපේ රටේ වැසියන් පත් වුනේ දේශපාලුවන් රටේ මුදල් සොරකම් කිරීම නිසා (බ)
හොඳ නිව්ස් ලංකාදීප තමයි (බ)
තනිවයි ඉපදෙන්නේ.... තනිවයි පරවෙන්නේ.... (නි)
ලොකු, ලොකු මිනිසුන් අතරත් හොඳ අය නැතුවා නොවෙයි. නමුත් පොඩි මිනිසුන් හොඳ වැඩ බොහෝවිට කරන්නේ නිහඬවයි. එවැනි යහපත් ක්‍රියා ගුණාත්මක පැත්තෙන් බැලුවිට ඉතාම උසස්. ඒවා ගැන කතා නොකරන මිනිස්සු, පොඩි මිනිහෙක් වරදක් කළත් මහා හඬින් බෙරිහන් දෙනවා. ලෝකයේ වැඩියෙන්ම අපරාධ කරන්නේ ධනය, බලය තියෙන අය. බොහෝවිට උගතුනුත් ඒ අතර ඉන්නවා. (නි)
ක්‍රියාව ඉතා අගය කොට සැලකිය යුතුයි. නමුත් මැරෙන්න කලින් උදව් කරන්න බැරි වුණ එක ගැන අපි සැවොම කනගාටු විය යුතුයි (බ)
බොහොම දුර්ලභ ක්‍රියාවක්. ඔබතුමන්ලාට මගේ ප්‍රණාමය! (නි)
ලොකු මිනිස්සු රුපියල් ශත පිටුපසින් හඹාගෙන යද්දි පොඩි මිනිහට තමන්ගේ මනුස්සකම අමතක වෙලා නැහැ. මනුස්සකම මොනතරම් වටිනා දෙයක්ද කියලා ලොකු මිනිහට පෙනෙන්නේ නැහැ. (නි)