සමාගම් නාමය සිරුරේ පච්චා කොටා ගන්නා සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් ලබා දෙන සමාගමක් ගැන වාර්තා වනුයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඇත.
රැපිඩ් රියැලිටි නම් වන මේ සමාගම දේපළ වෙළදාම් සම්බන්ධව කටයුතු කරන්නකි.එහි ප්‍රධානියා වන ඇන්තනී ලොලී සිය සමාගමේ නම ප්‍රචාරය කිරීමට ක්‍රමයක් ගැන කල්පනා කරමින් සිටින විට මේ අදහස පහළ වූ බව පවසයි.ඒ සදහා සිය සේවකයන්ම යොදා ගැනීමටත් තීරණය කර ඇති ඔහු ඔවුන් දිරි ගැන්වීමට සමාගම් නාමය පච්චා කොටා ගන්නා සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත.
පච්චා කොටා ගන්නේ කොතැනද යන්නත් ප්‍රමාණය කෙතරම් විය යුතුද යන්නත් සේවකයන්ටම තීරණය කිරීමට ඉඩදී ඇති බව ඇන්තනිී කියයි.එකම කොන්දේසිය වන්නේ පච්චය පූර්ණ කාලීන එකක් වීම පමණකි.
මේ වන විටත් රැපිඩ් රියැලිටි සමාගමේ සේවකයන් 40 දෙනෙකු පමණ පඩි වැඩි වීමක් බලාපොරොත්තුවෙන් සමාගම් නාමය පච්චා කොටාගෙන ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාය වෙළඳප්‍රචාරණ. (ස)
අපේ අයත් 'සහෝදර සමගම" කියල එකක් ගහ ගනීද මේ යන විදියට.(ස)
ඔන්න අපේ ඡන්ද ව්‍යාපාරයට හොඳ අදහසක්. කාගේ කාගේත් මොලේ තියෙන තැන පච්චයක් ගහගත්තොත් හොඳ නැද්ද? (නි)
ඒ කාලේ අපේ අයත් ඇගේ හැමතෙනම නම පච්ච කොටා ගත්තා. (ස)