(වයි.ඵ්.ඵස් වීරවංශ)

බලංගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයකු අද පැවැති මාසික සහා රැස්වීමේදී රමිබෝ වර්ගයේ උල් පිහියක්  ප්‍රදර්ශනය කිරිම සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය.

හිටපු සභාපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා සභාවේ ටික වෙලාවක් සභාවේ රැදි සිට පිටව යාමට සූදානම් වෙද්දී ඇඳසිටි සරමට යටින් කකුලේ ගැට ගසා තිබුණු උල් පිහිය සභාවට ප්‍රදර්ශනය කළේය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ බලංගොඩ නාගරික මන්ත්‍රීනි සුනේත්‍රා ඩී වීරසිංහ මහත්මිය (එක්සත් ජාතික පක්ෂය) මෙවැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සභාවට අවි ආයුධ රැගෙන ඵ්ම සභාවේ සැමගේ ජීවිතවලට මහත් තර්ජනක් බව සදහන් කළාය.

බලංගොඩ නාගරික මන්ත්‍රීනි එම් චන්ද්‍රලතා මහත්මිය (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) සභාවට කරුණු දක්වමින් මෙසේ කීවාය

අවි ආයුධ ගෙනත් සභිකයන් බිය වැද්දීම තරයේ හෙලා දකිනවා. සභාවේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමට මන්ත්‍රීවරුන්ට අයිතිය තිබිය යුතුයි.

බලංගොඩ නගර සභාවේ සභාපති වසන්ත කුමාර ගුණරත්න මහතා අදහස් දක්වමින් හිටපු සභාපතිවරයා මෙලෙස හැසිරීම තමන් තරයේ හෙලා දකිනවා. සෑම මන්ත්‍රී වරයකුම ආරක්ෂා කිරීම තමන්ගේ වගකීමක් බව ඔහු සදහන් කළේය.