දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති දුමින්ද රණවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස ද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගෙන් ඔහු පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.