IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි පවුල රත්තරන් කියන්න මම ලෑස්ති නෑ

DSC_3652 

 

පහුගිය කාලේ එක දිගට තරගෙට වගේ අපේ නිළියො විවාහ වෙන්න පටන් ගත්තා. ඒ තරගය තාමත් ඉවර වෙලා නෑ වගෙයි. ඒත් එහෙම විවාහ වුන අය ඒ තරගෙන්ම අම්මල වෙන්න නම් උනන්දු නෑ වගෙයි පේන්නේ.... කීප දෙනෙක් විතරයි අම්මලා වුණේ ඒ එක වාසනාවන්ත අම්මා කෙනෙක් තමයි  ඕෂධී හේවාමද්දුම.  ඕෂධීත් එක්කයි අද අපි කතා කරන්නේ.

 


button  ඕෂධී අම්මා කෙනෙක් වෙලා දැන් කොච්චර කල් වෙනවද?
‘‘අවුරුදු දෙකයි මාස අටයි....’’

 


button ඔයාගෙ ජීවිතේ සුන්දරම කාලෙ ඔයා අම්මා කෙනෙක් වෙන්න කලින් ද.... නැත්නම් අම්මා කෙනෙක් වුණාට පස්සෙ කාලෙද....?
‘‘මට හිතෙනවා මගෙ ජීවිතේ හැම දවසක්ම සුන්දරයි කියලා. ඒ අතරේ වඩාත් සුන්දර දවසුත් තිබුණා. ප‍්‍රදීප් මගේ පෙම්වතා වුනහම මට හිතුණා ඒ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලෙ කියලා. අපි දෙන්නා විවාහ වුනාට පස්සෙ හිතුණා ඒ ජීවිතේ ඊටත් වඩා සුන්දරයි කියලා. පුතා ඉපදිලා මම අම්මා කෙනෙක් වුනාට පස්සෙ දැන් හිතෙනවා මේ තමයි මගේ ජීවිතේ වඩාත්ම සුන්දර කාලෙ කියලා’’

 

dfj
button පුතා ඉපදුන දවස කියන්න....?
‘‘2012 ඔක්තෝබර් 24’’

 


button පුතාගෙ නම?
‘‘සස්නිත තිවාන් බුලත්සිංහල’’

 


button පුතා කොහොමද....?
‘‘අනේ එයා හරිම දඟපැටියෙක්. ඒ වගේම හරිම හුරතල්. දැන් කතා කරන වයසනෙ ගිරවා වගේ කතා කරනවා. එක එක දේවල් කරලා අපිව හිනාගස්සන්න හදනවා. එයාගෙ හුරතල් වැඩවලින් තමයි දැන් අපේ ගෙදර ඉතිරිලා යන්නේ’’

 


button පුතාගේ ඒ දඟකාරකම්වලට ඔයා කැමතිද....?
‘‘මම කැමතියි. එයා ගෑනු දරුවෙක් නෙමෙයිනෙ පිරිමි දරුවෙක්නෙ. කොල්ලො මල් වගේ ශාන්ත දාන්තව ඉන්න හොඳ නෑ. ඔය පුංචි දඟකාරකම් තමයි කවදහරි එඩිතරකම් වෙන්නේ’’

 


button  ඕෂධිගෙ කාර්ය බහුලත්වයත් එක්ක කොහොමද පුතාගෙ වැඩකටයුතු කරගන්නේ....?
‘‘මගෙ අම්මයි තාත්තයි දෙන්නා අතින් තමයි පුතාගෙ බොහෝ දේවල් සිද්ධවෙන්නේ. මම හිතනවා මගේ අම්මයි තාත්තයි දෙන්නගෙත් ජීවිතේ සතුටින්ම ගෙවෙන කාලෙ තමයි මේ කාලෙ. ඒ තරමට එයාල අපේ පුතා නිසා සතුටින් ඉන්නෙ. ප‍්‍රදීප්ගෙ නැන්දත් ඒ වැඩවලට උදව්කරනවා’’

 


button ඒ කියන්නෙ පුතාගෙ වැඩ එයාලට බාරදීලා ඔයා පැත්තකට වෙලා ඉන්නවා කියන එකද....?
‘‘අනේ නෑ.... මගේ ව්‍යාපරික හා කලා කටයුතුත් එක්ක මම හැම තිස්සෙම ගෙදර නෑනේ.
මම ගෙදර ඉන්න වෙලාවට පුතාගෙ හැම කටයුත්තක්ම සිද්ධවෙන්නෙ මගේ අතින්. මම ගෙදර ඉන්නවනම් එයත් ඉතින් නැට්ට වගේ පස්සෙන්ම තමයි’’

 


button පුතා වැඩිපුර එකතු ඔයාටද.... ප‍්‍රදීප්ටද....?
‘‘පුංචිම කාලෙ එයා මට වඩා ප‍්‍රදීප්ට එකතුයි. දැන් ප‍්‍රදීප්ට වඩා මට එකතුයි’’

 


button පුතාගෙන් ඔයා දකින විශේෂතා මොනවාද....?
‘‘මගේ පුතා මට මැණිකක්නෙ. ඒ නිසා කියනවා නෙමෙයි පුතා හරි දක්ෂයි.  ඕන දෙයක් ඉක්මනට පුරුදු වෙනවා. හොඳට මතක හිටිනවා. ඒ වගේම තමයි එයා හරි පරිත්‍යාගශීලියි කියලත් හිතෙනවා. බිස්කට් එකක් කන්න දුන්නොත් ළඟ ඉන්න අයට බෙදලා තමයි එයා කන්නේ’’

 


button පුතා ගැන ඔයාගෙ හිතට ලොකු සතුටක් දැනුන දවසක් කියන්න....?
‘‘එයාට අකුරු කියවපු දවසෙ.. එයා හරියටම නැකතටම වරද්දන්නෙ නැතිව අකුරු කිව්වා.. එදා මට ලොකු සතුටක් දැනුනා.’’

 


button ඒ වගේම හිතට මහා බයක් දැනුන දවස් එහෙමත් තියෙනවද....?
‘‘ඒ වගේ දවස් නම් දෙකතුනක්ම තියෙනවා. එයාට හරියට ඇවිදින්න බැරි කාලෙ දවසක් අපි එයාව වෝකර් එකේදාලා උඩ තට්ටුවෙ ඉද්දි අපි දන්නේ නෑ පුතා වෝකර් එකේ පඩිපෙල ළඟට ගිහින් පඩි හත අටක් පල්ලෙහට වැටුණා. ඒක දැකපු මට යටිගිරියෙන් කෑගැහුනා. හොඳ වෙලාවට ඔළුව බිම වැදිලා තිබුණෙ නෑ. ඒ සිද්ධිය දැන් මතක් කරද්දිත් මගේ ඇඟ ගැහෙනවා’’

 


button පුතා දැන් මොන්ටිසෝරි යනවද....?
‘‘නෑ... තවම නෑ... දැන්ම මොන්ටිසෝරි දාන්න අදහසකුත් නෑ අම්මායි තාත්තයි දෙන්නා ගෙදර ඉන්න නිසා ඉගෙන ගන්න  ඕන දේවල් තාත්තා කියලා දෙනවා. මේ වයසෙදි එයා එයාගෙ ලෝකේ ජීවත්වුනාවේ.

 


button පුතා අම්මා වගේලූද.... නැත්නම් තාත්තා වගේලූද....?
‘‘ඉස්සර නම් ගොඩාක් අය කිව්වෙ... තාත්තා වගේ කියලා. ඒත් දැන් අපි දෙන්නා වගේමලූ. නිකට නම් මගේ වගේමයි.’’

 


button ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නා පුංචි පවුල රත්තරන් කියන්න ඔයාගෙන් නතර වුණා වගේ ඔයාලත් පුංචි පවුල රත්තරන් කියන්නද හිතාගෙන ඉන්නේ....?
‘‘අනේ නෑ.... අනේ නෑ.... පවුලෙ එක දරුවෙක් වුණාම එයා අත්විඳින අත්දැකීම් මම හොඳට විඳලා තියෙනවා. මොන සැප සම්පත් තිබුණත් ඒ තනිකම මකන්න බෑ. කවදාවත් පවුලක දරුවෙක් තනිවෙන්න දෙන්න හොඳ නෑ. ඒ නිසා මමයි ප‍්‍රදීපුයි දෙන්න නම් පුංචි පවුල රත්තරන් කියාගන්න හිතලා නෑ. මගේ පුතාගේ තනියට තව කවුරුහරි එයි.

m

 



අදහස් (0)

පුංචි පවුල රත්තරන් කියන්න මම ලෑස්ති නෑ

සුදා Thursday, 30 July 2015 06:07 AM

සිංහල අම්මාවරුනේ , මෙතුමියව ආදර්ශයට ගන්න. මේ විදියට හිතන්න පුරුදුවෙන්න. (ම)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 19 July 2015 11:13 AM

අර අහවලාට මිනිස්සු මරලා හෝ රටේ නායකකම ගන්න කියා හිවල් නාදයක් දැම්මේ මෙයා නේද? (බ)

:       0       0

අජිත් Saturday, 25 July 2015 05:34 PM

පුංචි පවුල රත්තරන් කියලා හිතපු නිසා තමයි අද සිංහලයින්ට මෙහෙම වෙලා තියෙන්නේ (නි)

:       0       0

දිමුත් Monday, 20 July 2015 05:07 AM

මෙයා දේශපාලනේ කරන්න ගිහින් තිබ්බ ප්‍රසාදය නැතිකර ගත්තා.(ම)

:       0       0

උදාරි Friday, 17 July 2015 01:50 PM

දේශපාලන ප්‍රශස්ති ගීත කියන්න ගිහින් තිබුණ ජන ප්‍රසාදය නැති කර ගත්තා. (ම)

:       0       0

ඩෙවිඩි Monday, 20 July 2015 05:33 AM

ලස්සන කාන්තාවක් (ම)

:       0       0

උදිත් Saturday, 01 August 2015 02:37 PM

මෙයාට තනියෙන් වැඩේ ඇදගෙන යන්න බැහැනේ. මහත්තයත් කැමති වෙන්න ඕනනේ. (නදී)

:       0       0

නිවන්තක Sunday, 02 August 2015 11:37 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සංජීව Tuesday, 21 July 2015 04:35 AM

රණ හංස යුවල නිමල නිල් ජලාසේ.. මන නන්දනීය දසුන් නන්වනා (ම)

:       0       0

ධම්ම Monday, 20 July 2015 11:25 AM

දේශපාලනයට සම්බන්ධ නොවෙනවා නම් හොඳයි.(ම)

:       0       0

නිවන්තක Monday, 20 July 2015 08:07 PM

ලස්සනයි! (නි)

:       0       0

කෝලිත Friday, 17 July 2015 10:39 AM

ඉස්සරනම් ලස්සනයි. (ර)

:       0       0

නිහාල් Monday, 20 July 2015 03:25 AM

ඔබ හරිම ලස්සනයි (නි)

:       0       0

මනෝජ් විජේරත්න Wednesday, 22 July 2015 08:37 AM

දිමුත් කියන විදිහට දේශපාලනය කරන්න ඕනේ නිලියෝ විතරද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site