දිවයින පුරා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළු කර ගැනීමේ උත්සව අද පැවැත්විණි. පළමු පාසල් වාරයට සහභාගි වීම සඳහා පළමු වසරට අලුතින් බඳවා ගැනුණු සිසු සිසුවියෝ අද මුල්ම වරට දෙමාපිය ගුරුවර ආශිර්වාදය මැද අකුරු කිරීම ආරම්භ කළහ.
මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී අද පැවැත්විණි.
(හොරණ මේධංකර මහා විද්‍යාලය)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
වව්නියාව මහමයිලන්කුලම ප්‍රාථමික විද්‍යාලය
ඡායාරූප රොමේෂ් මධුසංඛ
(හැටන් ශ්‍රීපාද විද්‍යාලය)
ජායාරූප - මනුර සෙල්ලහේවා
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා













![0111[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/01111.jpg)
![0112[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/01121.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන වැඩක් ඔබට සුබ අනාගතයක් දරුවනේ ඔබ සැමට තෙරුවන් සරණයි !!! (ම)
හරිම ආදරේ හිතෙනවා මේ පින්තුර වල ඉන්න පුංචි දරුවෝ දැක්කම. පළමු පන්තියේ සිටම ධනාත්මක සිතුවිලි මේ පුංචි මනසවල් වලට ඇතුලුකරන්න ඕන. එය තමයි රටක හොඳ පුරවැසියන් බිහිකිරීමේ අඩිතාලම. මේ සියලු දරුවන්ට මගේ සුභපැතුම්! (ම)
කාලෙකට පසු හිතට වදින මාතෘකාවක් දැක්කා. මේ සියලු දරුවන්ට ඉසුරුමත් අනාගතයක් පතමි.
හිතට වදින මාතෘකාවක්. මේ සියලු දරුවන්ට ඉසුරුමත් අනාගතයක් පතමි. (නි)
මට මතක් වුනා මගේ දුව පාසෙල් ගිය මුල්ම දවස . (කෞ)
හොඳ ආරංචියක් මගේ පුතාටත් පාසලක් ලැබුණානම් මමත් අද ලංකාවට යනවා . (ම)
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ආයිත් එනවානම් අපේ දිවියට ආසය් ඒ ලස්සන කාලේ (ම)
රටට ආදර්ශමත් අගය කළ යුතු ක්‍රියාවක්. (ම)
දුවල පුතාලට බුලත් අතක් දුන්නනම් කොයි තරම් හොදද මල් වෙනුවට
ආරච්චිගේ, මිනිස්සුන්ගේ හැගීම් විහිලුවකට ගන්න එපා. මිනිස්සු පිටරට යන්නේ මහන්සිවෙලා සල්ලි හම්බ කරලා පවුල ගොඩ ගන්න. (බ)
1992 දි මමත් ඉස්කෝලේ ගිය පළමු දවස මතක් උනා.
හැම දරුවාටම පහසුවෙන් යා හැකි පාසැලක් පාසැලක් ලැබේවා. විදේශයක ඉපදී හැදී වැඩුන තම දරුවාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන රජයේ පාසැලක් ලබා ගැනීමට මගෙ මිතුරා දරන උත්සාහය දැක්කම මට අනේ අපොයි කියල හිතෙනවා . (ම)
මගේ පුතත් අද පළවෙනි වරට පාසල් යනවා. මට දුක මම පිටරටක (නි)
හරිම සුන්දරයි (නි)
සියළු දරුවන්ට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මේ වගේ උතුම් වූ විශේෂ අවස්ථාවකදී මේ දරුවෝ අතට බැලුම් බෝල දෙන්නේ නැතුව බුද්ධියත් උත්සවයත් සංකේතවත් වන යමක් අතට දුන්න නම් කොපමණ අරුත්බරද?. අධ්‍යාපනයේ චින්තනය මේ තරම් පටුද? (බ)
අනේ මේ පුංචි කෙල්ල මල් දෙන කොට මේ පුංචි කොල්ලා අහක බලාගෙන ඉන්න ලස්සන (කෞ)
පුංචි සමනල,සමනලියන්ට උණුසුම් සුබ පැතුම්...! (බ)
සමන්ත,එතකොට දුකක් හිතෙන්නේ පිටරටක ඉන්නවා කියල, උඹව කවුරුවත් මෙහෙ බලෙන් නවත්තගත්තද? (බ)
මගේ පුතාට පාසලක් තිබ්බනම් අද එයත් පාසල් යන මුල්ම දවස. (කෞ)
ලලිත්, ඔයාට ස්තුතියි. ආරච්චිගේ, අපේ නැතිබැරිකම් නිසයි අපි මේ දුක් විඳින්නේ. මගේ හිතේ තිබුන කණගාටුව තවත් වැඩිවුණා මට දාලා තියෙන ප්‍රතිචාරය දැක්කහම. මිනිසුන්ගේ හිත් හරිම වෙනස් නේද? (නි)
කව්ද මේ ආරච්චිගේ කියන මෝඩයා ?
අනාගතය බාර ගන්න ඉන්න පුංචි පැටව් සියලු දෙනාටම උනුසුම් සුභපැතුම්!