අවුරුදු දහයක දරුවකු පුළුස්සා වද හිංසා කළ මවගේ අනියම් සැමියාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය බරපතල වැඩ සහිත දස වසරක සිර දඩුවමක්ද රුපියල් 5000 ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් දෙවසරක සිර දඩුමක්ද නියම කළාය. කිතුල්ගල ඉන්ඔය වත්තේ රෙන්ගයියා සේගන්ට මෙම දඩුවම නියම කෙරිණි. තම පියා මිය ගිය පසු ගෙදරට ආ බාප්පා එක් දවසක් තමාගේ ඇගේ මිරිස්කුඩු අතුල්ලා මිටියෙන්ද ගසා පිළිස්සු බව උසාවියේදී කියා සිටියේය. දරුවා පරිවාස භාරයේ තබන ලෙසද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහ බාප්පා කෙනෙක් නෙමේ.තිරිසනෙක්.මෙම දරුවාගේ අම්මට මේවා පෙනෙන්නේ නැද්ද? මේ වගේ මිනිසුන් අදහන ආගම ධර්මය කුමක්ද ? අම්මට අනියම් ප්‍රේමය ලොකුද තම කුසෙන් බිහිකළ දරුවාට වඩා ? (නි)
කලක් යන විටදී බෑනා නන්දාට, කොසුත් නොවටීය.යුද්දය අවසන් වූ කල නරියන්ට දැන් ය වෙනුවෙන් බර ඇද්ද දකුණ අමතකය.කුහක බල්ලන් හප නොකඊ....නගුට සගවාගෙන දූවේ
මේ චන්දා, ඔයා නිකන් හැමදේටම බුරන්නේ මොකද බෙන්තර ගග, මහවැලි ගග, කළු ගග මේ හැමදේම තියෙන්නේ අපේ ලංකාවේ. ඒත් කෑගල්ල තියෙන්නේ බෙන්තර ගගෙන් එගොඩ නෙවෙයි කියලා පුංචි ළමයිනුත් දන්නවා. වරුනගේත් ,ඔයාගෙත් මෝඩකම හැම දෙනාම දැන ගත්තා. අපි දන්නවා ඔය ගොඩක් පණ්ඩිත වගේ කියවන අය ගොඩක්ම මෝඩයි කියලා. මට ඔයාව අහු වෙනව නම් බෙන්තර ගගේ ඔබාගෙන ඉන්නවා පැයක්ම.(නදී)
මේ පුංචි එකාට හිරිහැර කරනකන් අම්මා කෙනෙකුට බලන් ඉන්න පුළුවන් වුන එකනේ පුදුමේ.අම්මත් එකයි බාප්පත් එකයි දෙන්නම මිනිස් වෙස් ගත්තු අමනුස්සයෝ (නි)
ඔය ගගෙන් එගොඩ කියන්නේ වරුණ බෙන්තර ගග නොවේද? කවුරු හරි හිතයි මහවැලි ගග කියලා නැත්නම් කළු ගග කියලා වත් (නි)
වරුණලා වගේ සම හරක්ට බෙන්තර ගං භීතිකාව. හැබැයි වතුරට බය පිස්සු බල්ලෝ. (නි)
මැඩම් ඔබතුමියට පිං! (නි)
ගරු.මේනකා විජේසුන්දර විනිසුරුතුමියට මගේ ශිර්ෂ ප්‍රණාමය !(ස)
පරිවාසයේදී මේ අහිංසක දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන්න. නපුරු නැන්දා පරිවාසේ ඉන්නවා.(නදී)
දීපු දඩුවම නම් ගොඩක් හොදයි (නි)
නූගත් මිනිස්සු. කිසිම දෙයක් ගැන හැගීමක් නැහැ. හරි නම් අම්මාවත් හිරේට දාන්න ඕනෑ (නි)
කෑගල්ලේ ඉන්නතරමක් ඉන්න මිනුසුන් පොඩි පිරිමි ලමයින්ට හිංසා කරන අයමයි ! (ස)
අප්පා නොමැති කල. අම්මා කවර කළ.(නදී)
මේ ප්‍රදේශයේ දැන් ඉන්නේ විවිධාකාර උණකාරයෝ. මැඩම්ගේ බෙහෙත් නම් පංකාදුයි. මේ උණ කාරයින්ගේ ලෙඩ නිට්ටාවටම සුවකර දුන්නොත් ,සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරන මහඟු පිනක්.(නදී)
සරත්, ගඟෙන් එහා පැත්තෙත් ඒ වගේමයි. (නි)
අනේ මෙහෙම දෙයක් කරන කල් අම්මා පොල් ගැවද මෙවැනි දූෂිතයන්ට දෙන්න දඩුවම් ලංකාවේ නැහැ. (ස)
පව් අහිංසක දරුවා. කුලී වැඩක් කරගෙන හරි තනියම හිටියනම් මේ දරුවා ලොකු වුනාම අම්මව බලාගන්නවනේ. දැන් අම්මට දෙන්නම නැහැ. කොයි අම්මටත් හොද පාඩමක්. දරුවට මතු ආරක්ෂාව ලැබේවා.(නදී)
අනේ පව් දෙවියනේ, දෙමාපියන්ගේ වරදින් අසරණ වෙන්නේ දුකට වැටෙන්නේ පුංචි මල් කැකළු. (ස)
තාත්තාගේ ආදරය අහිමි උන අහිංසකයට අම්මත් අහිමි උනා. මේවා බලන දකින, කාන්තාවනි දස මසක් කුස දරා ලේ කිරි කර පොවා හැදු අසරණ කිරි සප්පයන්ට, මාපිය සෙනෙහස අහිමි කරන්න එපා. කුලී වැඩක් හෝ කර එම දරුවා සමාජෙට හොද පුරවැසියෙක් කරන්න. තම දරුවට බාප්පාගෙන් තියා කිසිම කෙනෙක්ගෙන් පීඩාවක් විදින්න කිසිම අම්මෙක් ඉඩ තියන්න එපා. අනේ දෙවියනේ හැම අම්මෙකුගේම හදවතේ දරු සෙනේහය වැඩේවා.(නදී)
මේ වගේ විනිසූරු වරියන්ට කකුල් දෙක අල්ලාගෙන වදින්න ඕනා.(නදී)