තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දරුවන් යොමු කිරීමේ අරමුණින් දරුවන්ට සෙල්ලම් කිරීමට හැකි රොබෝවරයකු නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු සමත්වුනැයි එහි අංශ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා මහතා පැවසීය.
බුද්ධි වර්ධනය, දැනුම, විනෝදය ලබාදෙන මෙම රොබෝ නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 6 - 12 දක්වාවූ දරුවන්ටය.
දෘඩාංග මෘදුකාංග උපයෝගී කරගෙන නිර්මාණය කළ රොබෝගේ ප්‍රධාන කොටස මොළය ලෙස හඳුන්වයි. මෙම රොබෝ කොටස්වලින් යුක්තය. දරුවන් සෙල්ලම් කරන බිල්ඩින් බ්ලොක්ස්වලට සමාන වෙයි.
මෙම රොබෝගේ කොටස් විවිධ ආකාරයට එකතු කරමින් ක්‍රියාත්මක කළ හැකිය.
බාධක හඳුනාගැනීම, චලනය, විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කිරීම යන සියල්ලම මෙමගින් සිදු කළ හැකිය.
උපදෙස් මාලාවක්ද රොබෝ සමග නිකුත් කෙරෙයි. කුඩා දරුවන් හට ඒ ගැන දැනුම්වත් කිරීමට වැඩිහිටියන්ට පුළුවන. සෙසු දරුවන්ට කිසිවකුගේ සහාය නොමැතිව උපදෙස් මාලාව අනුගමනය කළ හැකිය.
රොබෝ සමග නිකුත් කෙරෙන විස්තරය කියවා බලා යම් අයකුට රොබෝ වැඩි දියුණු කිරීමට යම් අදහස් ලබාගැනීමට පිළිවන.
ඒකාකාරී සෙල්ලම්බඩුවලට කොටුනොවී තොරතුරු තාක්ෂණය කරා පිය නැගීමට දරුවන් හුරු කිරීමට මෙම සෙල්ලම් රොබෝ කදිම පිටිවහලක් වනු ඇත.
ඉන්ෆොටෙල්, ටෙක්නෝ, සහසක් නිපැයුම් නමැති සුප්‍රසිද්ධ ප්‍රදර්ශනවලට මෙම සෙල්ලම් රොබෝ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලය වූයේ දරුවන්ගේ ඉහළ ප්‍රතිචාරයක් ඒ සඳහා ලැබී ඇත.
එම නිසා මෙය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වැඩිදියුණු කර නිර්මාණය කිරීමට කටයුතු කරගෙන යයි. මෙම රොබෝ සම්බන්ධව යම් කරුණක් දැන ගැනීමට අවැසි නම් [email protected] විද්යුත් ලිපිනයෙන් දැන ගැනීමට පිළිවන.
ආචාර්ය චතුර ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පර්යේෂණ සහකාරවරයකු වන පියුම් ප්‍රනාන්දු මහතාගේ සහායෙන් අවසන් වසරේ ශිෂ්‍යයින් වන යසුර විතාන, හෂිණි සේනාරත්න, පුබුදු ගුණතිලක, උදිත් ගුණරත්න මෙම රොබෝ නිර්මාණය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය හෙට නොව අද! (නි)
තොරතුරු තාක්ෂණය හා අපේ සමාජය තුල ඇත්තේ සංස්කෘතිකමය පරතරයකි.ඊට හේතුව එය අපේ උපන් සංස්කෘතිය හා බැදී නොපැවතීමයි. එවන් සමාජ ගැටලුවකට මෙය කදිම විසදුමකි. සමාජ ප්‍රශ්න වලට කාලීන විසදුම් ලබා දෙන මෙවන් පර්යේෂණාත්මක නිපැයුම් විශ්විද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අතර එය ලක් මාතාවට කළ හොදම උපහාරයකි.දායක වූ සැමට සුභ පතමි.(දිල්)