IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුංචි දරුවන්ට රොබෝවෙක් මොරටුවෙන්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දරුවන් යොමු කිරීමේ අරමුණින් දරුවන්ට සෙල්ලම් කිරීමට හැකි රොබෝවරයකු නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු සමත්වුනැයි එහි අංශ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා මහතා පැවසීය.

බුද්ධි වර්ධනය, දැනුම, විනෝදය ලබාදෙන මෙම රොබෝ නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 6 - 12 දක්වාවූ දරුවන්ටය.

දෘඩාංග මෘදුකාංග උපයෝගී කරගෙන නිර්මාණය කළ රොබෝගේ ප්‍රධාන කොටස මොළය ලෙස හඳුන්වයි. මෙම රොබෝ කොටස්වලින් යුක්තය. දරුවන් සෙල්ලම් කරන බිල්ඩින් බ්ලොක්ස්වලට සමාන වෙයි.

මෙම රොබෝගේ කොටස් විවිධ ආකාරයට එකතු කරමින් ක්‍රියාත්මක කළ හැකිය.

බාධක හඳුනාගැනීම, චලනය, විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කිරීම යන සියල්ලම මෙමගින් සිදු කළ හැකිය.

උපදෙස් මාලාවක්ද රොබෝ සමග නිකුත් කෙරෙයි. කුඩා දරුවන් හට ඒ ගැන දැනුම්වත් කිරීමට වැඩිහිටියන්ට පුළුවන. සෙසු දරුවන්ට කිසිවකුගේ සහාය නොමැතිව උපදෙස් මාලාව අනුගමනය කළ හැකිය.

රොබෝ සමග නිකුත් කෙරෙන විස්තරය කියවා බලා යම් අයකුට රොබෝ වැඩි දියුණු කිරීමට යම් අදහස් ලබාගැනීමට පිළිවන.

ඒකාකාරී සෙල්ලම්බඩුවලට කොටුනොවී තොරතුරු තාක්ෂණය කරා පිය නැගීමට දරුවන් හුරු කිරීමට මෙම සෙල්ලම් රොබෝ කදිම පිටිවහලක් වනු ඇත.

ඉන්ෆොටෙල්, ටෙක්නෝ, සහසක් නිපැයුම් නමැති සුප්‍රසිද්ධ ප්‍රදර්ශනවලට මෙම සෙල්ලම් රොබෝ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලය වූයේ දරුවන්ගේ ඉහළ ප්‍රතිචාරයක් ඒ සඳහා ලැබී ඇත.

එම නිසා මෙය වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වැඩිදියුණු කර නිර්මාණය කිරීමට කටයුතු කරගෙන යයි. මෙම රොබෝ සම්බන්ධව යම් කරුණක් දැන ගැනීමට අවැසි නම් [email protected] විද්යුත් ලිපිනයෙන් දැන ගැනීමට පිළිවන.

ආචාර්ය චතුර ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පර්යේෂණ සහකාරවරයකු වන පියුම් ප්‍රනාන්දු මහතාගේ සහායෙන් අවසන් වසරේ ශිෂ්‍යයින් වන යසුර විතාන, හෂිණි සේනාරත්න, පුබුදු ගුණතිලක, උදිත් ගුණරත්න මෙම රොබෝ නිර්මාණය කළේය.

Dr-Chathura-de-Silva Piyum_Fernando Robot-Assembled Team-members--new

 

 

 

 

 

 



අදහස් (0)

පුංචි දරුවන්ට රොබෝවෙක් මොරටුවෙන්

දුමින්ද Saturday, 11 April 2015 05:01 AM

තාක්ෂණය හෙට නොව අද! (නි)

:       0       0

නිලන්ත Wednesday, 08 April 2015 10:58 AM

තොරතුරු තාක්ෂණය හා අපේ සමාජය තුල ඇත්තේ සංස්කෘතිකමය පරතරයකි.ඊට හේතුව එය අපේ උපන් සංස්කෘතිය හා බැදී නොපැවතීමයි. එවන් සමාජ ගැටලුවකට මෙය කදිම විසදුමකි. සමාජ ප්‍රශ්න වලට කාලීන විසදුම් ලබා දෙන මෙවන් පර්යේෂණාත්මක නිපැයුම් විශ්විද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අතර එය ලක් මාතාවට කළ හොදම උපහාරයකි.දායක වූ සැමට සුභ පතමි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site