පළාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේ මාර්තු මාසයේ දී අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් නව ව්‍යවස්ථාවක් යටතේ අලුත් ජන්ද ක්‍රමයක් ඇති කිරිමට මේ වන විටත් දේශපාලන පක්ෂ රැසක් එකඟ වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ගලදාරි හෝටලයේ දී අද (29) පැවැති ජාතික කළමණාකරණ සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පැවැසුවේය.
2017 වන විට නව ව්‍යවස්ථා ඇතුළු ප්‍රජාත්‍රන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරන බවද අගැමැතිවරයා කීවේය. මෙරට ජර්මාන් තානාපති ආචාර්ය ජුවර්ජන් මොහාඩ් මහතා මෙහි විශේෂ ආරාධිතයා ලෙස එක් වු අතර ශ්‍රී ලංකා කළමණාකරණ ආයතනයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා අගමැතිවරයා හා ජර්මාන් තානාපතිවරයාට එහිදී උපහාර සම්මාන ද පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මේ ඡන්දෙ එනකම් ඉන්නේ මෛත්‍රී මහත්තයාගේ සැබෑ අවංක එඩිතර නායකත්වයෙන් චන්ද්‍රිකා මැතිනියගේ උපදේශකත්වයෙන් නව මහලේකම් ඇතුළු මධ්‍යම කාරක සභාවේ අප්‍රතිහත කැපවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන විශිෂ්ට ජයග්‍රහණය දැක බලා ගන්න. (බ)
මහා දේශපාලන ධාරාවේ ආරම්භක උල්පත වැනි ප්‍රාදේශීය නියෝජිතයින් තෝරා ගැනීම සඳහාවත් පිරිසිදු, චරිතවත්, අවංක , උගත් ක්‍රියාශීලි තරු තරුණියන් තෝරා ගැනීමට බුද්ධිමත් ජනතාව දැනුවත් කරමු.(හේ)
හොඳයි. හොඳයි. ඡන්දම තිය තියා ඉන්නකෝ.(හේ)