ලබන පළාත් පාලන ඒකාබද්ධ විපක්ෂය හා එක්ව මැතිවරණයට පෙර, නව දේශපාලන පෙරමුණක් ස්ථිර වශයෙන්ම බිහිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17) කීවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ පිළිබඳව ඉඟියක් ඉකුත් දා ලබා දුන් බවත් ඉදිරි මාස දෙකේ දී ඒ පිළිබඳව දැනගත හැකි වනු ඇතැයි ද බත්තරමුල්ල පැලවත්ත ජාතික නිදහස් පෙරමුණු කාර්යයාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කීය.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම නව දේශපාලන පෙරමුණක් බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇතැයි ද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද සිරස නාලිකාවේ සටන දේශපාලන සාකච්ඡාවට සම්බන්ද වෙමින් කියා සිටියේ ශ්‍රීලනිපයෙන් ඉදිරියේ දී මැතිවරණයට තරගවැදීමට බලාපොරොත්තු වුතත් ඒ සඳහා විවිධ බාධා එල්ලවන බවක් පෙනෙන්නට ඇති නිසා නව පක්ෂයක් බිහි වීමට ඉඩ ඇති බවයි.
ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාථයන්ගේ ප්‍රකාශ එකවර ම ගණන්ගත යුතු නැහැ (බ)
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවා. කොහොමටත් මෙයාගේ නඩු හබ ඉවරවෙලා නිදහස් වෙලා එනකොට පෙරහැර ගිහින් (බ)
සුබ ගමන් ඔබතුමාට (අ)
සැමද අපි මහින්ද සමගි!(අ)
තවමත් මේ ආණ්ඩුවට කඩේ යන කොටසක් ඉන්නවා වගේ (නි)
අපි ඔබ සමඟයි (නි)
සැමදා හිටපු ජනපති සමඟ එකතුවෙමි. (නි)
යන්තන් ඇති. නුසුදුස්සන් ටික අයින් කරලා දාන්න පුළුවන් (නි)
ශ්‍රීලනිපය කියන්නේ උපතින්ම යූඇන්පී විරෝධී පක්ෂයකි. යූඇන්පී පිහිටෙන් ජනාධිපති වුණා. ඒ ජනාධිපති බලතල උපයෝගී කරගෙන පසුගිය මහමැතිවරණයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යූඇන්පී එකට බලය හොරා ගන්න උදව් දුන්නා (බ)
පාර්ලිමේන්තු ඡන්දෙට ඔයටික කළානම්, මේ වෙනකොටත් ආණ්ඩුවක් පිහිටුවල. මෛත්‍රී නායකත්වයේ ඉන්නකම් අපි නම් ඡන්දේ දෙන්නේ නෑ ශ්‍රී ලංකා එකට. (බ)
මෙයා කියන ඒවා ඔච්චර හිතන්න දෙයක් නැහැ නෑදෑ පරපුරට කරගත්තා මදිද? නැතිනම් අලුත් පෙරමුණකින් ඇවිලා පළාත් සභාවෙන් ගහල තව නඩු දාගන්නද හදන්නේ දැන්නම් මෙයා හදන පෙරමුණු දිනන්නේ නැහැ මුන්ට බලය නැතුව ඉන්න බැහැ (බ)
මේ වගේ මැට්ටෝ ඉන්නකම් හොඳයි. මොකද ළිං ගෙම්බෝ වගේ වෙන රටවල් හැදුනේ දියුණු වුණේ. ඉබේට නෙමෙයි රටවල් වල නායකයෝ දියුණු කෙරුව ලංකාව කනවා එන උන් ඒකයි ඇත්ත (බ)
ඕකට තමන්ම ඉදිරිපත්වුණා නම් හොඳයි නේද? (නි)
මහින්ද මැතිතුමා ඇතුළු ඔබතුමන්ලා සමග මහා ජන බලයක් ගොඩ නැගෙන එක මොන සක්කරයටවත් නවතනු බැරිය (බ)
අපේ ශ්‍රීලනිපයට දුන්නු ඡන්ද මෛත්‍රී ඉන්නකම් හා චන්ද්‍රිකා ඉන්නකම් දෙන්න බලමු. (බ)
අපි කැමතියි මහින්දට නමුත් මෛත්‍රී ගැන අපේ විශ්වාසයක් නෑ අපි ශ්‍රීලනිපෙ (බ)
ප්‍රජාතන්ත්‍රවාදය තුළ නව පක්ෂ ඇතිවීමද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. කිසිවකු එයට බියවිය යුතුද නැත. අනාථ භාවය ඉතා හොද ලක්ෂණයකි. අනාතයිනට නොහැක්කක් නොමැත....! (බ)
අපි කැපුවත් මහින්ද ට (බ)
මේ රටේ පක්ෂ කඩාගෙන ගොස් අලුත් පක්ෂ හැදු කිසිවෙකුට හරි ගිය බවක් නම් අපි අසා නැත . එහෙම අලුත් පක්ෂ අටවාගත් හැමෝම අනාතයෝ වූ බව නම් සත්‍යයකි. මේ වැයමත් අවසන් වනුයේ ඒ අකාරයටමය. (බ)
මෛත්‍රී මහතා ඉන්නාතුරු අපේ ඡන්දෙ ශ්‍රීලනිපයට නැහැ. අලුතින්ම පටන්ගනිමු. අපගේ පූර්ණ සහයෝගය..! (නි)
ඔය ගොල්ලෝ ගියහම පෙරමුණ පිරිසිදු වෙන නිසා , ගියපාර චන්දෙදි පෙරමුණට චන්දය නොදුන්න ශ්‍රී ලංකා කාරයෝ ටිකත් චන්දය දෙවි එතකොට අපිට දිනන්න පුළුවන් ගම්වල ශ්‍රී ලංකා එකට කොහොමත් බලය තිබෙනවා , බැරිම උනොත් එජපෙත් එක්ක සන්ධාන ගතවෙනවා , අපි කොහොමත් දිනුම් . විහිලුවන්ශල කොහොමත් පරාද වේ. (කෞ)
ඔයගොල්ල කොච්චර දෙඩවුවත් මහින්ද ශ්‍රීලනිපෙ හැර නොයයි (බ)
පනින අයට කඩේ යන අලි මි හරක් සිටින ශ්‍රී ලංකාව !!.(බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාවාදීම අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට ඉතා කණගාටුවෙන් සාවධානව ඉවසාගෙන ඉන්නවා. ඒ අපි ඡන්දය දීම නිසා. අපි ඉන්නේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහිවනතුරුයි. (නි)