පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා වෙත බාරදී තිබෙන සීමා නිර්ණ වාර්තාවට අනුව කඩිනමින් මැතිවරණයක් කැඳවීමට විරුද්ධ වීමට දෙමළ ප්‍රගතශීලී සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කළ බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවසීය.
සීමා නීර්ණ වාර්තාවද සාධාරණය විය යුතු සේම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අවධාරණය කළ මැතිවරණ පනතේ ගැටළු සහිත තැන් 52ක්ද නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා කිරීමට ද එම පක්ෂ තීරණය කර තිබේ.
මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතශීලී සන්ධානය, ඊ.පී.ඩී.පී පක්ෂය හා යහපාලන ජනතා පෙරමුණ යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මුස්ලිම් කොංග්රස් මූලස්ථානයේ රැස්වී මේ ගැන සාකච්ඡා වකින් පසු එම යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය තිබේ.
සුළු ජන නියෝජනයන්ට අසාධාරණ ආකාරයේ මැතිවරණ ක්‍රමයක් යෝජනා වී ඇත්තේ නම් එම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමටත් මෙම වාර්තාවේ සදහන් මැතිවරණ ක්රමයේ ගැටළුකාරී තැන් සර්ව පාක්ෂික සාකච්ඡාවක් කැදවා විසදා ගැනීමටත් මෙම පක්ෂ යෝජනා කර සිටියේය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා හමුවී සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා මේ වසරේ මේක තියන්නේ නැහැ (ම)
මේ මොන කතාද. හදිසියේ වෙන්නේ කොහොමද. දැන් කොච්චර නම් කල් ගිහිල්ලද. (හේ)
හදිස්සියේ එපාලු..ඡන්දෙ තියන්න ඕනේ කාලේ පැනලා ගොඩක් කල්..හෙමින් හෙමින් කරන්න කාලයක් නැහැ..ජනතාවගේ ඡන්දේ ලබා දෙන්න හැකි ඉක්මනින්..(හේ)
සමහරු අරයගේ පක්ෂේ දිනයි කියල ඉක්මනට ඡන්දෙ තියන්නලු.(බ)
යහපාලගේ ඉත්තෝ ටික දාල ඡන්දෙ ආයේ කල්දාන්න වගේ හදන්නේ (බ)
ඡන්දය තියලා ගෙදර යවන්න ඕනේ අය යවලා ඉවරයි .. දෙන් මොන ඡන්දද ...(බ)
අවුරුදු 2 පරක්කු වෙලා තියෙද්දී මොන හදිස්සියක්ද? ජනතාවට ඡන්ද අයිතියිය දෙන්න ඕනේ නැද්ද ? (බ)
කවදාද ඕනැයි කියලා ලියලා එවන්න. අපි එන්නම් ඔයාලා ටික නාවලා යන්න.(අ)
ඡන්ද ඡන්ද .....ඕකට වියදම් කරන සල්ලි වලින් අර පිළිකා රෝගීන්ගේ පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියා කරවන්න ඕනෑකමක් දක්වන්නේ නැත්තෙ ඇයි? (බ)
රට උග්‍ර ආර්ථික අර්බුදයක තියන මොහොතක කිසිම ඡන්දයක් එපා .ඒවාට තවත් අනවශ්‍ය වියදම් . අපිට රකින්න මහා විශාල ප්රජාතන්ත්ර වාදයක් නැහැ එකට පුරුදු වෙච්ච් බුද්ධිමත් සමාජයකුත් නැහැ .කොමින්ස්ට් සහ වහල් භාවයේ ඉන්න කැමති මිනිස්සු ඉන්න රටකට මොන ඡන්ද ද ? 2020 තියන ඡන්දය හොඳටෝම ඇති . පළාත් සභාවලට විශේෂ කොමසාරිස්වරු පත්කරගන වැඩ කරගන්න (බ)
ඇයි අතුල ඔයාගේ පක්ෂේ පරදී කියල බයද (අ)
2020 දීම තියමු (අ)
සුළු පක්ෂ කීවේ නිදහස් පක්ෂයටද ? (ම)
තිබ්බොත් ආණ්ඩුව අනාථයි (නි)
බය වෙන්න එපා. ඔබලාගේ ඉල්ලීම ඉටුවෙන බව මට විශ්වාසයි. (නි)
ආර්ථික අවපාත කෙහෙල් මල් වලින් වැඩක් නැහැ . ජන්දය තියන්න. නිකමට හිතන්න මහන්සිවෙලා මොලය කල්පනා කරලා වැඩ කරන අයගේ ආර්ථික තත්වය හා විකුණගෙන කන අයගේ ආර්ථික තත්වය. (ම)
ආණ්ඩුවට ගැතිකම් කරන්න එපා (නි)
සම්පත් පතිරණ, යු එන් පිය මහා පක්ෂයක් කියලද හිතාගෙන ඉන්නේ. අනේ හොඳයි. (නි)
අතුල, අරයගෙ පක්ෂය ගැන කතා කරන්නේ, ඔයාගේ පක්ෂය කරපුවා හොඳටම ඇති. තව ටික දවසකි කියාවි ලංකාවම ඉන්දියාවට දුන්නා කියලා. (නි)
කල්‍යාණි ජයවික්‍රම, ඇයි බයද? (නි)
රටේ 75% සිංහල මිනිසුන්ගේ ඡන්දය ගැන තීරණ ගන්නේ දැන් මෙයාලද. යහපාලනය සිංහලයට මෙහෙම කරන්නේ ඇයි? (නි)
ඕක හදනතුරු පරණ ක්‍රමයටම තියන්න (නි)