අලුත් සීමා නිර්ණය වාර්තා එනතුරු නොසිට පළාත් පාලන ඡන්දය වහාම පවත්වන ලෙසත් එසේ නොවුණහොත් ජනතාව සමග උද්ඝෝෂණ සිදුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (17) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
පක්ෂවල ඕනෑ එපාකම් මත ඡන්දය කල් දමා ඇති බවත් ජනතාවගේ අයිතිය ඉන් උදුරා ගෙන ඇති බවත් ජවිපෙ නායකයා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ආණ්ඩුව කියන්නේ එකක් කරන්නේ තව එකක්. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා කියනවා. හැබැයි ඡන්දය කල් දානවා (බ)
අතීතයේ කෙසේ වෙතත් , වර්තමානයේනම් මොවුන්ගේ භාවිතාව ගැන සතුටු වෙන්න කාරණා බොහොමයි.. තමන් නියෝජනය කරන දේශපාලනය කුමක් වුවත් , සත්‍ය කතාකරන සත්‍ය නියෝජනය කරන මොහුන් කියන දේත් පොඩ්ඩක් විමසිල්ලෙන් සිටින්න (බ)
ඒ වගේම "අලුත් සීමා නිර්ණය වාර්තා එනතුරු නොසිට පළාත් පාලන ඡන්දය වහාම පැවැත්වුවොත් " පාරට බහින්නත් කොටසක් බලාපොරොත්තුව ඉන්න බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයට අමතක වෙලා වගෙයි..ආණ්ඩුව හරියට දත් 32 මැද්දේ ඉන්න දිව වගේ නේද ? (බ)
බොරු කරන්නේ නැතුව ඉන්න අනේ.(හේ)
පාරට බහින එක තමයි අන්තිම උත්තරේ.(හේ)
පාරට බනින්න එපා. දැන් පාරට වැටිලා වගේ නේද?(හේ)
යහපාලනයට කඩේ ගීය මේගොල්ලන්ට යහපාලනයේ සැබෑ වෙනස දැන් දැන් තේරෙනවද කොහෙද? ජනතාව රවටලා දැන් මේගොල්ලොත් රැවටිලා නේද? (නි)
ජේආර් ද මෙහෙම ඡන්ද නොතියා ඉන්නකොට ඡන්ද ඕනි කියල 1980~1981 ත් මේගොල්ලෝ කෑගහුවා. (බ)
ලෝක අපවාදයෙන් බේරෙන්න, ජනතාව රවටන්න කරන තවත් උත්සාහයක්ද දන්නෙත් නැහැ (නි)
නරි ටිකක් හුු කිව්වට නිශාන්ත ඔබගේ කාතාව හරි (බ)
අනුරත් ඉඳලා ඉඳලා විහිලු කරනවා නේද? (නි)
කොහොමටත් ජවිපෙට ඕනෑම දේකට විරුද්ධනොවී ඉන්න අමාරුනේ. ඉතින් මොනවාහරි කියනවා... (නි)
කාලයකට පස්සේ කට ඇරලා... (නි)
කොහොමත් ඡන්දෙකින් පස්සේ හැමදාම ඔයාලා පාරට වැටෙනවා තමා. (නි)
පෙරුම් පුරනා බෝසතුන්ටත් මාර සෙන් සිටියෝ ඉතින් එහෙනම් ඔබට නැතිවද රුදුරු සේනාවෝ. මේ රටේ අවංක වෙනවට වැඩ හොදයි වහ කාල් ගගේ පනිනවා.(අ)
ලැබුන ප්‍රතිචාර වලින්ම තේරෙනවනෙ ඇත්ත තත්ත්වය (නි)
නිශාන්ත, කමල්, මෙයාලගේ පොත් කියවපු දෙන්නෙක් වගේ. සමසමාජ පක්ෂයක ඇති උජාරුව නැත්තටම නැති කළා (නි)
කිසිම රජයකට කිසිම වැඩක් කරන්න නොදෙන කට්ටිය තමා මේ ජේ වී පි සහ පෙරටුගාමී , හැමදාම ජනතාව රවටමින් ජනතාවට කරදරයක් වන පාරවල් වල උද්ගෝෂණ කරන කොටසක් , මේ අය කවදාවත් බලයට එන අය නොවේ (බ)
ඡන්දය ඉල්ලා පාරට බහින එක නම් ඉතාමත් හොඳයි. ජනතාවගේ බඩ අැකිලෙද්දී දේශපාලකයන්ගේ බඩ පිම්බීම සඳහා දහස් ගණනින් දීමනා වැඩි කිරීමට විරුද්ධවත් පාරට බහින්නේ නැද්ද? විරෝධය පමණක් බොරුවට පවසලා මදි? (බ)
ප්‍රභූවරුන්ට මහජනතාව මතක්වෙන්නේ ඒ අයට ඡන්ද කල් යනකොට ,ළංවෙනකොට ඔය ගොල්ලන්ගේ ප්‍රශ්න වලට මහජනතාව පාරට ඇදල. ගන්නේ අැයි මැති ,ඇමතිවරු තනියම යන්න ලජ්ජද .. එහෙනම් පාඩුවේ ඉන්න (බ)
"ඔයාලා කරගෙන යන්න. අපි විරුද්ධ වෙන්නම්" ජවිපෙ මහත්තුරු හැමදාම කළේ ඕකනේ...... (නි)
මෙයාලගේ කට විතරයි. කොහොමහරි පරණ විදියට බලය ගන්න තමයි බලන්නේ. අලුත් විදියට මෙයාට ඇපත් නැතිවෙන බව හොඳට දන්නා නිසා බොරුවට කෑ ගහනවා. (නි)
අනේ සහෝදරයා..අපිව නන්නත්තාර කරන්නේ නැතුව දැන්වත් ඇත්ත කියනවද ?? මේක රඟපෑමක් නේද ???..ඇත්තටම පාරට බහිනවද??(හේ)
ජනවාරි 8 කරපු පව් ගෙවෙන්නේ එපැයැ.ගොවියන්ට තිබ්බ පොහොර ටික්කක් නැතිකරලා දැන් බයිලා ගහනවා. (අ)
ඉතින් පුලුවන්නම් හෙටම පාරට බහින්නකෝ, දැනටමත් ඡන්දය කල් දාලනේ තියෙන්නේ. (අ)
එතුමා අරලිය මන්දිරේදී ලියා දීපු කතාව මෙතුමා තමන්ගේ වගේම කියවනවා. (අ)
අගමැතිතුමා කරගෙන යන්න, අපි විරුද්ධ වෙන්නම්. එත් ගණන් ගන්න එපා.(අ)
හා හා . මේ අර පළමුවෙන් ඡන්දෙ දුන්න එක්කෙනාට මොනවද කරනවා කියල ඒ කාලේ තර්ජනය කරපු සහෝදරයෝ නේද? අනේ අද ප්‍රජාතන්‍රවාදය ඔලුවට ගහල තියෙන හැටි! (බ)
මේගොල්ලෝ ඉතින් කොහොමටත් ඉන්නේ පාරෙනේ. අමුතුවෙන් බහින්න දෙයක් තියෙනවද? (නි)
මේවා කරන්න කලින් බලයට පත්කරපු අයගෙන් අවසරය අරගත්තොත් හොඳයි නේද? (නි)
කඩේ ඇතුලේ ඉදගෙන එකේ බඩු කිරණ ගමන් පාරිබෝගිකයාට කියනවා අපේ මුදලාලිගේ බඩු හොදයි එත් පොඩ්ඩක් තෝරලා ගන්න කියලා. අපි දැන් ඔය කඩේ බඩු ගන්නේ නැහැ අපේ පරණ මුදලාලි අලුත් කඩයක් දාල එකේ බඩු තමයි ගන්නේ. (ර)
වෙනසක් වෙනුවෙන් කළ වින්නඹුකම් ගැන පසුතැවිලි වෙනවාද? (නි)
අනේ මහත්තයෝ, ඔයගොල්ලෝ කරන්නෙම එක එක කට්ටිය පාරට බස්සන එකනේ. ගොවියෝ බස්සනවා, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ බස්සනවා. ඔයගොල්ලොත් බහිනවා. අනේ අපිව පාරට බස්සන වැඩ නම් කරන්න එපා. (නි)
අමුතුවෙන් පාරට බහින්න උවමනාවක් නැහැනේ. ඔබතුමාලා ඉන්නෙම පාරෙනෙ. (නි)
අනේ නිකන් අපිට බොරු නම් දාන්න එපා (නි)
හා හා කලබල වෙන්න එපා ලොක්ක තරහ ගියොත් අහාවි මෙහෙමද අපිට උදව් කරන්නේ කියල (බ)
තමාගේ පක්ෂේ වෙනුවෙන්( තම වෙනුවෙන්) චන්ද කල්දාන හෝ චන්ද කලින් තියෙන සංස්කෘතියක ,තමන්ගේ පක්ෂේට වාසිදා අවාසිද කියන එක හිතන්නේ නැතිව ජනතාවගේ අයිතීන් ගැන කතාකරන එක අපේ මිනිස්සුන්ට නුහුරු දෙයක්.ඉතින් අපිට එහෙම මිනිස්සු විහිලු කාරයෝ වගේ පෙනෙනවා අපේ රටේදී .තමන්ගේ වටිනා ජීවිතය අනුන් වෙනුවෙන් කැප කරන එක තරම් මෝඩ කමක් තවත් නැහැ. හැබැයි ඉතින් එහෙමයි කියල පක්ෂේ විසුරවන්නේ එහෙම නැහැ හොදේ.ඔයාල් නැත්නම් අර දෙගොල්ල එකතුවෙලා මේ රට හපයක් කරලා හුගක් කල්.(හේ)