(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)
‘‘මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයවල දමන කුමන්ත්‍රණය පරදවමු‘‘ යන තේමාව යටතේ හෙට ( 05) දින සවස 03:00 ට මිලානෝ නගරයේ පෙළපාළියක් හා පසුව මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ.
මිලානෝ පියස්සා ලීමා( Metropolitana Lima ) ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිත විරෝධතා පෙළපාලිය ප්‍රධාන දුම්රිය ඉදිරිපිට පැමිණීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ලංකාවක්, නීතිය පරමාධිපත්‍යය වූ රටක් අපි එකතුවෙලා බිහි කරමු. රට බලෙන් අල්ලාගෙන සිටින මංකොල්ල කරුවන් එලවමු….!
කුරුණෑගල ඇසිඩ් ජිනේව දැක්කොත් අල්ලලා පොලීසියට බාර දෙන්න...
පුංචි ඡන්දෙ ඉල්ලා මිලානෝවල බස් දෙක තුනක් ගිනි තිබ්බේ නැතිනම් ඉතාලි මිනිස්සු දැනගන්නේ නැහැ ලංකාවේ අපි ප්‍රජාතන්ත්‍රවාදයට කොපමණ ගරු කරනවද කියලා. ඒ නිසා ලංකාවේ පුංචි ඡන්දෙ ඉල්ලලා මිලානෝ වල බස් දෙක තුනක් ගිනි තියපල්ලා...
පුංචි ඡන්දය ඉල්ලා මිලානෝහි "දැවැන්ත" උද්ඝෝෂණයක්? NPP / JVP කණ්ඩායම මේ වගේ බොලඳ වැඩකරන්න දක්ෂයින්. ලෝකයේ වෙනත් රටවල දේපාලන පක්ෂ කාර්යාල පවා මැතිවරණයෙන් පසු වසාදමා තිබියදී ලෝකය පුරා විසිරි සිටින සමහර ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ පක්ෂ, පාට දේශපාලනය පෙන්වීමට පක්ෂ කාර්යාල පිහිටුවාගෙන තිබේ.
ඒ එක්කම බිලියන දහයකුත් එවන්න හොඳේ. මොකද මීට මාස කීපයකට කලින් පෙට්‍රල් බෝතලයක් නැතුව මිනිස්සු පෝලිම් වල මැරුණ රටක් යන්තං ගොඩඑන්න දඟලනකොට මැතිවරණ තියන්න කියන්නේ. ඔය පුංචි ඡන්දයෙන් පස්සේ රට දියුණු වෙනවාද? දියුණුවෙයි ඔය ගම්වල හොරු ටිකක්...
මහින්ද මහත්තයාගේ මුහුණ පිටේ ගහගෙන ඉන්න කෙනත් එනවාද? අපිට මතයි, එයාලා තමයි කවදාවත් යූ.එන්.පී එකට නොදී වාමාංශික කියකියා රට මේ තරම් ප්‍රපාතෙට ගෙනාවේ...
ඔය රටවල නිදහසේ ජීවත්වෙන ගමන් මේ රට විනාශ කරන්න හදන්නේ... මේ රටේ මිනිස්සුන්ට හරි අමාරුයි.. ඔය පොඩි ඡන්දේ තිබ්බා කියලා ලැබෙන සෙතක් නැහැ... බිලියන ගාණක වියදමක් විතරයි.. මහා ඡන්දයක් ඉල්ලන්න...
විදේශ රටවල ඉන්න අපේ මිනිස්සුන්ටත් පෙළපාලි, උද්ඝෝෂණ වලට බෙදා නැහැ. රට බංකොළොත් කරලා මදිවට මෙහෙ තමයි ඔක්කොම හිරිහැර...
ලංකාවේ ඇතුලේ තියන ප්‍රශ්න වලට මිලානෝ වල ඉඳන් කෑගැහුවට වැඩක් තියෙයිද
අපේ අනුර සහෝදරයාට වගේ රිංගන්න කඩයක් මිලානේ හංදියෙ ලෑස්ති කරන්න සංවිධායක සොයුරනි.