ඉදිරි ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කළ යුතු බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
කොළඹ දී අද (26) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවැසීය.
‘අලුත් පක්ෂයක් හදනවාද නැද්ද යන්න නෙමෙයි දැන් ප්‍රශ්නේ. මහින්ද මහත්තයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී කෙසේ හෝ ජයගැනීමයි අවශ්‍ය වන්නේ‘ යැයි මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පුංචි ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘
දහම් Tuesday, 26 January 2016 02:46 PM
දැන් මෛත්‍රී සහ යහපාලනෙට එකතු වෙච්ච කට්ටිය හොල්මන් වෙලා ඉන්නේ. චන්ද කල් දාන්නම දඟලන්නේ ඒ නිසා.(කෞ)
නිම්මි Tuesday, 26 January 2016 03:12 PM
දහම් හරි. වරෙල්ලකෝ මහින්ද නැතුව අපෙන් ඡන්දෙ ගන්න. (බ)
රවී Tuesday, 26 January 2016 03:15 PM
ඉතින් ශ්‍රී ලාල් මේ මහා ජනයා කැමති නායකයෙක් පත් කර ගන්ට තමයි හදන්නේ. මහා ජනයා (විපක්ෂය තුල)කැමති කාටද කියල දන්නවනේ. (බ)
සුමිත්‍ර බස්නායක Tuesday, 26 January 2016 03:26 PM
මහින්දගේ අගේ දැන් කාට කාටත් තේරිලා තියෙන්නේ.අපිට නම් මේ යහපාලනය එපා වෙලා තියෙන්නේ. (බ)
චන්දික Wednesday, 27 January 2016 08:14 AM
මහින්ද මහත්තය පෙන්සන් අරගෙන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව රට විනාස කරන්න හදනවා.පොළොන්නරුවේ ඉදල මෛත්‍රී මත්තයට පින්සින්සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට අපු එකෙක්.දැන් මෛත්‍රීට කපනවා.(කෞ)
චන්න Tuesday, 26 January 2016 04:27 PM
සමන්මලී සකලසූරිය එකපාරක් මහින්ද එක්ක නැගිටින්න ගිහින් පස්ස බිම එනගෙන ඉන්නේ. මේපාර පළාත් සැබෑ ටිකෙට් එකත් නැති වේවි (බ)
නිමල් Wednesday, 27 January 2016 05:02 AM
මහින්ද මහත්තයට චන්දෙ දෙන්ඩ කැමති රට දියුණු කරන්ඩ පිටරට බලපෑම් නැති කරන්ඩ. ශ්‍රී ල නි ප දෙපිටකට්ටුවෝ නිසා එතුමා පවා දෙලොවක් අතර. අපිත් කැමති නැහැ දෙපිටකාට්ටු වැඩ වලට.මහින්ද මහත්තයට ජය .(කෞ)
ප්‍රියන්ත Wednesday, 27 January 2016 09:20 AM
මේ කොමෙන්ට් දැක්කම වහල්කම ඔඩුදුවපු ජහමනයෝ මොනතරම් ඉන්නවද කියල හිතෙනවා.කොයිතරම් ලේසිද ලංකාවේ මීහරකුන්ව රවටන්න අවස්ථාවාදී දේශපාලන කුම්බාන්ඩයන්ට? විලිලජ්ජාවේ බෑ වෙලාවකට (බ)
සමන් Tuesday, 26 January 2016 07:25 PM
සමන්මලී සකලසුරිය නැගිට්ටේ මහින්ද එක්ක නොවෙයි එයාගේ ලොකු පුතා එක්ක. (බ)
දිල්ෂාන් Wednesday, 27 January 2016 03:15 PM
යහ පාලනේට තවමත් කඩේ යනවා සමහරු. හාමුදුරුවොත් හිරේ දාල රණ විරුවොත් හිරේ දාල, දැන් යහ පාලනේ සූදානම් වෙන්නේ හෝමාගම මිනිස්සුන්වත් හිරේ දාන්න. මේ ආණ්ඩුවක්ද පිස්සු බල්ලෝ රැලක්ද කියල හිතෙනවා.(කෞ)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 27 January 2016 10:12 AM
මේ මහින්ද නැතුව දැන් ශ්‍රී ලංකාවේ මොනවත්ම කරන්න බැහැ කියන සංස්කෘතියක් එයාගේ හෙන්චයියල විසින් ක්‍රමානුකුලව හදා ගෙන රටට ඉදිරිපත් කර තිබෙනවා. රෑට දොට්ට පිලට බහින්නත් මහින්ද අත්‍යාවශ්‍ය කෙනෙක් වෙන්නත් පුළුවන් ළඟදීම...(බ)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 26 January 2016 11:23 PM
මහින්ද ආවොත් යූඑන්පී ය උඩින් දිනුම් (නි)
දිනේෂ් Tuesday, 26 January 2016 11:41 PM
මේ කට්ටිය දැන් මහින්දගේ පිටේ නැඟලා ගිහින්, ඊළඟට එතුමාට පයින් ගහලා (එක වරක් කළා වගේ) නම්බු නාම ගන්නද හදන්නේ? දැන් හාමුදුරුවොත් හිරේ දාලා එන්නකෝ ඡන්ද ඉල්ලන්න. (නි)
ටෙනිසන් Tuesday, 26 January 2016 11:45 PM
මහින්ද නැතුව මොකුත්ම බැරි හැටි? (නි)
රුවන් Wednesday, 27 January 2016 06:39 AM
සිංහල බෞද්ධයන් රවට්ටන්න මහින්ද තරම් කාටවත් බෑ...(බ)
සිල්වා Wednesday, 27 January 2016 10:35 AM
මහින්ද සමග නැගිටින්න ඕනේ වැටිලා ඉන්නවනම් , රටේ ජනාධිපතිත් ශ්‍රීලනිපෙ , වැදගත් අැමැති තනතරු දරන්නෙත් ශ්‍රීලනිපෙ අැමැතිවරු පසුගිය කාලේ ප්‍රාදේශීය සභාවල වැඩි බලතල තිබුනෙත් ශ්‍රී ල නි පෙට ඉතින් කවුද කියන්නේ ශ්‍රී ල නි පෙ වැටිලා කියල , මේවා බොරු විකාර අදහස් , නාගරික / ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ සභාපතිවරු වංචා , දුෂණ නැතුව පසුගිය කාලේ හොඳට වැඩ කරනම් මිනිස්සු ඡන්දෙ දේවි නැත්නම් ගෙදර යවාවී (බ)
අචින්ත Thursday, 28 January 2016 09:01 AM
මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්නකන් අපි චන්දෙ දෙන්නේ (කෞ)
කණිෂ්ක Wednesday, 27 January 2016 07:13 AM
මහින්ද නැතුව ගිය රට (බ)
ද සිල්වා Tuesday, 26 January 2016 02:07 PM
රනිල් ට ඔච්චර බයද ? (අ)
සරත් කුමාර Tuesday, 26 January 2016 02:33 PM
රොෂාන් කියන්නෙ මහ බොරු කාරයෙක්. කිසිම සහයෝගයක් දෙන්ඩ හොඳ නැති කෙනෙක්. මහින්දට කෙලෙව්වෙත් එයාලම තමා. (බ)
ශ්‍රීලාල් Tuesday, 26 January 2016 02:44 PM
මොකක්ද ඔය පක්ෂය දිනවීම? රටට ආදරය ඇති අය, මහජනයාට හිතවත් අය කල යුත්තේ තමන් කැමති පක්ෂයක්, කැමති නායකයෙක් තෝරා ගැනීමට ඉඩදීමයි. හරියට වැඩ කලාම ඕනෑම කෙනෙකුට මහජනයාගේ හිත දිනාගන්න පුළුවනි. (කෞ)
ද සිල්වා Wednesday, 27 January 2016 07:38 PM
දිල්ෂාන්, උසාවියක නඩු අහනකොට ශබ්ද නගා ඈනුමක් ඇරලා බලන්න මොකද වෙන්නේ කියලා. මේක යහපාලන ප්‍රශ්නයක් නොවේ. උසාවියේදී නොහොබිනා ලෙස හැසිරුනාම දඬුවම් විඳින්න වෙනවා (නි)