ඉදිරි ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කළ යුතු බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
කොළඹ දී අද (26) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවැසීය.
‘අලුත් පක්ෂයක් හදනවාද නැද්ද යන්න නෙමෙයි දැන් ප්‍රශ්නේ. මහින්ද මහත්තයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී කෙසේ හෝ ජයගැනීමයි අවශ්‍ය වන්නේ‘ යැයි මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෛත්‍රී සහ යහපාලනෙට එකතු වෙච්ච කට්ටිය හොල්මන් වෙලා ඉන්නේ. චන්ද කල් දාන්නම දඟලන්නේ ඒ නිසා.(කෞ)
දහම් හරි. වරෙල්ලකෝ මහින්ද නැතුව අපෙන් ඡන්දෙ ගන්න. (බ)
ඉතින් ශ්‍රී ලාල් මේ මහා ජනයා කැමති නායකයෙක් පත් කර ගන්ට තමයි හදන්නේ. මහා ජනයා (විපක්ෂය තුල)කැමති කාටද කියල දන්නවනේ. (බ)
මහින්දගේ අගේ දැන් කාට කාටත් තේරිලා තියෙන්නේ.අපිට නම් මේ යහපාලනය එපා වෙලා තියෙන්නේ. (බ)
මහින්ද මහත්තය පෙන්සන් අරගෙන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව රට විනාස කරන්න හදනවා.පොළොන්නරුවේ ඉදල මෛත්‍රී මත්තයට පින්සින්සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට අපු එකෙක්.දැන් මෛත්‍රීට කපනවා.(කෞ)
සමන්මලී සකලසූරිය එකපාරක් මහින්ද එක්ක නැගිටින්න ගිහින් පස්ස බිම එනගෙන ඉන්නේ. මේපාර පළාත් සැබෑ ටිකෙට් එකත් නැති වේවි (බ)
මහින්ද මහත්තයට චන්දෙ දෙන්ඩ කැමති රට දියුණු කරන්ඩ පිටරට බලපෑම් නැති කරන්ඩ. ශ්‍රී ල නි ප දෙපිටකට්ටුවෝ නිසා එතුමා පවා දෙලොවක් අතර. අපිත් කැමති නැහැ දෙපිටකාට්ටු වැඩ වලට.මහින්ද මහත්තයට ජය .(කෞ)
මේ කොමෙන්ට් දැක්කම වහල්කම ඔඩුදුවපු ජහමනයෝ මොනතරම් ඉන්නවද කියල හිතෙනවා.කොයිතරම් ලේසිද ලංකාවේ මීහරකුන්ව රවටන්න අවස්ථාවාදී දේශපාලන කුම්බාන්ඩයන්ට? විලිලජ්ජාවේ බෑ වෙලාවකට (බ)
සමන්මලී සකලසුරිය නැගිට්ටේ මහින්ද එක්ක නොවෙයි එයාගේ ලොකු පුතා එක්ක. (බ)
යහ පාලනේට තවමත් කඩේ යනවා සමහරු. හාමුදුරුවොත් හිරේ දාල රණ විරුවොත් හිරේ දාල, දැන් යහ පාලනේ සූදානම් වෙන්නේ හෝමාගම මිනිස්සුන්වත් හිරේ දාන්න. මේ ආණ්ඩුවක්ද පිස්සු බල්ලෝ රැලක්ද කියල හිතෙනවා.(කෞ)
මේ මහින්ද නැතුව දැන් ශ්‍රී ලංකාවේ මොනවත්ම කරන්න බැහැ කියන සංස්කෘතියක් එයාගේ හෙන්චයියල විසින් ක්‍රමානුකුලව හදා ගෙන රටට ඉදිරිපත් කර තිබෙනවා. රෑට දොට්ට පිලට බහින්නත් මහින්ද අත්‍යාවශ්‍ය කෙනෙක් වෙන්නත් පුළුවන් ළඟදීම...(බ)
මහින්ද ආවොත් යූඑන්පී ය උඩින් දිනුම් (නි)
මේ කට්ටිය දැන් මහින්දගේ පිටේ නැඟලා ගිහින්, ඊළඟට එතුමාට පයින් ගහලා (එක වරක් කළා වගේ) නම්බු නාම ගන්නද හදන්නේ? දැන් හාමුදුරුවොත් හිරේ දාලා එන්නකෝ ඡන්ද ඉල්ලන්න. (නි)
මහින්ද නැතුව මොකුත්ම බැරි හැටි? (නි)
සිංහල බෞද්ධයන් රවට්ටන්න මහින්ද තරම් කාටවත් බෑ...(බ)
මහින්ද සමග නැගිටින්න ඕනේ වැටිලා ඉන්නවනම් , රටේ ජනාධිපතිත් ශ්‍රීලනිපෙ , වැදගත් අැමැති තනතරු දරන්නෙත් ශ්‍රීලනිපෙ අැමැතිවරු පසුගිය කාලේ ප්‍රාදේශීය සභාවල වැඩි බලතල තිබුනෙත් ශ්‍රී ල නි පෙට ඉතින් කවුද කියන්නේ ශ්‍රී ල නි පෙ වැටිලා කියල , මේවා බොරු විකාර අදහස් , නාගරික / ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ සභාපතිවරු වංචා , දුෂණ නැතුව පසුගිය කාලේ හොඳට වැඩ කරනම් මිනිස්සු ඡන්දෙ දේවි නැත්නම් ගෙදර යවාවී (බ)
මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්නකන් අපි චන්දෙ දෙන්නේ (කෞ)
මහින්ද නැතුව ගිය රට (බ)
රනිල් ට ඔච්චර බයද ? (අ)
රොෂාන් කියන්නෙ මහ බොරු කාරයෙක්. කිසිම සහයෝගයක් දෙන්ඩ හොඳ නැති කෙනෙක්. මහින්දට කෙලෙව්වෙත් එයාලම තමා. (බ)
මොකක්ද ඔය පක්ෂය දිනවීම? රටට ආදරය ඇති අය, මහජනයාට හිතවත් අය කල යුත්තේ තමන් කැමති පක්ෂයක්, කැමති නායකයෙක් තෝරා ගැනීමට ඉඩදීමයි. හරියට වැඩ කලාම ඕනෑම කෙනෙකුට මහජනයාගේ හිත දිනාගන්න පුළුවනි. (කෞ)
දිල්ෂාන්, උසාවියක නඩු අහනකොට ශබ්ද නගා ඈනුමක් ඇරලා බලන්න මොකද වෙන්නේ කියලා. මේක යහපාලන ප්‍රශ්නයක් නොවේ. උසාවියේදී නොහොබිනා ලෙස හැසිරුනාම දඬුවම් විඳින්න වෙනවා (නි)