(නිමල කොඩිතුවක්කු)
ව්‍යවස්තා උප්පරවැට්ටි මගින් මැතිවරණ කල් දැමීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කළහොත් ජනවාරි මාසයේ ලක්ෂ ගාණනින් ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී පැවසීය.
එම ජන බලය හමුදාව පොලිසිය යොදා මර්දනය කරන්නය කළ නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අවධාරණය කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට ආසනවලට සංවිධායකවරු පත් කරගැනීමට සහ අපේක්ෂකයන් සොයාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් රටේ ජනතාවට සහ විපක්ෂයට කළ හැකි දෙයක් නොමැති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
අන්ත පරාජයට පත්වන බව දැන දැන මැතිවරණය කල් දැමීමට රජය නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත් ජනතාවට සහ මැතිවරණයට බයේ මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එල්ල කරන බරපතළ හානියක් බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අනේ ඔය ගොන් පාට් කියල පරට බහින්නෙඔහෙලට රැවටුන කලෙ ඉවරයි.
ජනතාව දැනටමත් පාරට වැටිල ඉවරයි.. චන්දයක් අවොත් ඔය කියන අයටත් මෙදා පාරනම් ලෙසි වෙන්නෙ නැහැ.
ඡන්ද එපා
'බස්සන්න'? ජනතාව ඔයාගේ වහල්ලුද.?
ජනතාව පාරට බස්සට නම් කමක් නෑ නමුත් 225 දෙනාට ජනතව කියන්නේ සත්තු කියල. ඒ පාර්ලිමේන්තුවේ 225දෙනා ඔවුන් පිලිබදව හදුන්වා ගන්නා ආකාරය. පුරවැසියෝ බලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම කනත්වෝ.
ජනතාව පාරට බස්සනවා කියන්නේ, ජනතාවගේ ජීවිත අනතුරට ලක්කරනවා කියන එක නේද. ජේවීපී සහ පෙරටුගාමී පක්ෂයේ අයට කොල්ලො කෙල්ලො පාරට බස්සනවා කියලා බනින අය ඒ විදිහටම ජන ජීවිත අනතුරේ දාන එක හරිද. එහෙම කරනවා නම් ඉස්සෙල්ලම තමන්ගේ පවුලේ සාමාජිකයන් සහ නැදැයන්වත් පාරට ගෙන්න ඕන. එතකොට අපි ඒ පස්සෙන් එන්නම්.
ආය අමුතුවෙන් බස්සන්න දෙයක් නැහැ. පාරට බස්සලා දැන් ගොඩක් කල්.
ආ බොල කව්ද මේ කියන්නේ?
රටෙ මෙච්චර බඩු මිල ඉහල ගිහින්, ආර්ථිකය ඝාතනය කරල, ඉන්ඩන ගාස්තු විදුලිය වැඩි කරන එක තවම නතර වෙලා නැහැ, දේශපලුවො නිලදරයො සහ වෙලෙන්දො තරගෙට තෙල්වලින් ගෑස්වලින් ආනයනික දේවල්වලින් බඩුවලින් මහජනය සූරා කනව.
අමුතුවෙන් බස්සන්න දෙයක් නැහැ. ඔය දෙගොල්ලොම එකතුවෙලා ජනතාව පාරට බස්සල තියෙන්නේ.
උගත් මාධ්‍ය ප්‍රකාශක තුමාට මතක නැතුවා වගෙයි, ඒ මහතුන් බලයේ සිටි කාලයේ දී මැතිවරණ කල්දැමු සැටි .. ඔව් ඉතින් මහජනතාව මහ පාරට බැහැලා පස්සෙ ආපහු තම තමන්ගේ ගෙවල් වලට යාවි.
ලොකුම බුරුවන්ගෙන් කෙනෙක්.