වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස නිතර දකින අයේෂා නිරෝෂනි සමග අද "සාරවිට" තරු කතාබහ තුළින් දිගහැරමට අපි සූදානම් වුණේමු. මීට සිවුවසරකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය වර්තමානය වනවිට ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට සමත්ව ඇත. නිරූපිකාවක ලෙස දිගු කාලයක් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට අපේක්ෂා කරමින් සිටින අයේෂා, සිය අදහස් අප සමගින් මෙසේ බෙදාහදා ගත්තාය.
පුංචි කාලෙ නම් මගේ හිතේ තිබුණේ වෛද්‍යවරියක් වෙන්න. නමුත්, කාලයත් එක්ක මට ඉලක්කයට යන්න බැරි වුණා. ඒ හින්දා තමයි නිරූපණ ක්ෂේත්‍රය මම තෝර ගත්තේ.
ක්ෂේත්‍රයට ආවේ?
මීට අවුරුදු 4කට විතර කලින්. මුලින්ම මම සහභාගී වුණේ මනාලියන් දැක්මවල්වලට. දැන්නම් හැම විලාසිතා දැක්මකට වගේ සහභාගී වෙනවා. මේ අවුරුදු 4 තුළ ගොඩක් නිරූපණ ප්‍රසංගවලට මම දායක වෙලා තියෙනවා. නිරූපිකාවක් විදිහට වැඩ කරන්න කලින් මම ඇඳුම් විලාසිතා නිර්මාණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා. මම හිතන්නෙ ඒ නිසාදෝ කොහෙද මට නිරූපිකාවක් වෙන්න මාවත විවර වුණේ කියලා.
නමුත්, අයේෂාව අපි ගොඩක් වෙලාවට දැක්කේ වෙළෙඳ දැන්වීම් හරහා නේ?
ඔව් දැනට මම ගොඩක් වෙළෙඳ දැන්වීම් කරලා තියෙනවා. ඒ අතරින් "ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්", "ඩයලොග්", "සිංගර් මෙගා", "මැගී", "කාර්ගිල්ස් ෆුඩ් සිටි", "මන්චි", "කොමර්ෂල් බැංකුව", "NTB බැංකුව" හා "CDB බැංකුව" කියන වෙළෙඳ ආයතන මගින් නිර්මාණය කරපු දැන්වීම් සඳහා මම දායක වෙලා තියෙනවා. ඉදිරියටත් එන්න තියෙනවා මා කළ වෙළෙඳ දැන්වීම් කිහිපයක්.
ටෙලි නාට්‍ය හා ගීත රූප රචනා සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා නැද්ද?
ගොඩක් ආරාධනා නම් දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ක්ෂේත්‍ර තුළිනුත් මාව දැගන්න පුළුවන් වේවි.
නිරූපිකාවක් විදිහට අද කටයුතු කරන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?
මම හැම වෙලාවෙම මම කරන දේවල් ගැන සතුටු වෙනවා. නිරූපිකාවක් වුණ එක ගැන වුණත් අද මට තියෙන්නේ ලොකු සතුටක්.
ලංකාවේ නිරූපිකාවකට වටිනාකම් තියෙනවා?
මම හිතන්නෙ ලොකු වටිනාකමක් නැහැ. මොකද, සමහර නිරූපිකාවන් නිසා තමයි ඒ තත්ත්වය ගොඩ නැගිලා තියෙන්නේ.
නිරූපිකාවක් විදිහට දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව?
මට පුළුවන් කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා කටයුතු කරනවා. හැමදාම ඉතින් අපි නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න බෑනේ. ඒකට සීමාසහිත කාලයක් තියෙනවා.
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න කවුද උදව් කළේ?
මගේ පවුලේ අයව මතක් කරන්න ඕනා. අම්මා, මල්ලි තමයි මට ගොඩක් උදව් කරන්නේ. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රෙය්දී මම ගරු කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්වත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පුංචි කාලෙ මගේ හිතේ තිබුණේ වෛද්‍යවරියක් වෙන්න