දකුණු පළාතේ සුන්දර දූපතකි. එක් පැත්තකින් මුහුදය. එක් පැත්තකින් ගඟයි. රෑ කාලයේ ගස්වල ලගින්නට එන විවිධ කුරුලු වර්ග ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
මෑතක සිට මේ කුරුල්ලන්ට සැනසුමෙන් රාත්‍රිය ගත කරන්නට ඉඩ නොලැබේ. පිරිසක් අධි බලැති ආලෝක ධාරා ගස්වලට එල්ල කිරීම ඊට හේතුවයි.
එම එළියත් සමග පියාපත් ගසමින් කුරුල්ලෝ යළිත් ගුවනට පිවිස අනතුරක සංඥා දල්වමින් නද දෙති.
කොළඹ ව්‍යාපාරිකයකු ඔහුගේ බඩියා සමග එක්වී අනාදිමත් කාලයක සිට මෙම දූපතේ ගස්වල ලගින කුරුල්ලන් එලවා දැමීමට කැස කවයි. ඊට හේතුව මෙම දූපතේ සැප හෝටලයක් ඉදිකිරීමයි.
කුරුලු පාරාදීසය දූපතින් අවතැන් නොකර එය කළ නොහැකි බව කියති. මේ ගැන සොයා බැලීමට පොලිසියට දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවට අවශ්‍ය විදේශ මුදල් , එය සඳහා සංචාරක ව්‍යාපාර දියුණු කරනට සංචාරක හොටෙල් හැම තැනම , ඔවුනට දුපත ගෙන හෝ රටේ ලස්සන කුරුල්ලන් ගැන අවබෝධයක් හෝ අවශ්‍යතාවයක් නැහැ , සියල්ල සිදුවන්නේ රුපියල් සත ගැන සිතා නිසා (බ)
කොග්ගල දුපතේ සිටින ගඟන පක්ශීන්ව බේරා දුපතද බේරාගන්න සියල්ල එකතු වන්න.(ම)
අනේ මෙහෙමත් මිනිස්සු, අහිංසක සත්තුන්ට ඉන්න දෙන්නැති හැටියක්. (ර)
කෝ අපේ පරිසරවේදියෝ (බ)
ඔය වැඩේ කරන්නේ කවුද කියලා අපි දන්නවා. (ර)
කියව, කියවා ඉඳලා හරියන්නේ නැහැ. ගමම එකතුවෙලා ගහලා එලවන්න තියෙන්නේ. (නි)
උඩ යන යකඩ කුරුල්ලන්ගේ ලොක්ක නේද මේ ?එයාට යකඩ කුරුල්ලෝ ඉන්න හින්ද දැන් නිකන් කුරුල්ලන්ව එපා වෙලා වගේ . හැබැයි අපි දන්නවා එයා මේ ට්‍රයි කරන්නේ මොකටද කියල . රටේ වටිනා ඉඩම් එහෙම හිතුමතේ පුද්ගලික ප්‍රයෝජන ගන්න දෙන්න බෑ. (හේ)
අසරණ කුරුල්ලන් (විදුලි) පන්දමේ බලයෙන් එළවාදමා මඩිය තර කරගැනීමට කැසකවන කොළඹ ව්‍යාපාරිකයා සහ ඔහුගේ බඩියාත්, වෙනත් ක්‍රියාමාර්ග මඟින් එළවා දැමීමට ගම්වාසීන් එකතුවෙන දිනය වැඩි ඈතක නොවෙන්නත් පුළුවන් (නි)
කොග්ගල ගඟේ දුපත් ආරක්ෂා කර ගැනීමට අපි එකතුවෙමු (නි)