හොරණ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ හෙරොයින් මත් කුඩු විකුණමින් සිටි සිල්ලර කඩ හිමියෙක් පානදුර වලාන දූෂණ මර්දන මෙහෙයුම් ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩු පැකට්ටුව රුපියල් 500 ගණනේ අලෙවි කර ඇති ඔහුගේ ඉලක්කය පාසල් සිසුන් බව ද, මිලි ග්‍රෑම් දහසකට වැඩි හෙරොයින් සොයා ගත් බව ද පොලිසිය පවසයි.
ඔහුගෙන් කුඩු ගන්නට ආ 20 හැවිරිදි තරුණයකු කඩ තුනක හිමිකරුවකු බවත්, ඔහු දිනකට රුපියල් දහසක කුඩු මිලට ගන්නා බවත් පොලිසිය කියයි.
කුඩුවලට මීපාසානම්, සමර වැනි ද්‍රව්‍යයද එකතු කරන්නන් බොහෝ සිටිතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පොඩියට කුඩු විකුණලා තමා මහා පරිමානයේ කුඩු මුදලාලිලා වන්නේ, ගෙන්වන අය වන්නේ. එහෙත් සැකය සැමදාම අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? (නි)
ප්‍රසිද්ධ පාසල් අතර කුඩු පමණක් නොවෙයි, විවිධාකාර ජාවාරම් කෙරෙනවා (නි)
ප්‍රසිද්ධ පාසල් බොහොමයක් කේන්ද්‍ර කරගනිමින් දැන් කුඩු ජාවාරම් සිදුවෙනවා. මීට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි (නි)
මෙවැනි කඩ හිමියන්ට උපරිම දඬුවම් දුන්නොත් මේක බලාගෙන අනෙක් අයත් හැදෙයි. රටේ අනාගත දරුවන්ට මත්කුඩු හුරු කරවන මෙවැනි පාපතරයින්ට ඉක්මන් දඬුවම් ලබාදෙන්න. (නදී)
මමත් හොරණ තමයි. ලංකාවේම ප්‍රසිද්ද පාසලක් වන කොළඹින් පිට හොදම පාසලක් සේ සැලකෙන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අවට කඩවල කුඩු ව්‍යාපාරය හොදින් කෙරෙන අතර කුඩා ළමුන්ව අනවශ්‍ය ලෙස වැඩිහිටියන්ගේ ඕනා එපාකම් සඳහා යොදාගන්නවා. ඒ සඳහා රුපියල් 50 වැනි මුදලක් ලබා දෙන බව පාසල් ළමුන් අතර ප්‍රසිද්ද කරුණකි. මේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් මේ සම්බන්දව වලාන වංචා හා දුෂණ විමර්ශන ඒකකය මගින් අවදානය යොමුකරන්නේ නම් ඉතා අගේ කරමි. (නදී)
ඔය කොයි මුදලාලියත් පටන්ගත්තේ පොඩියට තමයි. (නදී)
ඔය විධියට අල්ලන අයට විරුද්ධව නඩු පවරන විට ඔප්පු කරන්න අඩුපාඩු තියන්න එපා. නැත්නම් වෙන්නෙ නඩුවේ තීන්දුව දෙනකොට අවුරුදු දෙකක් තුනක් ගිහින්. ඒ වෙනකොට විත්තිකාරයාගෙ ගෙදර කෝටිපතියො බිහි වෙලා. ඊලඟට ඇපෑලට අල්ලනවා ලක්‍ෂ 25ක් 50ක් වියදම් කරලා ඉහල ගනයේ නීතීඥ මහතුන්. ඒ වෙනකොට අල්ලපු පොලිස් නිලධාරීන් විශ්‍රාම හෝ ස්ථාන මාරූවී ගිහින්. ඇපෑලෙන් නිදහස් වෙලා ගෙදර එන අය මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා අපරාදේ මම අවුරුදු ගනනක් ඇතුලෙ හිටියා. අමතක කරන්න එපා ප්‍රසිද්ධ දෙවුන්දර කුඩු මුදලාලි කෙනෙක් ඇතුලෙ ඉන්නවා. දැනට කෝටියකට වඩා වියදම් කරලලු තියෙනනේ. මිනිහා සහ ගෝලයා ඇතුලට වෙලා සුපිරි සැප සිපිරි ගෙදර විදිනවාලු. (නදී)
ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. තෝරු මෝරු ඉන්දැද්දී හාල්මැස්සෝ අල්ලලා විතරක් මේක නවත්වන්න බැහැ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා යැයි කියපු කුඩු කාරයෝ ටික මුලින්ම අල්ලා ගත්තා නම් හරි. (නදී)
මුන් කරන්නේ අපේ රටේ අනාගතය විනාෂ කරන එක... මුන්ට නීතියෙන් හරි දඬුවමක් නැතත් ස්වබාව ධර්මයෙන් හරි විපාක දෙනවා. (නදී)
මී පාසානම් හා සමර දැමීම කුඩු වෙළඳාමේ සතුටුදායක ආරංචියක්. පුලුවන්නම් සයනයිඩ් දමන්න. (නදී)
මරණ දඩුවමෙන් පිට දඩුවමකින් වැඩක් නැත. (නදී)
පොඩි පොඩි ඒවා තමයි පහු වෙනකොට ලොකු ලොකු ඒවා වෙන්නේ (නදී)
දඬුවමක් විදිහට කුඩු මුදලාලිලාට කුඩු ගහන්න පුරුදු කලොත් නරකද? සේසතම නැතිකරගෙන අන්තිමට විඳවලා මැරෙන්න (නදී)
අල්ලන අල්ලන කුඩු ජාවාරම් කාරයන්ව හංගල තියෙන කුඩු හරි, ආයුධ හරි පෙන්නන්න එක්ක ගියා නම් හරිනේ (නදී)