රියැලිටි වැඩසටහන්වලට සහභාගී වන සමහර තරගකරුවො ඉබේටම වගේ ගායකයො වෙනවනෙ. පුංචි තිරයේ මුහුණ වැඩිපුරම දකින නිසාත් සමහරු කැමති පැරැණි ගීත මේ අය ගයන නිසාත්, විනිසුරු මඬුල්ලේ අය මේ අය මුරුංගා අත්තේ නග්ගලා තියන නිසාත්, ඇතැම් විට සහජයෙන්ම ගායන හැකියාවන් තිබෙන නිසාත් මිනිස්සු මේ අයට ප්‍රිය කරනවා.
නමුත් මෙවැනි බොහෝ දෙනෙක් කියන්නෙ දන්නෙ සීමිත සින්දු ප්‍රමාණයක්. ඒවත් අනුන්ගෙ සින්දු. ඔන්න වාද්දුව පැත්තෙ යාළුවෙකුගේ මඟුල් ගෙදරට තරුණ රියැලිටි ගායකයෙකු ආරාධනාවක් ලැබිලා තියෙන්නෙ සින්දුවක් දෙකක් කියන්නත් එක්ක.
ඔන්න කොළඹ ඉඳන් වාද්දුවට මේ තරුණයා කැබ් එකක් බුක් කරගෙන යන ගමන් මෙයාට කෝල් එකක් එනවා අර මඟුල් ගෙදරට එන්න කියපු යාළුවගෙන්.
"මචං අද වෙඩිං එකේ සෙල්ලම් කරන්නෙ ආමි බෑන්ඩ් එක. මනමාලිගෙ බලවත් ඉල්ලීමක් තියෙනවා මංච උඹට %ඉවුරු තලා^ සින්දුව කියන්න." ඔහු කිව්වලු.
"අනේ මචං පිස්සු නම් කෙළින්න එපා. මම %ඉවුරු තලා^ ජීවිතේට කියලා නැහැ. වෙන සින්දු දෙකක් මම පුරුදු වෙලා ආවෙ.* "අනේ බුදු යාළුවේ, මගේ කාඩ් එක කුඩු කරන්න එපා. කොහොම හරි ගූගල් එකට ගිහිං සින්දුව හොයලා එන ගමන් මුමුණමින් වරෙන්. උඹට පුළුවන් මචං," ඔහු ඇවිටිලි කළා.
රියැලිටි තරුණයා වහාම ඔහු හඳුනන තවත් සංගීත අධ්‍යක්ෂකවරයෙකුට කතා කළා.
"මම ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නෙ ලේ දෙන්න. තව පැයකින් කතා කරනවද?"
"අනේ ප්ලීස් ලොකු හදිස්සියක්. "ඉවුරු තලා" එකේ ඔරිජිනල් පිච් එක විතරයි මහත්තයෝ දැන ගන්න ඕනෙ. වෙරි සොරි මේ වෙලාවෙ කරදර කළාට."
"A පොසිටිව්"
"පිච් එකද A පොසිටිව්?"
"නෑ මනුස්සයෝ ඉස්පිරිතාලෙ අයට මගේ ලේ වර්ගය කිව්වෙ. ඔයා තව පැය දෙකකින් කතා කරන්නකො."
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පිච් එකද A පොසිටිව්?