IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පගාව තවමත් රජකරනවාලු

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී   දිවයිනේ පාසල් රැසක සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතත් එ් සම්බන්ධයෙන් විසඳුමක් පෙනෙන්නට ලංකා ගුරු සංගමයේ ලේකම් ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

පාසල්වල 2016 වසර සඳහා පන්තියකට ඇතුළත් කළ හැක්කේ සිසුන් 35 දෙනෙකු පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කළ අධ්‍යාපන අමාත්‍යාංශය ඒ ආකාරයෙන් සිසුන් තෝරාගැනීමෙන් පසු යළිත් චක්‍රලේඛයක් නිකුත් කරමින් සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ නංවා එම සිසුන් පස් දෙනා මන්ත්‍රී ලැයිස්තුවලින් ඇතුළත් කිරීමට යන බවට තොරතුරු ඇතැයි ද ලේකම්වරයා කීවේය.

ලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද(13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ස්ටාලින් මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘ආනන්ද විද්‍යාලයට 2016 වසර සඳහා දරුවන් ඇතුළත් කරගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ ගැන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ විට ඔහු එය නොදන්නා බව පැවසුවා. නිවැරදිව නම් මේ පරීරීක්ෂණය අවසන් වන තුරු විදුහලට දරුවන් ඇතුළත් කිරීම නැවැත්විය යුතුයි.

ගාල්ල මහින්ද, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලවලටත් දරුවන් ඇතුළත් කිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතා ගැන පැමිණිලි තිබෙනවා.

මේ වන විට රටේ විදුහල්පති පුරප්පාඩු 6000ක් තිඛෙනවා. 2005න් පසු විදුහල්පතිවරුන් බඳවා ගැනීම වෙනුවෙන් විභාගයක් පැවැත්වූයේ 2015 වසරේ දීයි. මෙයට 18,000ක් පෙනී සිටියා. ඔවුන්ගෙන් 4000කට පත්වීම් දෙන බව කියනවා. ඉතිරි 2000ට වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස තමන්ගේ හිතවතුන් පත්කරගැනීමේ උත්සාහයකයි රජය මේ නිරත වෙන්නේ. විභාගයට පෙනී සිට අයගෙන් 6000ක්ම බ`දවා නොගන්නේ ඒ නිසයි.‘‘

මරදානේ පදිංචි එස්. ආර්.ඒ ඩබ්ලිව්.පී සමරතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.

‘මරදානේ පදිංචි වී සිටින අපේ දරුවන්ව ආනන්ද විද්‍යාලයට තේරී නැහැ. නමුත් පාසල ආසන්නයේ ඇති නිවාසවල ලිපින හොරට යොදා ඉල්ලූම්පත් යොමු කළ අයගේ දරුවන් තේරී තිඛෙනවා. මොවුන්ට වසර දෙකක ඡන්ද ලේඛනයේ නමවත් නැහැ. එවැනි අයගේ ලකුණු 14ක් අඩු කළ යුතු වුවත් ඒ දරුවන් ලකුණු 98, 99 වැනි ප්‍රමාණ ලබාගෙන පාසලට තේරී තිඛෙනවා.‘‘

ගාල්ලේ පදිංචි විතානගේ සැම්සන් මහතා මෙසේ පැවසීය.

‘‘ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට දරුවන් ඇතුළත් කරගැනීමේ දී අක්‍රමිකතා රැසක් සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශයට හා විවිධ අංශවලට පැමිණිලි කර තිබෙනවා. මේ විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවල වාර්තා ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් 2015 ජූනි 20 වැනිදා අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක් යොමුකර තිඛෙනවා. ඒත් තවමත් ඒ වාර්තා කොමිසමට යවා නැහැ. අධ්‍යාපන ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට නොහැකි වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකුගේ බලපෑම මත බව පෙනෙන්නට තිඛෙනවා.‘‘

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් එස්. විශ්වලිංගම් මහතා මෙසේ සදහන් කළේය.

‘හින්දු විද්‍යාපයේ විදුහල්පතිවරයා පැමිණ ගත වූ වසර තුනක පමණ කාලයේ දී අක්‍රමිකතා රැසක් සිදුවුණා. මේවාට විරුද්ධව කතා කරන ගුරුවරුන්ට විවිධ පීඩාවන්ට ලක්වෙන්නටත් සිදුවෙලා. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගනිද්දීත් විශාල වශයෙන් අක්‍රමිකතා සිදුවෙනවා.‘‘

දූෂණ විරෝධී සන්ධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ යන මහත්වරුද මෙහි දී අදහස් දැක්වූහ.

 

 



අදහස් (0)

පගාව තවමත් රජකරනවාලු

ජනහිත Wednesday, 13 January 2016 10:23 PM

ජෝශප් මහත්තයෝ, පගාව නැති තැනක් කියන්න. හොඳම දේ නම් පුළුවන්තරම් ඔය පාසල් විශාල කරන එක. එතකොට රටටම ඕනෑ පාසල් කීපයයිනේ. (නි)

:       0       0

කුමාරසිංහ Wednesday, 13 January 2016 02:26 PM

ඔබතුමා හරි ජෝශප් මහත්තයෝ (නි)

:       0       0

ගඟන Wednesday, 13 January 2016 02:31 PM

ඇත්ත. පගාව තවමත් රජකරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site