ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාරිමාර්ග ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ 13කින් යුත් පෙරමුණක් ගොඩනඟා තිබෙන බවත් එම පෙරමුණට විමල් වීරවංශ මහතාගේ හෝ උදය ගම්මන්පිල මහතාගේ පක්‍ෂය සම්බන්ධ කර නොගන්නා බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට හේතු වූයේ විමල් වීරවංශ මහතා කළ ප‍්‍රකාශයක් බව ද ඇමැති කීවේය.
කාලයක් තිස්සේ භාවිතා නොවූ අත ලකුණින් ඡන්දයට ඉදිරිපත් වන්නේ පක්‍ෂයේ ලකුණින් පැමිණ පක්‍ෂය ශක්තිමත් කරගැනීමේ අරමුණින් බව කී අමාත්‍යවරයා බුලත් කොළය ලකුණද ආරක්‍ෂා කරගන්නා බව සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමන ඔවුන් තමන්ගේ උදර පෝෂණය සඳහා සංවිධානය කළ එකක් මිස පරාර්ථය වෙනුවෙන් සංවිධානය කළ එකක් නොවන බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
එන්නකෝ එන්නකෝ....අපි දෙන්නම් ඡන්ද! (නි)
අපිත් බලා ඉන්නේ එනකම් තමයි. (නි)
අත ලකුණින් තරඟ කරලා පහු ගිය සැරේ වුන සන්තෑසියම වෙයිද කවුද දන්නෙ ? (බ)
ඔය කියන ලකුණින් එන එකෙකුටවත් ඇප වත් ඉතුරු වෙන්නේ නැති බව ඉර හද මෙන් විශ්වාසයි. (ර)
අන්න දැන් තමා මොළේ වැඩ කරන්න පටන් ගන්නේ නරකම නැහැ (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාරිමාර්ග ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පවසල තිබෙනලු එයාගේ හිතේ ඇති ඔය බයිලා අහල ජනතව එයාව නැවත පත් කොරවී කියල (අ)
හරියට හරි පැරදුනොත් නැවත එකතු වෙලා මේ කරගෙන යනවිදියටම රට ගෙනියනවා (බ)
එතකොට බුලත් කොළේට මොකද වෙන්නේ (බ)
බුලත්කොලෙන් ඉල්ලලා පැරදිලා නැවත පිනට පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් බුලත්කොලේ නයාට අදුකොලේ වගේ වෙලා නේද. (බ)
ඔය කවුරුත් කතා කරන්නේ උදර පෝෂණය පිණිස මිසක් පොදුජන යහපත පිණිස නොවෙයි නේද? වාසි පැත්තට පැනීම උදර පෝෂණය නොවෙන්නේ කොහොමද? (බ)
පාද ලකුණින් අවනම් තමයි වඩාත් හොඳ (බ)
අලියා ලකුණින් කට්ටියක් එනවා නේද? ඔයාල හෙන්ඩුව ලකුණ දාගන්න (අ)
එහෙනුත් කාල, මෙහෙනුත් කන අය ගෙදර යවන එක මහා ජනතාවගේ ළඟ තියෙන්නේ. (අ)
සුමුදුගෙ කටේ මසුරන් දාන්න ඕනේ. උදර පෝෂනෙට අර පැත්තට මේ පැත්තට පනින රිලව් කව්ද කියල මිනිස්සුන්ට තේරෙනවා. එකනේ ගෙදර යැව්වේ.(බ)
ඔබටනම් හරියන්නේ ගෙම්බා ලකුණෙන් ආවොත් විතරයි.(බ)
අත ලකුණින් ඇවිල්ලා එක ආසනයක් දිනලා පෙන්වන්න පුලුවන් නම් (නි)
විජිතමුණි කියන අවස්ථාවාදී කෙළෙහි ගුණ නොදත් ජෝකර්ලා ට අනාගතයක් නැත (බ)
මොන ලකුණෙන් හරි කමක් නැහැ, පුළුවන්නම් ඡන්දයක් දිනලා පෙන්නන්න. ඡන්දෙත් පැරදුන මෙවැන්නන්ගේ නරිවාදන් කවුරුත් ගණන් ගන්නේ නැහැ (නි)
වාසි පැත්තට හෝයියා කියන මිනිසුන්ට ඊළඟ පාර මොන ලකුණෙන් ඉල්ලුවත් අබ සරණයි! ඡන්දෙ දෙන්නේ අපිනේ. (නි)
දිනපු අයට අභියෝග කරන්න මෙතුමා කවුද? (නි)
අනේ මන්දා! මොනවා නැතත් හොඳටම රිදිලා කියලා නම් තේරෙනවා (නි)
ලකුණ මොනවා වුණත් තීරණය ජනතාව අතේ (නි)