(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාකිස්ථානයේ ඇඟලුම් ඇඟළුම් කම්හලක කළමනාකාරවරයකු ලෙස සේවය කරමින් සිටියදී ම්ලේච්ඡ සහ අමානුෂික අයුරින් ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ එම ඝාතනය සිද්ධිය සැලවූ වහාම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ එරට රජය ඒ සම්බන්ධයෙන් ගත් දැඩි ක්‍රියාමාර්ග රජය සහ කම්කරු අමාත්‍යාංශය ඉතා ඉහළින් අගය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
ඔහු මෙසේ පැවසූවේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පනත අනුව ප්‍රතිලාභ ලබාදිය හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ රැකියාවන් සඳහා යන අයට පමණක් වුවත් තමා විශේෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ අයට ලක්ෂ 25 ක කරුණාසහගත දීමනා දීමනාවක් ලබාදීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මෙවැනි අනපේක්ෂිත සිද්ධීන්වලට මුහුණ දෙන අය වෙනුවෙන් විශේෂිත රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි සිද්ධීන් ඇති නැවතත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද නිමල් සිරිපාල සිල්වා මහතා කීවේය.
විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී ඇතැයි පැවසූ අමාත්‍යවරයා රජයට හොරෙන් සංචාරක වීසා රැගෙන ගොස් විදේශයන්හි අතරමං වන අය සම්බන්ධයෙන් නීතිමය රැකවරණයක් ලබාදීමේ හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය.
මේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඝාතන සිද්ධිය සැලවූ වහාම රාජතාන්ත්‍රික ආකාරයෙන් අවශ්‍ය සියලුම පියවර ගත් බවයි.
මේ ඝාතන සිද්ධියෙන් පසු ඒ රජයට වැරදි ආකාරයෙන් මතයක් සමාජ ගත කිර සිද්ධිය සාධාරණීකරණය කිරීමට හැකියාවක් තිබුණද ඔවුන් එසේ කටයුතු නොකළ බවත් විශේෂයෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ සිද්ධියේදී කළ කැපවීම සහ ගත් තීන්දු පිළිබඳව ඒ මහතාට ගෞරවය සහ සහය ස්තූතිය පුද කරන බවත් හෙතෙම සඳහන් කළේය.
පාකිස්තාන අගමැතිවරයාගේ කැපවීම අගය කරමින් මහ නායක හිමියන්ද ප්‍රකාශයක් නිකුත් කළ බව ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා සාමාන්‍ය සිද්ධියක් හැටියට හුවා දක්වා තිබූ බවත් ඔහුගේ එම ක්‍රියා ක්‍රියාකලාපය හෙළා දකින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි දෙනා නොදන්නවාට ඔහු සැබෑ දේශප්‍රේමියෙක්.. පාකිස්තානය කෙරෙහි ලෝකයාගේ තිබූ ආකල්ප වෙනස් කිරීමට සමත් වූ දක්ෂයෙක්... නායකත්වය පැහැදිලි ලෙස දැකිය හැකි අයෙක්... අතුගානකොට තමයි කුණු තියෙන බව වැටහෙන්නේ...
කැකිල්ලේ රජාගේ කාලේ සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මිනීමෝරු හිටියා. තාජුඩීන්ව අමානුෂික විදියට ඝාතනය කෙරුවා. මාධ්‍යවේදීන් කී දෙනෙක් ඝාතනය කෙරුවාද..?
එතකොට ලංකා අගමැතිට ගැරහුම්...!