පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර වාර්ෂික සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව තුන්වෙනි වරටත් ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරමිභ විය.
දෙරටේ සන්නද්ධ හමුදා අතර වෘත්තීමය හා අන්‍යෝන්‍ය සබදතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන 2012 වසරේදී මෙය මුලින්ම ආරම්භ වී ඇත.
දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුනු සාකච්ඡා කිරීමට හා සන්නද්ධ හමුදා අතර ද්විපාර්ශවික සහයෝගීතාවය හා අවබෝධය වැඩිදියුනු කිරීම සදහා මෙකී සාකචිඡා උපයෝගී වේ.
මෙහිදී ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පාකිස්ථාන දූත පිරිසේ ප්‍රධානී මේජර් ජෙනරාල් ඉෆ්තිඛර් අහමඩි වයින් මහතා අතර හමුව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ අප යාළුකම් තබාගැනීම නුවණට හුරුයි (නි)
මොන මගුලට මුන් එක්ක සහයෝගෙන් වැඩ කරනවද මන්ද, මුන් ඉන්නේ මේ ලංකාව හම්බ රටක් කරන්න, (ම)
අනේ නාමල් නිකන් බටහිර රටවල් වලට ගැතිකම් නොකර ඉන්නවද? පොඩ්ඩක් ඔය මානසිකත්වයෙන් මිදෙන්න බලන්න. බටහිර රටවල් පොඩි රටවල් වල සම්පත් හුරගෙන කලා ප්‍රශ්න ඇතිකරනවා මිස කිසිම කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ (ම)
අපිට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය ආයුධ සහ යුධ ආධාර දුන්නේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල්ද? එහෙම නැත්නම් පාකිස්ථානය, චීනය, රුසියාව වගේ රටවල්ද? ලාංකිකයින් වශයෙන් අපි කෙළෙහිගුණ පෙන්නන්න ඕනෑ කුහකකම පෙන්වන්නේ නැතුව (නි)
පකිස්ථානය අපේ සැබෑ මිත්‍ර රාජ්‍යයකි. යුධ සමයේ ඔවුන් අපට සහය දැක්වුයේ කොන්දේසි විරහිතවය. ශ්‍රී ලංකාවේ සිටි පකිස්ථානු තානාපතිවරයාත් කොටින්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වුණා නේද? බොහෝ දෙනෙකුට දැන් අතීතය අමතකයි. (නි)
නමුත් කිසිම දවසක ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා (නි)
අපේ රටට හමුදාමය උදව් අත්‍යවශ්‍යව තිබුන වෙලාවෙ බොහෝ රටවල් අපේ රටේ ඉල්ලීම් වලට පිටුපානකොට පකිස්තානය අපේ උදව්වට ආ මිතුරෙක්. ඒ මිතුරුකමට පිටුපාන්න නරකයි (නි)
යුද්ධය පැවති කාලසීමාවේදී අපහට උදව් කළේ පකිස්ථානය , චීනය , රුසියාව , ඉරානය වැනි රටවල් පමණි..(බ)
පාකිස්ථානය සමඟ තිබෙන වැඩි සම්බන්ධතා එච්චර නුවණට හුරු නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
සිරාගේ අදහස තුළ කරුණු හරිහැටි දැන කතාකරන කිසිවෙකුට බිඳිය නොහැකි ඉතා ගැඹුරු සත්‍යයක් ඇත. එහෙත් ඔහුගේ අදහස, අප රටක් හැටියට (විශේෂයෙන් ඉන්දියාව ආසනයේ ඇති රටක් ලෙස ) අපගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර දේශපාලනයේදී අපට අවාසි වෙන තරමේ අදහසක් වන් අතර , මෙහිදී ලංකාවේ පැවැත්ම සඳහා වන හොඳම සංෂිප්ත අදහස පළවන්නේ ප්‍රභාත් කුලතුංග ගේ අදහස තුලිනි. (බ)
මෙතැන මිනිස්සු බටහිර රටවක් වලට යන්න බැරිවෙච්ච අමාරුවට ඒවට බනිනව, පව්..බටහිර රටවල් තමා ලංකාවට වැඩියෙන්ම ආධාර කෙළේ...වීසා දෙනව කිව්වොත් කට්ටිය දුවන්නෙම චීනෙට හෝ රුසියාවට නෙමේ බටහිරට (බ)
නාමල්, අවුරුදු 30 යුද්ධයේදී අවංකව ලංකාවට උදව්කළේ පාකිස්ථානයත්, චීනයත්, ඊශ්‍රායලයත් පමණයි (නි)
අපට යුද්ධය කරන්න පකිස්තානය තරමටම ඉන්දියාවත් උදව් කළා... ඇමරිකාව හා යුරෝපය කොටි ත්‍රස්ත ලයිස්තුවට ඇතුලත් කරලා කොටි සාමාජිකයින් අත් අඩංගුවට ගත්තා... චීනය හා රුසියාව කළේ ආයුධ විකුනපු එක..(බ)