පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර වාර්ෂික සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව තුන්වෙනි වරටත් ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරමිභ විය.
දෙරටේ සන්නද්ධ හමුදා අතර වෘත්තීමය හා අන්‍යෝන්‍ය සබදතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන 2012 වසරේදී මෙය මුලින්ම ආරම්භ වී ඇත.
දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුනු සාකච්ඡා කිරීමට හා සන්නද්ධ හමුදා අතර ද්විපාර්ශවික සහයෝගීතාවය හා අවබෝධය වැඩිදියුනු කිරීම සදහා මෙකී සාකචිඡා උපයෝගී වේ.
මෙහිදී ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පාකිස්ථාන දූත පිරිසේ ප්‍රධානී මේජර් ජෙනරාල් ඉෆ්තිඛර් අහමඩි වයින් මහතා අතර හමුව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්ථාන ලංකා හමුදා සහයෝගය දිගටම
නාමල් Wednesday, 16 September 2015 02:26 AM
ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ අප යාළුකම් තබාගැනීම නුවණට හුරුයි (නි)
සිරා Wednesday, 16 September 2015 02:58 AM
මොන මගුලට මුන් එක්ක සහයෝගෙන් වැඩ කරනවද මන්ද, මුන් ඉන්නේ මේ ලංකාව හම්බ රටක් කරන්න, (ම)
රොෂාන් Wednesday, 16 September 2015 03:02 AM
අනේ නාමල් නිකන් බටහිර රටවල් වලට ගැතිකම් නොකර ඉන්නවද? පොඩ්ඩක් ඔය මානසිකත්වයෙන් මිදෙන්න බලන්න. බටහිර රටවල් පොඩි රටවල් වල සම්පත් හුරගෙන කලා ප්‍රශ්න ඇතිකරනවා මිස කිසිම කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ (ම)
කාන්ති Wednesday, 16 September 2015 03:23 AM
අපිට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය ආයුධ සහ යුධ ආධාර දුන්නේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා බටහිර යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල්ද? එහෙම නැත්නම් පාකිස්ථානය, චීනය, රුසියාව වගේ රටවල්ද? ලාංකිකයින් වශයෙන් අපි කෙළෙහිගුණ පෙන්නන්න ඕනෑ කුහකකම පෙන්වන්නේ නැතුව (නි)
ධම්ම Wednesday, 16 September 2015 03:56 AM
පකිස්ථානය අපේ සැබෑ මිත්‍ර රාජ්‍යයකි. යුධ සමයේ ඔවුන් අපට සහය දැක්වුයේ කොන්දේසි විරහිතවය. ශ්‍රී ලංකාවේ සිටි පකිස්ථානු තානාපතිවරයාත් කොටින්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වුණා නේද? බොහෝ දෙනෙකුට දැන් අතීතය අමතකයි. (නි)
ප්‍රභාත් කුලතුංග Wednesday, 16 September 2015 04:46 AM
නමුත් කිසිම දවසක ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා (නි)
සිරි Wednesday, 16 September 2015 05:08 AM
අපේ රටට හමුදාමය උදව් අත්‍යවශ්‍යව තිබුන වෙලාවෙ බොහෝ රටවල් අපේ රටේ ඉල්ලීම් වලට පිටුපානකොට පකිස්තානය අපේ උදව්වට ආ මිතුරෙක්. ඒ මිතුරුකමට පිටුපාන්න නරකයි (නි)
සංජීව - හොරණ Wednesday, 16 September 2015 05:28 AM
යුද්ධය පැවති කාලසීමාවේදී අපහට උදව් කළේ පකිස්ථානය , චීනය , රුසියාව , ඉරානය වැනි රටවල් පමණි..(බ)
චමල් Wednesday, 16 September 2015 05:40 AM
පාකිස්ථානය සමඟ තිබෙන වැඩි සම්බන්ධතා එච්චර නුවණට හුරු නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
මහේෂ් Wednesday, 16 September 2015 05:55 AM
සිරාගේ අදහස තුළ කරුණු හරිහැටි දැන කතාකරන කිසිවෙකුට බිඳිය නොහැකි ඉතා ගැඹුරු සත්‍යයක් ඇත. එහෙත් ඔහුගේ අදහස, අප රටක් හැටියට (විශේෂයෙන් ඉන්දියාව ආසනයේ ඇති රටක් ලෙස ) අපගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර දේශපාලනයේදී අපට අවාසි වෙන තරමේ අදහසක් වන් අතර , මෙහිදී ලංකාවේ පැවැත්ම සඳහා වන හොඳම සංෂිප්ත අදහස පළවන්නේ ප්‍රභාත් කුලතුංග ගේ අදහස තුලිනි. (බ)
සේනාධීර - ලන්ඩන් Wednesday, 16 September 2015 06:07 AM
මෙතැන මිනිස්සු බටහිර රටවක් වලට යන්න බැරිවෙච්ච අමාරුවට ඒවට බනිනව, පව්..බටහිර රටවල් තමා ලංකාවට වැඩියෙන්ම ආධාර කෙළේ...වීසා දෙනව කිව්වොත් කට්ටිය දුවන්නෙම චීනෙට හෝ රුසියාවට නෙමේ බටහිරට (බ)
කුමාර් Wednesday, 16 September 2015 06:36 AM
නාමල්, අවුරුදු 30 යුද්ධයේදී අවංකව ලංකාවට උදව්කළේ පාකිස්ථානයත්, චීනයත්, ඊශ්‍රායලයත් පමණයි (නි)
නාමල් Wednesday, 16 September 2015 08:07 AM
අපට යුද්ධය කරන්න පකිස්තානය තරමටම ඉන්දියාවත් උදව් කළා... ඇමරිකාව හා යුරෝපය කොටි ත්‍රස්ත ලයිස්තුවට ඇතුලත් කරලා කොටි සාමාජිකයින් අත් අඩංගුවට ගත්තා... චීනය හා රුසියාව කළේ ආයුධ විකුනපු එක..(බ)