IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පකිස්ථාන මහකොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් අසීස්(Faheem Aziz) මහතා සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී  පකිස්ථානු මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාවය දීර්ඝකාලයක සිට පැවත එන්නක් බව සිහිපත් කළේය. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරතුරුව ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දෙන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

 ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට පකිස්ථානය ඉදිරිපත් වන බව පකිස්ථානු මහකොමසාරිස්වරයා මෙහිදී  සඳහන් කළේය.

ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහ කොමසාරිස්වරයා කෘෂිකාර්මික දැනුමෙන් ලාංකික තරුණයින් සවිබල ගැන්වීම සඳහා පකිස්ථානයට ශිෂ්‍යත්ව ලබා දිය හැකි බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා මෙන්ම පකිස්ථාන නියෝජිතයෝ  සහභාගී වූහ.



අදහස් (0)

පකිස්ථාන මහකොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 638 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 435 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site