
(නිමල කොඩිතුවක්කු)
ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම උදෙසා පාකිස්තාන අගමැති වරයා ගනුලබන උත්සාහයට සිය ප්‍රසාදය සහ කෘතවේදීත්වය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම ම්ලේච්ඡ ක්‍රියාව සිදුකළ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම ඛේදජනක සිදුවීම ව්‍යංගයෙන් හෝ සාධාරණීකරණය කිරීමට කටයුතු කරන පාකිස්තාන ආරක්ෂක ඇමතිවරයාට සිය විරෝධය පළ කරන බවත් ඔහු පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන මගින් අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88,89 කාලේ අපේ රටේ මෙවැනිම සාහසික අපරාධ කොතරම් නම් සිදුවුණාද? මරලා නොවෙයි, අමු අමුවේම පිච්චුවා. අහිංසක විශ්ව විද්‍යාල දරුවන් කීයක් නම් එහෙම ගිනි තිබ්බාද? ඒ කාලේ මම සේවය කලේ මොනරාගල, සියඹලාණ්ඩුව, ඇඹිලිපිටිය වැනි පළාත්වල. රට වටේම මම ඇවිදලා තියෙනවා. රාත්‍රී 10ට පමණ ගේන තරුණයින්ට අලුයම 2 පමණ වෙනකම් දසවද දීලා පණයන්න කලින් ගිණි තියනවා මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මොනවද මේ කිඹුල් කඳුළු...? අල්ලා ගත්තා නම් නීති විරෝධී වැඩකටයුතුවල යෙදුණා නම් කරන්න තියෙන්නේ රටේ නීතිය අනුව කටයුතු කරන එක. දැන් බොහෝ අයට ඒ අතීතය අමතක වෙලා. ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් අනවශ්‍ය ලකුණු දා ගන්න යන්න එපා. 88,89 කාලය මෙනෙහි කරන්න. කවුරු කළත් වරද වරදමයි. කෝ ඒවාට අස්ගිරි මහනායක හාමුදුරුවරු කථා කළාද? පාකිස්තාන අගමැතිතුමා හැකි උපරිම කණගාටුව සහ අවශ්‍ය නීතිමය රාජකාරීවලට මැදිහත් වෙලා අවසන්... ඒ වෙනුවෙන් ශෝක දිනයක්ද ප්‍රකාශ කළා. අපේ ලංකාවේ පණ පිටින්ම පුච්චල මරා දාපු කොල්ලන් වෙනුවෙන් කවුද කථා කලේ? වරදක් කලත් රජයකට එහෙම කරන්න අයිතියක් තියෙනවද? එහෙම මහමග පණපිටින්ම පුච්චන තරුණයින් සියයකට වඩා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒ ප්‍රේමදාස යුගයේදී...