ඉන්දියන් රුපියල් ලක්ෂ පහලොවක් ශරීරයේ සගවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු පකිස්ථානයේ කරච්චි නුවර පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 184 දරන ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.
රේගු නිලධාරීන්ට ලැබුන ඔත්තුවක් මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ටී. නන්දසිරි මහතාගේ් මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඉන්ද්‍රා උක්වත්ත, අචල චන්ද්‍රසේකර සහ නියෝජ්‍ය රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පකිස්තානුවාගෙ ඇඟ පුරාම සල්ලි
ශාන්ත හෝමාගම Thursday, 13 February 2014 04:39 PM
අපෝ පකිස්තාන් ගැන නම් කුමකට කතා , යන්නකෝ මැද පෙරදිග පැත්තට එයාලගේ හැටි බලාගන්න.(නදී)
ගාමිණී - සිරි Thursday, 13 February 2014 02:08 PM
මෙම පකිස්තාන් ගුවන් මගියා , කරච්චි ගුවන් තොටුපලේ නවීන උපකරණ තිබියදී , ගුවන් යානයට පිවිසීමට පෙර , කරනු ලබන පරීක්ෂණයන් වලදී හසු නොවුනේ මන්ද යන්න ගැන කුතුහලයක් මතුවෙනවා. (නදී)
රවී අබු ඩාබි Thursday, 13 February 2014 02:40 PM
සල්ලි අච්චු ගහන මැෂින් දැන් ඇගේ හයි කරන්ද? (නදී)
සුනිල් යහම්පත් Thursday, 13 February 2014 02:44 PM
පකිස්තාන් ගුවන් තොටුපළවල් අපේ ලංකාවේ තරම් දියුණු නැහැ . අනික් එක රුපියල් 250 පගාවට බෝම්බයක් හරි ගිනියන්න පුළුවන් පකිස්තානු රේගුව හරහා.(නදී)
අල්විස් Thursday, 13 February 2014 03:09 PM
එහෙදි අහු කර නො ගත්තා පමණයි. නමුත් ඔහු පිටුපසින් ගමනාන්තයට එහෙන්ම පණිවුඩය එවනවා. ඒකයි දැන් තියෙන ක්‍රමය. රට ගිහින් එන අයියලා එහෙන් යාන්තම් පැන්නාය කියා සැනසෙන්ට එපා. (නදී)
ශාන් Friday, 14 February 2014 02:09 AM
මේක වෙන ප්‍රෝඩාවක් වෙන්නත් පුළුවන්. එයත් එක්කම තව කීපදෙනක් කුඩු අරගෙන එන්නත් ඇති. මේ වගේ එකක් දෙකක් ඔත්තු දුන්නම රෙගු නිලදාරීන් ඒකට දුවනකොට අනිත් අයට ලේසියෙන් පැනගන්න පුළුවන්. කරුණාකර රෙගු නිලදාරීන් දැනුවත් කරන්න.(නදී)