ඉන්දියන් රුපියල් ලක්ෂ පහලොවක් ශරීරයේ සගවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු පකිස්ථානයේ කරච්චි නුවර පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 184 දරන ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.
රේගු නිලධාරීන්ට ලැබුන ඔත්තුවක් මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ටී. නන්දසිරි මහතාගේ් මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඉන්ද්‍රා උක්වත්ත, අචල චන්ද්‍රසේකර සහ නියෝජ්‍ය රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ පකිස්තාන් ගැන නම් කුමකට කතා , යන්නකෝ මැද පෙරදිග පැත්තට එයාලගේ හැටි බලාගන්න.(නදී)
මෙම පකිස්තාන් ගුවන් මගියා , කරච්චි ගුවන් තොටුපලේ නවීන උපකරණ තිබියදී , ගුවන් යානයට පිවිසීමට පෙර , කරනු ලබන පරීක්ෂණයන් වලදී හසු නොවුනේ මන්ද යන්න ගැන කුතුහලයක් මතුවෙනවා. (නදී)
සල්ලි අච්චු ගහන මැෂින් දැන් ඇගේ හයි කරන්ද? (නදී)
පකිස්තාන් ගුවන් තොටුපළවල් අපේ ලංකාවේ තරම් දියුණු නැහැ . අනික් එක රුපියල් 250 පගාවට බෝම්බයක් හරි ගිනියන්න පුළුවන් පකිස්තානු රේගුව හරහා.(නදී)
එහෙදි අහු කර නො ගත්තා පමණයි. නමුත් ඔහු පිටුපසින් ගමනාන්තයට එහෙන්ම පණිවුඩය එවනවා. ඒකයි දැන් තියෙන ක්‍රමය. රට ගිහින් එන අයියලා එහෙන් යාන්තම් පැන්නාය කියා සැනසෙන්ට එපා. (නදී)
මේක වෙන ප්‍රෝඩාවක් වෙන්නත් පුළුවන්. එයත් එක්කම තව කීපදෙනක් කුඩු අරගෙන එන්නත් ඇති. මේ වගේ එකක් දෙකක් ඔත්තු දුන්නම රෙගු නිලදාරීන් ඒකට දුවනකොට අනිත් අයට ලේසියෙන් පැනගන්න පුළුවන්. කරුණාකර රෙගු නිලදාරීන් දැනුවත් කරන්න.(නදී)