කොස්ලන්ද මීරිය බැද්ද වතු යායේ නාය යෑමට හසුවු පවුල් වලට සහන සැලසීම සඳහා පකිස්තාන රජයෙන් ප්‍රධානය කළ ඛෙහෙත් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ තොගයක් රැගත් පකිස්තාන් ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය අද සවස කටුනායක ගුවන් හමුදා යාත්‍රාංගනයෙන් දිවයිනට පැමිණියේය.
නාය යාමෙන් විපතට පත් වුවන්ට ඛෙදා දීමට සඳහා ගුවනින් ගෙන ආ ප්‍රථම විදේශ ආදාර තොගය මෙය වෙයි.
කිලෝවට් 5 දාරිතාවයෙන් යුතු ජෙනරේටර් 10 යක්, විශාල ප්‍රමාණයේ ටෙන්ට් රෙදි 150 ක් සහ කිලෝග්‍රෑම් 700 ක් බර ඛෙහෙත් ද්‍රව්‍ය එහි විය.
දිවයිනට ගෙන එනු ලැබු එම භාණ්ඩ තොගය ගුවන් හමුදා යාත්‍රාංගනයේදී ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කිව්රෙස්සි මහතා විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරලා් මහින්ද අඹන්පොළ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සහ මාල දිවයින් ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් ඛාන් මහතා ඇතුළු පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිළධාරීහු රැසක් සහභාගී වුහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභාෂිණී නෝනා කිවුව කතාවත් අපි සිතිය යුතු කාලයක් තමා දැන් (නි)
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
ඇත්තටම හොද වැඩක්.(හේ)
පකිස්තාන් හොද වැඩක්.. සුරන්ජිත් කියපු ඔක්කොම හරි.. ඔව්න් අපිට හැමදාම අත හිත දුන්න.. අපිට මුළු ලෝකෙම එකතු වෙලා ගහද්දි අපිට උදව් කලේ ඔබ.. ස්තුති පකිස්තාන්... චීනෙන් මොකුත් නැ වගේ (අ)
සුනාමි කාලේ වගේ වේවි ද ? හොටෙල් කීයක්නම් ගොඩ ගියද සුනාමියෙන්. ඒ අයනම් අයෙත් සුනාමියක් එනවනම් කැමති.(අ)
හුසේන් - තුවාන්, සමහරු අදහස් ලියන්නේ පුවතට අදාළ දේවල් නොවේ. තමන්ට සිතන දේවල්. මිනිසුන් හැටියට කළගුණ සළකා බහුතර පාඨකයින් ලියා තිබෙන අදහස් පමණක් කියවන්න. අනුන්ට ගරු කරන්න අන්‍යාගමට ගරුකරන්න අපි කාටත් කියලා දෙන්න බැහැනේ. එය අදහස් ලියන අයම දැනගන්න ඕනෑ. (නි)
ලැබුන උදව් අගය කරනවා.(හේ)
අමතක කරන්න එපා, අපේ අවසන් සටන් ඉවර වෙනකන් පකිස්ථාන රජය මාසෙට ආයුධ නැව් 3ක් එව්වා. ඉන්දියාව සතපහක උදව්වක් කරේ නැහැ, මේ සම්බන්දකම් රාජ්‍ය වශයෙන් හොඳට තියාගන්න. අපිට හැමදේටම උදව් කල රටක්.(අ)
අමිල ,චීන ආධාර අපිට නියම වෙලාවට ලැබුනා,එ්ක ලොකු දෙයක් චීනය රුසියාව වගේ රටවල් වලට අපි ස්තුති වෙන්න ඕනේ කාලයක් අපිව කොන් කරන්න හදන කොට එයාල තමා අපිත් එක්ක හිටියේ . (අ)
ජාති බේද ප්‍රශ්න ගැන නොසලකන්න හැමෝම මනුස්සයෝ ඔතනදි මරුනේ අසරණ වුනේ දෙමල ජාතිකයෝ එත් අපි වගේම මිනිස්සු අපේ රටට වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න නිසා කවමදාකවත් මනුස්සකම කියන දේ ඇති කර ගන්න බැරි වෙන එක විතරයි අපිත් මැරෙනවා දුකට පත් වෙනවා කෙනෙක් උදව් කරන විට අගය කරන්න අනවශ්‍ය ප්‍රශ්න මතු නොකර පකිස්ථාන ජාතියට අපි ස්තුති වන්ත වෙන්න ඕනා මේ වගේ සත් ක්‍රියාවකට අපට උදව් කලාට .(හේ)
මේක අගය කරන්න ඕන. අපි වෙනුවෙන් අනේ අපොයි කියාගෙන අසල්වැසියෙක් විදියට උදව අරගෙන දුවගෙන ආවානේ. (ර)
මේ ආධාර ඒ විදියටම ජනතාවට ලැබෙනවා නම් හොදයි.(හේ)
සහයෝගිතාව ගැන සතුටුයි.(හේ)
වඳ බෙහෙත් නෙමෙයි නේද.? (ර)
මේ ප්‍රතිලාභ ජනතාවට අද හෙටම දෙනවානම් හොදයි.(හේ)
අපිට කොහොමත් අත හිත දෙන්න ඉන්නේ අපේ අසල්වැසි රටවල් තමයි.විසේසයෙන් චීනය රුසියාව වැනි රටවල් ඇතුළු අනිකුත් ආසියාතික රටවලිනුත් ඕනෑම ආපදාවකදී අපිට පිහිට වෙන්න ඕනෑම වෙලාවක බැදී ඉන්නවා(අ)
අැත්තටම අගය කළ යුතු දෙයක්.මෙමගින් රටවල් අතර සහයෝගිතාව වර්ධනය වෙනවා.(හේ)
අයි මේ තරම් ආදරයක් .(හේ)
අසල්වැසියෝ ඕනේ තමයි. එත් මේ අසල්වැසිය නම් එච්චර ලං කර ගන්න හොඳ නැහැ. ලංකාව සහ මැදපෙරදිග විතරයි මෙයාලගෙන් ආනයනය කරන්නේ මොකද මේගොල්ලෝ කුඩු සමග ත්‍රස්තවාදය බෙදා හරින නිසා.(හේ)
කල්පනාවෙන් අධාර සමඟ කුඩු අරගෙන එන්න පුළුවන්. (ර)
පාකිස්තානයට අපගේ ආචාරය !!! (නි)
අමිල, හැමදෙයක් දෙසම ජාතිවාදී ඇසින් බලන්න එපා (නි)
කෝ ඉන්දියාව? මේ වතුවල ඉන්න සෙනග ඉන්දියානු සම්භවයකින් පැවෙතෙන ලංකාවේ සෙනග. ජයලලිතාට කරුනානිදිට නින්දගිහින් වගෙ. (දී)
ආපදාවට ලක් වූ ජනතාවට ලොකු සහනයක් වෙයි. මේකෙන් 100% ක්ම ඔවුන්ට ලැබුනොත් හොඳයි. බෙදිලා යනකොට ගෙනා ප්‍රමාණයෙන් බාගයක් ලැබෙයිද දන්නෙත් නැහැ. (නි)
අපේ හදවතින් සියලු පකිස්තාන් ජනතාවට ස්තුතියි! ඔබ රට ඇතුළේ ප්‍රශ්න රැසක් තියෙද්දී අපිට හැමදාම ඔබ අතදුන්නා. ජාත්‍යන්තරය අපිව දණගස්සන්න හදන වෙලාවෙත් ඔබ අප වෙනුවෙන් නැගිට්ටා. එය සැමදා අප හදවත් තුළ රැවුදෙනවා. ඔබ සැමට හැකි ඉක්මනින් සාමය උදාවේවා කියා පතමි! (නි)
මේ වගේ දේවල් අගය කරන්න පුළුවන් වෙන්නේ මානව හිතවාදීන්ට විතරයි. අපි කොයිතරම් නම් සමගියෙන්, සහයෝගයෙන් හිටියද? මගේ ලේ වරක් මම සිංහල මනුස්සයෙකුට පරිත්‍යාග කළා. ඒත් දැන්? කුහක දේශපාලනයක මහත! රටට ගිය කලක්! (නි)
මෙතනත් ජාති බේද? අනේ අප්පේ! (නි)
රට ඇතුළේ මිනිස්සු කරන මුදල් ආධාර නවත්වන්න පුලුවන් නම් හොඳයි (නි)
සුනාමිය කාලයේ ලැබුන ආධාර පිළිබඳවත් අපිට තවම මතකයි (නි)
දෙරට අතර සහයෝගීතාවය මෙයින් වර්ධනය වේවි (නි)
බඩු ටික හොඳට පරීක්‍ෂා කරලා ගත්තොත් තමා හොඳ. (ර)
මෙන්න නියම යාළුවො (නි)
අපේ අය කොච්චර බැන්නත් මුලින්ම උදව් කරන්නේ එයාලා තමයි..... (නි)
චීන ආධාර නැද්ද අපිට? (නි)