ඉස්ලාමීය සටන්කාමී සංවිධාන මර්දනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් මේ වනවිට තහනම් කරන ලද සටන්කාමී සංවිධානවල සාමාජිකයන් 44 දෙනකු පොලිස් භාරයට ගත් බවත් පාකිස්තානය අද (5) ප්‍රකාශ කළේය.
පොලිස් අත්අඩංගුවට පත්වූ පිරිස අතර ඉන්දීය හමුදා රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ගේ සමීප ඥාතීන් ද සිටින බව පාකිස්තානය සඳහන් කළේය.
පසුගිය මස 14 වැනිදා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40ක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
පාකිස්තානය ත්‍රස්තවාදී කණ්ඩායම් සහ සටන්කාමීන් මර්දනය කිරීමට කිසිවක් නොකරන බවට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල විය. පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය ගැන අනවබෝධයෙන් සිටිනා නාගරිකයින් නොවන පකිස්තානුවන්ගේ ආගම්වාදී ස්වරූපය වෙනස් කිරීමට වඩා බලු වලිගය කෙලින් කිරීම පහසුය. ත්‍රස්තයින් බුරුතු පිටින් බිහිවන්නේ ඔවුන්ගෙනි.
දැන් අපේ අන්තවාදී දේශපාලකයෝ පාකිස්තාන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝසන කරයි.
මර්දනය කියන්නේ මොකද්ද වඩාගෙන කිරි පොවන්නද ?
මේක ඇත්ත වශයෙන්ම කල හැකිනම් ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක්. අපි දන්නා හැටියට ඉස්ලාමීය රටවල ආගමික අන්තවාදීන් ත්රස්තයි බවට පත්වී ලෝක සාමයට ලොකු තර්ජනයක් එල්ල කරනවා, ඒ ඒ රාජ්‍යවලට උවමනා වුනත් ඔවුන්ව මර්දනය කරන්න බැරිවෙලා තියෙනවා. ඒ දෙය ඔබට කල හැකි නම් ලෝක සාමය සඳහා ඔබ කල මෙහෙය රන් අකුරෙන් ලියවේවි.
බැලුවා "කමින් කලර් ඉස් නො ගුඩ්" එන පාට (පොට) හොඳ නැහැ නැවත ඉන්දියාවෙන් ගුටි කන්න බැහැ ඒ නිසා ගුටිකන හේතුව නැති කරන්න හිතුවා. අන්න නියම ක්‍රමය.