ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරගයේදී පාකිස්තානු ක‍්‍රීඩකයෝ තරග වට 3.2 ක් ලෙස සත්කාරක ශ‍්‍රී ලංකා පිල පාරජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ දෙවැනි වටය වන ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් හෙට (05) ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ජය ලැබිය යුතුමය. මෙම තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් ආසියානු වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබයි.
පාකිස්තානු පිල පළමු වටය 25.14 ක් ලෙස ජය ලැබුව ද දෙවැනි සහ තෙවැනි වට 25.22 සහ 25.17 ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකා පිල 2.1 ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් විය. පාකිස්තානය සිවුවැනි වටය 25.17 ක් ලෙස ජය ලැබීමත් සමග වට 2.2 ක් ලෙස තරගය සම විය.
අවසන් වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පාකිස්තානු පිලට හොඳ සටනක් දුන්න ද පාකිස්තානු පිල ලකුණු 15.12 ක තියුණු ජයක් ලැබීය. පාකිස්තානු ක‍්‍රීඩකයන් උසින් සහ ශරීර ශක්තියන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් සිටීම මෙම ජයග‍්‍රහණයට ප‍්‍රධානතම සාධකය බවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් හොදට දැක්ක දෙයක් තමයි අපේ මොන ක්‍රීඩාවේ උනත් අපේ ක්‍රීඩකයෝ උසින් සහ ශරීර ශක්තියෙන් අඩුයි..මේකට විසදුමක් නැතුව අපිට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න බෑ...ඕනෑම ක්‍රීඩාවකට අඩුම තරමින් ආදී 6ක් වත් උස ය ඉන්න ඕන,ක්‍රිකට් වලටත් එහෙම තමා.අපි විස්සයි විස්ස තරග වලට හරියන ශක්තිමත් ක්‍රීඩකයන්ට ඉන්නේ මැතිව්ස් සහ තිසර විතරයි. (ස)
ඔක්කාරෙට එනවා වගෙයි (නි)