පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රි) පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
පාකිස්තානය ලකුණු 135 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 34.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 42 කදී කඩුලූ 8 ක් දැවී 135 (ළහිරු තිරිමාන්න නොදැවී 42, තිසර පෙරේරා 17, නුවන් කුලසේකර 18, උමාර් ගුල් 24/3, මොහොමඞ් සමී 19/3, මොහොමඞ් හෆීෂ් 20/2)
පාකිස්තානය ඕවර 34.1 කදී කඩුලූ 4 ක් දැවී 135 (මොහොමඞ් හෆීෂ් 37, මිල්බා උල් හක් 30, උමාර් අක්මාල් නොදැවී 36)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගක්කාර හා මැතිව් ටෙස් තරඟ වලට විතරක් සීමාකරන්න..දිල්ෂාන් මුලින් ලකුණු 60 ක්70 ක් ගැහුවේ නැත්නම් තරඟයක් දිනන්නේ කලාතුරකින්...
පළමු පෙළ පිතිකරුවන් සෙල්ලම් කරන්නේ පාසල් කණ්ඩායමක වගෙයි
අර්ජුන තමයි මම දැකපු හොදම නායකයා,, දෙන් ඉන්න අය සල්ලි වලට මැච් ගහන අයනේ.. අයියෝ ලංකාවේ ක්රිකට්..
හැමදාම පරදින්නේ ඇයි?? අයි ඩොන්ට් නෝ වයි...??
දිල්ශාන් තරඟයට ආවත් ගහන්නේ නෑ.
පළමු පෙළ පිතිකරුවෝ ටික අසාර්ථකයි... ඒත් අපිට තව අවස්ථා තියෙනවා.. මහේල ආරම්භක පිතිකරුවෙක් විදියට ඒන්නේ නැතිව උපුල් තරංග දාන්න ඕන. ඩිල්ෂාන් ඕනවට ඒපාවට සෙල්ලම් කරනවා වගෙයි..
ටොස් එකේ වැරැද්ද තමයි හේතුව
SLCB එක කරුණාකරලා අලුත් ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් දිය යුතුයි
ඊළඟ මැච් එක බලමු.....මහේල ගහමු.......
කෝ අපේ සිංහයෝ....
අප රට වෙනුවෙන් නොව මුදලට ක්‍රිකට් ගසන්නෙමු
පිතිකරුවන් පන්දුවට පහර දෙන්නේ හරියට පන්දුව එක්ක තරහින් වගේ...ප්‍රතිඵලය පරාජය තමයි....
තව ටිකක් ගෙවන ගාන වැඩිකරල බලමුද ??
ගහයිද ????.......
මෙ IPL සෙල්ලම් කරන ඔක්කොම team එකෙන් අයින් කරන්න තියෙන්නෙ. එතකොට වත් අපිට හරියට match එකක් බැලුවහැකි.
අනුශූරයා ......විලි ලැජ්ජාවේ බෑ... ?
අපරාදේ මම නිවාඩුවකුත් දාගෙන මැච් එක බැලුවේ.ඒ සල්ලි වලින් බල්ලන්ට ෆයිඩ් රයිස් අරන් දෙන්න තිබුණා
මැච් එකක් පරාදවුණා කියල ඔහොම කියන්න එපා....
ක්රිකට් බැලීමත් ඒපා කරවනවා
මේක පුදුම ලෝකයක්නේ.දිනන්නමයි ඕනි.ඉතිං ඔය පාකිස්ථානය දිනුවේ.රට ගැනම හිතලා ක්‍රිකට් ගහන්න බෑ
ලංකාවේ සේරම එකයි. තණතීරු හදන අයට තේරෙන්නේ නැ කොහොමද ODI match එකකට තණතීරුව හදන්නේ කියල. මැච් එපා කරනව මුන්. අපේ වුන් දැන් over 50ක් තිබුනත් ගහන්නේ over 20කට ගහන 150, 160,නැත්නම් අමාරුම අවස්තාවක ගහන 120, 130ක් වගේ ගානක් තමයි. ඇත්තමයි මේ ගැන මෑතකදි තරග දිහ බැලුවම ඔන පොඩි එකෙක්ට තේරෙනවනේ.20-20 මැට්ච් වලට අපිත් ආසයි තමයි ඒත් අපේ ක්‍රිකට් වලට මෑතකදි වෙලා තියෙන දේවල් දැක්කම ඒකත් දැන් එපා වෙලා යනවා.තව දෙයක් තියෙනවා, මේ සේරම අපේ රටට වෙන්න තවත් හේතුවක් තියෙනවා, එක තමයි අලුත් නිති ගෙනාව දවසේ ඉදලා අපේ අයට එකට හුරු වෙන්න බැරි වූනා තවමත්. පරන බෝලෙන් වැඩ ගත්ත මාලිංගට යන එනමක් නැති වෙන්න දැන් ගහනවා,අලුත් බෝලෙන් හොදට බෝල් කරන්න වගෙම හොදට බැට් කරන කොල්ලෙක් හදන්න ඔනේ. අනිත් එක 3rd power play වලට හොදම average තිබුන අපේ අයට. දැන් over 40ට කලින් 3rd power play ගන්න ඕන කියන අලුත් නීතිය අවම ඒක හරි හැටි පාලනය කරගන්න බැරිව නිකරුනේ කඩුලු ටික යනවා. අන්තිමට over 40 -50 වෙනකන් තියෙන over 10 ගහන්න කෙනෙකුත් නෑ. මේවා හරියට තේරුම් අරගෙන, මේවාට පිලියමක් දැන්ම යෙදුවොත් නැවතත් යතා තත්වයට පත්වෙයි කියලා මම හිතනවා. IPL ගැන ක්‍රිඩකයන් විදියට ඔවුන් හිතලා තීරනයක් ගන්න ඔනේ. මොකද ඒකෙන් රටට වෙන හානිය ගැන ඔවුත් හිතන්න ඕනේ.
තව ටික දවසකින් ක්‍රිකට් ඉතිහාසයට පමණක් වෙයි....
හූනා කිව්ව වගේ කියන්නම් ... ශුවර් පරාදවෙනවා.....
අපරාදේ නිදි මරාගෙන මැච් එක බැලුවේ.මට දැන් ඔෆිස් එකෙත් නින්ද යනවා
ඕක තමයි අපි කිවුවේ එල්ලේ ගහමු කියලා
පාකිස්තානු කොල්ලෝ ටික දැක්කමත් අපේ කන්ඩායම මානසිකව වැටෙනවා
දැන් ඉතිං මහේල මොනව හරි කියන්නේ නැතෑ