සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්වු දෙවනි තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනිමට පාකිස්තාන පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 20 තුළදී කඩුලූ 6 දැවී ලකුණු 122 රැස් කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 19.2 තුළදී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 99 පමණි.
පාකිස්තාන පිලට ලකුණු අවශ්‍යම මොහොතේ ක‍්‍රීයාත්මකවු සහීඞ් අෆ්රීඩි පන්දු 33 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ලබා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් පන්දු වාර 4 කදී ලකුණු 17 කට කඩුලූ 02 ක් බිද හෙළිමටද සමත් විය. අවසන් තරගයේ වීරයා ලෙස සහීඞ් අෆ්රීඩිද තරගාවලියේ වීරයා ලෙස සොහේල් තන්වීර් සම්මාන දීනා ගත්හ.
මෙම තරගයට ශ්‍රී ලංකා නිත්‍යය නායක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ක‍්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කණ්ඩායමට කැධවනු ලැබිය. මේම තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරු පළමු තරගය වන අතර ශ්‍රී ලංකාවෙන් බිහි වු දෙවන ලාබාලතම නායකයාද වේ. කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 20 සීමාව පසුකර යැමට සමත් නොවිය.
පාකිස්තාන පිල ඕවර 20 කඩුලූ 6 දැවී 122 ( මොහොමඞ් හෆීස් 24, ෂොයිබ් මලික් 27, සහීඞ් අෆ්රීඩි නොදැවී 52, නුවන් කුලසේකර 13/2, කෞෂල්‍ය ලොකුආරච්චි 31/2)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කඩුලූ 7 දැවී 132 ( ටී. එම්. ඩිල්ෂාන් 18, චාමර කපුගෙදර 19, ළහිරු තිරිමාන්න 18, සොහේල් තන්වීර් 15/1, මොහොමඞ් සමී 15/3, සහීඞ් අෆ්රීඩි 17/2, යසිර් අර්ෆත් 17/2)
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි
දමිත් Tuesday, 05 June 2012 07:53 AM
පොඩි එකෙක්ට දුන්නත් මේ ළකුණු ටික ගහයි
දිල්ශාන් Tuesday, 05 June 2012 05:54 PM
යෙෂාන් මහතා, ඔයාගෙ කතාව නිකං නටන්න බැරි මිනිහට පොලව ඇදයි කිව්ව වගේනෙ...
sss Monday, 04 June 2012 09:11 AM
ඇත්තටම මේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න පුළුවන්ද?
සිසිර Monday, 04 June 2012 09:12 AM
මම හිතන්නේ පාකිස්තානයට දිනන්න දුන්නා කියලා
ලසාන් Wednesday, 06 June 2012 07:14 PM
මම පලමු තරගයට දාපු කමෙන්ට් එක මේනක, ඉතාලි කියලා මේකෙ දාලා මේක හරි අසාධාරනයි
යේෂාන් Monday, 04 June 2012 12:01 PM
කාසියේ වාසිය දිනපු පිල තරගයත් ජය ගන්නවා.. එකයි වෙනස.. ලංකාවේ පිට්ටනි නම් අන්තිමයි..
මේනක, ඉතාලි Monday, 04 June 2012 03:44 PM
ලංකාවෙ තණතීරු සකස් කිරීම අන්තිමයි . ඉදිරි ලෝක කුසලානයේදීත් නියමිත ප‍්‍රමිතියට තණතීරු සකස් නොකලහොත් ලංකාව දැඩි දෝෂ දර්ශණයකට ලක්වේවි. අවම වශයෙන් ලකුණු 150 ක් වත් ලබා ගත හැකි තණතීරු සකස් කල යුතුය.
ධනුශ්ක Thursday, 07 June 2012 10:26 AM
මේක පැරදුනාට ගනන් ගන්න එපා....අපේ අය හොඳට සෙල්ලම් කරා.....
ජගත් Monday, 04 June 2012 04:09 PM
මම මේකෙනුයි දන්නේ මෙහේ මැච් එකක් තිබුණ බව..
කපිල Tuesday, 05 June 2012 12:38 PM
දිනන දාට කොල්ලෝ මල් මාල දානවා.... එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ.. මොකද්ද මේ කලේ අහනවා......
යේෂාන් Tuesday, 05 June 2012 10:53 PM
දිල්ශාන් මහතා, අන්තිමට තිබුන තරග 2 බලපු ඕනෑම පොඩි එකෙකුට උනත් මම කියපු දේ තේරෙනවා.. 122ක් කියන්නේ දිනන්න පුළුවන් ගණක උනාට ලංකාවේ හම්බන්තොට අමාරුයි.
ගාමිණී Monday, 04 June 2012 05:46 PM
ප්‍රේමදාස පිටියේ ගහන්න හරිම ලේසියි. ලකුණුත් ඕනෑතරම්. රාජපක්ෂ පිටියේ ගහන්න හරිම අමාරුයි. ලකුණු ඇත්තේම නෑ. හැබැටම මොකක්ද මේ වෙනස.
බණ්ඩා Tuesday, 05 June 2012 12:59 PM
දැන්ද පුහුණුවෙන්නෙ...
සදුන් Tuesday, 05 June 2012 02:54 PM
අනාගතේ ගැන හිතල නම්කළ කණ්ඩායමක් නිසා පැරදුනාට මොකද ප්‍රතිඵල අනාගතේදී ලැබෙයි. අපේ කණ්ඩායමට ජය....
පියුමාල් Tuesday, 05 June 2012 02:20 PM
මාත් මුලින්ම මෙකෙන් තමයි දැනගත්තේ. එල එල ලංකාදිප.
ෂෙරීෆ් Monday, 04 June 2012 12:23 AM
අපේ කණ්ඩායමට තුන් ඉරියවු ක්‍රීඩකයෝ වැඩි වෙලානේ.ඒකයි
විනීත් Sunday, 03 June 2012 11:52 PM
ළදරුවොද මන්දා.ලැජ්ජාවේ බෑ