IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි

(යොහාන් භාසුර)

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

පාකිස්තානු ජාතික පිරිමි රැඳවියන් 51ක් සහ කාන්තා රැඳවියන් 5ක් එම රැඳවියන් 56 ට ඇතුළත් වූ බවත් අදාල  රැඳවියන්ගේ සිර දඬුවම සිය මව් රටේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වන බවත් දිසානායක මහතා කීය.

මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් මාරුකළ පළමු අවස්ථාව  මෙය බවද ඒ මහතා සඳහන් කළේය.

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමේ 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ එම පාකිස්තාන ජාතික සිරකරුවන් 56  පාකිස්තානය වෙත යොමු කළ බවත් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි පාකිස්තානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64 ක් භාරයේ අදාළ රඳවියන් පිටත් කර හැරි බවත් ඒ මහතා කීය.

මෙම රැඳවියන් වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ආරක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර නිළධාරීන් හා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිළධාරීන් 47ක යුතු කණ්ඩායමක් යෙදවූ බව කී ඒ මහතා අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා පාකිස්තාන තානාපති කාර්යාලයේ මැදිහත්ව මෙම සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ බව ද සදහන් කළේය. 



අදහස් (0)

පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site