ශ්‍රී ලංකා පකිස්තාන් ගිවිසුම් අනුව ජේ එෆ් 17 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා මිලදී ගැනීමට තීන්දුවක් ගෙන නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී යැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

මෙවැනි ප්‍රහාරක ගුවන් යානා වල අවශ්‍යතාවයක් තිබේ නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව විනිවිදභාවයකින් යුතුව එම ගනුදෙනු සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක ද එම පුවත්පතට කියා ඇත.

එහෙත් හින්දු පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දියා ආණ්ඩුවෙන් දැඩි බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බවයි.

පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මෙම ගනුදෙනුව ස්ථිර බවයි.

1828528