IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාකිස්තාන අගමැති දිවුරුම් උළෙලට යයි

ඉන්දියාව හා පාකිස්තානය අතර නව සබඳතාවකට මුලපුරමින් පාකිස්තාන අගමැති නවාෂ් ෂෙරීෆ් ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමේ උත්සවයට ලබන සඳුදා සහභාගී වෙයි.

පාකිස්තාන විදේශ ඇමැති සමග ෂෙරීෆ් මහතා ඉන්දියාවට යන අතර ඉන්දියා නව රජය සමග අලුත් සබඳතා ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

මෙය දෙරට අතර ඓතිහාසික සබඳතාවකට මුලපිරීමක් ලෙස දෙරටේ දේශපාලන විචාරකයෝ හඳුන්වති.

නවාෂ් ෂෙරීෆ් මේ උත්සවයට සහභාගී වන්නේ ද දින කිහිපයක් දෙරට අතර දෙගිඩියාවෙන් පැවැතිණි



අදහස් (0)

පාකිස්තාන අගමැති දිවුරුම් උළෙලට යයි

රජින්ද Saturday, 24 May 2014 01:49 PM

බටහිරකරණයට එරෙහිව ආසියා කළාපය පෙරටම. (අ)

:       0       0

ද සිල්වා Saturday, 24 May 2014 02:35 PM

ඇමරිකාවේ බලපෑම් අඩුකිරීමට හොඳම තීරණය ආසියාවේ අපි ඔක්කොම රටවල් එකට සිටිය යුතුය යුරෝපය වගේ (අ)

:       0       0

පිටගල Saturday, 24 May 2014 02:40 PM

ඉතාම කාලෝචිත උසස් තීරණයක්. (අ)

:       0       0

කුමාර Saturday, 24 May 2014 02:51 PM

සියලු ආසියානුවන් එකට එකතුවිය යුතුයි. ත්‍රස්තවාදය, මත්කුඩු , දුප්පත් කම ට එරෙහිව සටන්කළ යුතුයි . මෝදි ඔබගේ ඉදිරි ගමනට ජයෙන් ජය ! (අ)

:       0       0

සුරංග මුදියන්සේ Saturday, 24 May 2014 03:05 PM

අපේ ජනපතිතුමාට මේය සදහා මැදිහත් වී දකුණු අසයාතික කලාපය බටහිර අතපෙවීම් වලින් ගැලව ගැනීමට හොඳඩ අවස්ථාවක්. (අ)

:       0       0

ජයසිරි Saturday, 24 May 2014 03:27 PM

අනේ හොදයි -කුමාර ඔබ හරි (අ)

:       0       0

ගිහාන් Saturday, 24 May 2014 03:28 PM

ඒ ගමනේදී, අපේ අසහාය නායකයාණන් අතිගරු ජනාධිපතිතුමාද හමුවෙනවා. අපේ නායකයා චීනයේදී "ආසියානු කලාපයේ රටවල ආරක්ෂාව සඳහා සංවිධානයක් " ඇරඹිය යුතුයි කියල යෝජනාවකුත් කළා. ඒ ගැනත් සාකච්චාවෙයි නේ. (අ)

:       0       0

විධුෂක Saturday, 24 May 2014 04:22 PM

මේ කලාපයට දැන් නම් වසන්තය උදාවෙලා වාගේ!!! වාසනාවයි.මේ පසුබිම සකස් කරදුන් සහෝදර ඉන්දීය ඡන්දදායක යන්ට ප්‍රණාමය!!! (ස)

:       0       0

රොහාන් සෞදි Saturday, 24 May 2014 05:00 PM

බොහොම හොද දෙයක් අසල්වැසිය සමග සුහදව හිදිමු (අ)

:       0       0

අර්නස්ට් Saturday, 24 May 2014 05:59 PM

කුමාර ඹබ හරියටම හරි (අ)

:       0       0

හංසි Saturday, 24 May 2014 06:05 PM

2015 දී නම් ෂුවර් එකටම ජිනීවා කොමිෂමේ ඡන්දෙදි ඉන්දියාව ලංකාවට පක්ෂව තමයි ඡන්දෙ දෙන්නේ. (අ)

:       0       0

ජගත් Saturday, 24 May 2014 08:50 PM

ඉතා හොඳ දෙයක්. සාර්ක් රටවල් එකමුතු වීම අපිට හරිම සතුටක්. (නි)

:       0       0

හිල්මි Sunday, 25 May 2014 06:00 PM

සමුද්‍ර ලංකා ඔබේ අදහස ඇමරිකාවේ සංකල්පයක්. ඕක ඉන්දියාවට සහ පකිස්තානයට ගැලපෙන්නේ නැහැ. තවද ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. කරුණාකර ඔබේ ආකල්ප වෙනස් කරගන්න. (ස්තුතියි). (ස)

:       0       0

අහිංසා Saturday, 24 May 2014 10:42 PM

කලාපයේ සහයෝගිතාවය වර්ධනය වීමට හොඳම අවස්ථාවක් මේ උත්සවය.හැබැයි මෙතනදී මම චුටි ඉඟියක් දෙන්නම්.මෝදි ගැන එයාගේ අතීතය ගැන දැන් ඔයගොල්ල හොඳට අහලා ඇති.ඔය මෝදි පිටිපස්සේ වැටිලා ඉන්න දැවැන්ත සෙවනැල්ලක් තියෙනවා.ඒ තමා ඇමරිකාවේ නාසා වැනි දැවැන්ත ආයතනවල සේවයකරන බ්‍රාහ්මණ වංශික උගතුන්.ඒ අය තමා ඇමරිකාවයි - ඉන්දියාවයි අතරේ නව සම්බන්දයක් ගොඩනැගුවේ.දැන් ඇමරිකාව මෝදි ගේ පරණ මානවහිමිකම් කඩකිරීම් වැනි ප්‍රශ්න අමතකකරලා එයාට විසා නිකුත්කරන්න තීරණය කළා.මේක ඇමරිකාවට විශාල වාසි ගෙනදෙන තීරණයක්.ඉන්දියාව කියන්නේ අතිවිශාල වෙළඳපොළක්.මෝදි නොකියා කියලා තියෙනවා එයා ඇමරිකානු ආයෝජකයන්ට රටේ දොරටු අරිනවා කියලා.එහෙම වුනොත් මෝදි ගේ පත්වීම ඉන්දියාවේ හැරවුම් ලක්ෂයක් වේවි.කාලයට ඉඩදීලා අපි බලාගෙන ඉමු..(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 25 May 2014 03:11 AM

රජින්ද, ද සිල්වා , පිටගල ,කුමාර ,විධුෂක , රොහාන් සෞදි යන අයගේ අදහස්වලට මමත් එකඟ වෙමි. සාක් කලාපයේ රටවල් එකට එකතුවීම කලාපයට හොඳයි (නි)

:       0       0

සමුද්‍ර ලංකා Sunday, 25 May 2014 03:49 AM

ඉන්දියාව සහ පකිස්තානය එකිනෙකාට එදිරිවාදීව ඉන්නා තුරා ලංකාවට සුභදායක වේ. අපට වෙන ඉන්දියාවේ කෙනෙහෙළිකම් නවතීවි යයි සිතිය නොහැක. පකිස්ථානය අපේ අසල්වැසියා සමඟ අමනාපෙන් සිටින විට එහි වාසිය අපට හිමි වේ. (නි)

:       0       0

තාරක Sunday, 25 May 2014 04:30 AM

කුමාර , ඒක වෙන එකක් නැහැ කවදාවත් (නි)

:       0       0

සමුද්‍රලංකා Sunday, 25 May 2014 09:39 PM

හිල්මි, හිසරදේට කොට්ටේ මාරු කලාට හිසරදය සුව වේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site