ඉන්දියාව හා පාකිස්තානය අතර නව සබඳතාවකට මුලපුරමින් පාකිස්තාන අගමැති නවාෂ් ෂෙරීෆ් ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමේ උත්සවයට ලබන සඳුදා සහභාගී වෙයි.
පාකිස්තාන විදේශ ඇමැති සමග ෂෙරීෆ් මහතා ඉන්දියාවට යන අතර ඉන්දියා නව රජය සමග අලුත් සබඳතා ගැන සාකච්ඡා කිරීමට නියමිතය.
මෙය දෙරට අතර ඓතිහාසික සබඳතාවකට මුලපිරීමක් ලෙස දෙරටේ දේශපාලන විචාරකයෝ හඳුන්වති.
නවාෂ් ෂෙරීෆ් මේ උත්සවයට සහභාගී වන්නේ ද දින කිහිපයක් දෙරට අතර දෙගිඩියාවෙන් පැවැතිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිරකරණයට එරෙහිව ආසියා කළාපය පෙරටම. (අ)
ඇමරිකාවේ බලපෑම් අඩුකිරීමට හොඳම තීරණය ආසියාවේ අපි ඔක්කොම රටවල් එකට සිටිය යුතුය යුරෝපය වගේ (අ)
ඉතාම කාලෝචිත උසස් තීරණයක්. (අ)
සියලු ආසියානුවන් එකට එකතුවිය යුතුයි. ත්‍රස්තවාදය, මත්කුඩු , දුප්පත් කම ට එරෙහිව සටන්කළ යුතුයි . මෝදි ඔබගේ ඉදිරි ගමනට ජයෙන් ජය ! (අ)
අපේ ජනපතිතුමාට මේය සදහා මැදිහත් වී දකුණු අසයාතික කලාපය බටහිර අතපෙවීම් වලින් ගැලව ගැනීමට හොඳඩ අවස්ථාවක්. (අ)
අනේ හොදයි -කුමාර ඔබ හරි (අ)
ඒ ගමනේදී, අපේ අසහාය නායකයාණන් අතිගරු ජනාධිපතිතුමාද හමුවෙනවා. අපේ නායකයා චීනයේදී "ආසියානු කලාපයේ රටවල ආරක්ෂාව සඳහා සංවිධානයක් " ඇරඹිය යුතුයි කියල යෝජනාවකුත් කළා. ඒ ගැනත් සාකච්චාවෙයි නේ. (අ)
මේ කලාපයට දැන් නම් වසන්තය උදාවෙලා වාගේ!!! වාසනාවයි.මේ පසුබිම සකස් කරදුන් සහෝදර ඉන්දීය ඡන්දදායක යන්ට ප්‍රණාමය!!! (ස)
බොහොම හොද දෙයක් අසල්වැසිය සමග සුහදව හිදිමු (අ)
කුමාර ඹබ හරියටම හරි (අ)
2015 දී නම් ෂුවර් එකටම ජිනීවා කොමිෂමේ ඡන්දෙදි ඉන්දියාව ලංකාවට පක්ෂව තමයි ඡන්දෙ දෙන්නේ. (අ)
ඉතා හොඳ දෙයක්. සාර්ක් රටවල් එකමුතු වීම අපිට හරිම සතුටක්. (නි)
සමුද්‍ර ලංකා ඔබේ අදහස ඇමරිකාවේ සංකල්පයක්. ඕක ඉන්දියාවට සහ පකිස්තානයට ගැලපෙන්නේ නැහැ. තවද ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. කරුණාකර ඔබේ ආකල්ප වෙනස් කරගන්න. (ස්තුතියි). (ස)
කලාපයේ සහයෝගිතාවය වර්ධනය වීමට හොඳම අවස්ථාවක් මේ උත්සවය.හැබැයි මෙතනදී මම චුටි ඉඟියක් දෙන්නම්.මෝදි ගැන එයාගේ අතීතය ගැන දැන් ඔයගොල්ල හොඳට අහලා ඇති.ඔය මෝදි පිටිපස්සේ වැටිලා ඉන්න දැවැන්ත සෙවනැල්ලක් තියෙනවා.ඒ තමා ඇමරිකාවේ නාසා වැනි දැවැන්ත ආයතනවල සේවයකරන බ්‍රාහ්මණ වංශික උගතුන්.ඒ අය තමා ඇමරිකාවයි - ඉන්දියාවයි අතරේ නව සම්බන්දයක් ගොඩනැගුවේ.දැන් ඇමරිකාව මෝදි ගේ පරණ මානවහිමිකම් කඩකිරීම් වැනි ප්‍රශ්න අමතකකරලා එයාට විසා නිකුත්කරන්න තීරණය කළා.මේක ඇමරිකාවට විශාල වාසි ගෙනදෙන තීරණයක්.ඉන්දියාව කියන්නේ අතිවිශාල වෙළඳපොළක්.මෝදි නොකියා කියලා තියෙනවා එයා ඇමරිකානු ආයෝජකයන්ට රටේ දොරටු අරිනවා කියලා.එහෙම වුනොත් මෝදි ගේ පත්වීම ඉන්දියාවේ හැරවුම් ලක්ෂයක් වේවි.කාලයට ඉඩදීලා අපි බලාගෙන ඉමු..(අ)
රජින්ද, ද සිල්වා , පිටගල ,කුමාර ,විධුෂක , රොහාන් සෞදි යන අයගේ අදහස්වලට මමත් එකඟ වෙමි. සාක් කලාපයේ රටවල් එකට එකතුවීම කලාපයට හොඳයි (නි)
ඉන්දියාව සහ පකිස්තානය එකිනෙකාට එදිරිවාදීව ඉන්නා තුරා ලංකාවට සුභදායක වේ. අපට වෙන ඉන්දියාවේ කෙනෙහෙළිකම් නවතීවි යයි සිතිය නොහැක. පකිස්ථානය අපේ අසල්වැසියා සමඟ අමනාපෙන් සිටින විට එහි වාසිය අපට හිමි වේ. (නි)
කුමාර , ඒක වෙන එකක් නැහැ කවදාවත් (නි)
හිල්මි, හිසරදේට කොට්ටේ මාරු කලාට හිසරදය සුව වේද? (ස)