ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය කුමන දේවල් කිව්වද පක්ෂයක් ලෙස විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ට කළ හැකි සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (22) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත්වී නැති ප්‍රශ්න ඇතිකිරීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී පැවසීය. රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් දැනට ජීවත්වන නාවික හමුදා නිවස්නයෙන් ඔවුන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ සහ එම පවුලේ අය එක්ව සාකච්ඡා කර කාලය දීර්ඝ කරගත් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.
රෝහණ විජේවීර මහතාගේ දරුවන් නිතර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට පැමිණෙන බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පක්ෂය හැකි අයුරින් වියදම් දරන බවත් පැවසූ ඒ මහතා ඔවුන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කළ කටයුතු එකින් එක කීමට අවශ්‍ය නොමැති බවත් විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් පාරට ඇද වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් පැවසීය.
චිත්‍රාංගනී විජේවීර මහත්මිය ඇතුළු පවුලේ අයට නව නිවසක් සාදා දීමට රුපියල් කෝටි ගණනින් අරමුදල් පක්ෂයට නැතත් දැනට වෙසෙන ස්ථානයේ කාලය දීර්ඝ කරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සෑම විටකම පෙනී සිටින බවත් විජිත හේරත් මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (ම)
තාප්පවල පාප්ප ගාන සාමාජිකයෝ දහ පහළොවක් එකතු කර ගත්තනම් ගෙයක් හදන්න කෝටි ගනනක් යන්න හේතුවක් නැහැ. කෝටි ගානක් වටිනා ගෙයක් මේගොල්ල ඉල්ලන එකකුත් නැහැ. මොකද සමජවාදේ නොදන්නා අය නෙමෙයිනේ.(හේ)
අනේ ඇත්ත නේද කතාව පක්ෂෙට මුදල් කොහෙන්ද ,,, , හිනා, හිනා, වෙන්න හිනා බඩ අල්ලාගෙන වෙන්න හිනා කියන කතා වලට අනේ වෙන්න හිනා (බ)
අපි දන්නවනේ මෙයාලගේ හැටි. ඒ මහත්මියට පිස්සු වෙන්න ඕනේ එහෙනම් එහෙම කියන්න. අපි නොදන්නා ජවීපෙ (බ)
මතක තියාගනිල්ලා භීෂණ සමයේ ජීවිත අහිමිවූවන් කොච්චරද?ඒවා ගැනත් බැලුව නම් තමයි සමාජවාදය කියන් වදන ඇත්ත වෙන්නේ.නැතිව විජේවීර පවුල පමණක් නොවේ දුක් වින්දේ (බ)
මේ චිත්‍රාංගනී විජේවීර මහත්මියවනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න තිබුනේ..ජනතාව ප්‍රතික්ෂේප කරපු උන් යවන්නේ නැතිව...එහෙම උනා නම් අපි වගේ මිනිස්සුත් ජවිපෙ ට ඡන්දෙ දෙයි (බ)
එතකොට ජනතා විමුක්ති පෙරමුණ විජේවීර හදපු එකේ වරදට ඒ ගෑනියි ළමයිනුයි හැමදාම නාවික කඳවුර ඇතුලේ ඉන්න ඕනේ. ඒ මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයක් ඕනේ නැහැ. තොපිට විතරයි සැප . හෙන ගහන්න ඕනේ මුන්ට. මුන්ද ඉතින් රට හදන්න යන්නේ. (බ)