ජාතිය, පක්ෂය හෝ කුලය නොතකා නියම සුදුස්සාට ඡන්දය දෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති කීහ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු වී පැයක සාකච්ඡාවකින් පසු සෝභිත හිමියන් පැවසුවේ මෙවර ඡන්දයේ ලොකු වෙනසක් දක්නට ඇති බවයි.

‘රටක ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියක් පවා යළි යළි විනාශනය කිරීම නතර කිරීමට හැකි වීම නිදසුනක්. මීට පෙර ඡන්දවලදි එහෙම සිදු වුණේ නෑ. ඒක පාර්ශ්විකව ප්‍රචාරක කටයුතු කළ බව කවුරුත් දන්නවා. ‘

එය ඉතා යහපත් ප්‍රවනතාවක් බව ද, මැතිවරණ කොමසාරිස් නීතිය රකිමින් මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයට ඡන්ද දායකයන් ද සහාය දිය යුතු බව ද ඒ හිමියෝ කීහ.

‘ඡන්ද පොළය යන්නැයි හැම කෙනකුගෙන්ම මා ඉල්ලනවා. ඡන්ද දායකයාගේ එකම යුතුකම එයයි.‘

_DSC0148 _DSC0164 _DSC0168 _DSC0170 01(1)