ඉදිරියේදී දැවැන්තම ශක්තිමත්ම සන්ධානය ගොඩනගන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී   පැවැසීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වන බවද මහින්ද අමරවීර මහතා එහිදි කීවේය. 

උතුරේ හෝ දකුණේ හෝ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්තිවලට එකඟ ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා පවත්වන බවත් දැනටමත් එලෙස පක්ෂ කිහිපයක් සමඟම සාකච්ඡා පවත්වා ඇති බවත් අමාත්‍ය අමරවීර මහතා එහිදි කීවේය. 

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගෙන නැතැයි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරදක් තිබෙනවා ඊට චෝදනා කරන විමල් වීරවංශ මහතා මුලින්ම චෝදනා කළ යුත්තේ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ට බවත් අමරවීර මහතා මාධ්‍ය හමුවේදී කීවේය. 

පක්ෂ කඩන්න හදන්නේ කවුද, ඩීල් ගහන්නේ කවුදැය නුදුරේදීම හෙළි කරන බව ද ඔහු පැවැසීය.

 

DSC_2670 DSC_2631 DSC_2647